IMG-LOGO

මහනුවර රෝහලේ කොරෝනා වාට්ටුවට ලක්ෂ 20 ඇඳන් පරිත්‍යාගයක්

(පී.ඒම්. රාජපක්ෂ)
 
මහනුවර ජාතික රෝහලේ ස්ථාපිත කර තිබෙන කොවීඩ්-19 විශේෂ ප්‍රතිකාර වාට්ටු දෙක සඳහා රුපියල් ලක්ෂ 20 ක ඇඳන් 15 ක් සහ වෛද්‍ය උපකරණ තොගයක් අස්ගිරි පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහියංගණ රජමහ විහාරාධිපති උරුලෑවත්තේ ධම්මරක්ඛිත නා හිමියන් විසින් පරිත්‍යාග කිරීම අස්ගිරි මහ විහාරයේදී සිදු කෙරුණි.
 
මෙම අවස්ථාව සඳහා අස්ගිරි පාර්ශවයේ මහා නායක වරකාගොඩ ඤාණරතන හිමි සහ  අනුනායක ආනමඩුවේ ධම්මදස්සි, නියෝජ්‍ය ලේඛකාධිකාරී නාරංපනාවේ ආනන්ද යන හිමිවරු ද සහභාගී වී වූහ.
 
මහනුවර ජාතික රෝහල වෙනුවෙන් එහි අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා විසින් මෙම උපකරණ තොගය භාර ගන්නා ලදී.
 
මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, මහනුවර ලේකම් තිස්ස කරුණාරත්න, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොෂාන් ප්‍රනාන්දු යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.
 



අදහස් (1)

මහනුවර රෝහලේ කොරෝනා වාට්ටුවට ලක්ෂ 20 ඇඳන් පරිත්‍යාගයක්

Kalpa Tuesday, 31 March 2020 09:07 AM

උතුම් පිංකමක්. ඔබවහන්සේලාට දීර්ඝායුෂ ලැබේවා !

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 139 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 348 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 157 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site