
(ජේ ඒ එල් ජයසිංහ සහ චන්දන උඩුවාවල)
මහනුවර ව්‍යෛවරුන් කණ්ඩායමක් ඇතුළු විද්වතුන් එක්ව නව ක්‍රමයක් නීතී ගරුක රටක් යන තේමාව මූලික කරගනිමින් ‘‘අපේ සන්ධානය‘‘ නමින් නව දේශපාළන සන්ධානයක් පිහිටුවා ගත්තේය.
මෙම නව සන්ධානයේ සභාපති වෛද්‍ය මංගල කුමාර මහතා සහ ලේකම් ජයලාල් නිශ්ශංක යන මහත්වරු කටයුතු කරයි.
අපේ සන්ධානය මංගල ප්‍රවෘත්ති සාකච්ඡාව මහනුවර ඩෙවෝන් ශාලාවේ දී අද පැවැත්විණි.
එහිදී අදහස් දක්වමින් සභාපති වෛද්‍ය මංගල කුමාර මහතා මෙසේ පැවැසීය.
අපේ රටට පසුගිය වසර 74 තුල කිසිදු ජාතික වැඩ පිලිවෙලක් ක්‍රියාත්මක වී නැහැ අපේ රට ආර්ථික වශයෙන් දූෂණයට වංචාවට ලක්වූ දේශයක් අපි අද ඉතා පහල තත්ත්වයට ඇද වැටී ඇත්තේ මෙරට නීතීය ඉතාමත් පහළට ඇද වැටී ඇති නිසා.
ඇද වැටී තිබෙන අපේ රට ගොඩ ගැනීමට මේ රටේ සියලු ජාතික සංවිධාන වල නියෝජිතයන්ට අපි ඇරයුම් කරනව.මේ රට සැමට පොදු නීතීයක් ක්‍රියාත්මක වන නීතී ගරුක රටක් ලෙස රට හදන්න සැමගේ සහාය අපේක්ෂා කරනව.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ මංගල නොදුටි මොක් පුර! ඇයි දැන් PP නැති ද? ඇති තරම් දේශපාලන සන්ධාන තියෙනවා. නමුත් ජනතාවට උපකාර කරන, සේවය කරන සන්ධාන නෑ. NGO පමණයි ඒ වැඩේ ' ටිකක් වත් කරන්නේ.
ලෙඩ්ඩු ප්‍රාණ ඇපේට අරන් වැඩ වර්ජන නොකරමි කියලා ප්‍රතිපත්ති ප්‍රකාශයට දැම්මොත් දොස්තර පක්ෂෙට අපිත් සපෝට්.
දූෂිත දේස කාපාලුවන්ගේ අසූචි වලට ගිජු චන්ද කඩන්නන් කණ්ඩායමක්. වැඩක් නැහැ ඕගොල්ලන්ට වැඩිම වුනොත් 150 ක් ලැබෙයි ,ඒකත් ෂුවර් නැහැ.ඔයිට වඩා හොඳයි ලේන්සුවක් එලාගෙන හිඟා කෑවානම් .
මහනුවර දිස්ත්‍රික්කයේ නම් චන්ද දායකයෝ වෙනස් වෙන්නේ බොහොම කලාතුරකින්. තාමත් පොහොට්ටුවට චන්දෙ දෙන අය එසේම ඉන්නවා. ලබන ඡන්දෙදි කෙහෙළිය ට වැඩිම මනාපය දෙනවා. මහින්දානන්ද ත් ඒවගේම ඡන්ද ගන්නවා. ඒ නිසා මේ සන්ධානේ වෙනත් දිස්ත්‍රික්ක වල හදන්න
තවත් පිස්සෝ රැලක්