
( චමිල් රූපසිංහ)
මහනුවර උසස් බාලිකා විදුහලේ යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 200 ක් ලබාගෙන විභාගය අති විශිෂ්ට ලෙස සමත්ව තිබේ.
මූලික අධ්‍යාපනයේ සිට උසස් බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලද යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය ප්‍රාථමික අංශයේ ශිෂ්‍ය නායිකාවක් වන අතර , චෙස් ක්‍රීඩාවෙන් ජාතික මෙන්ම ජත්‍යන්තර ජයග්‍රහණ රැසක් දිනා ඇති යෙහාරා යෙත්මිණි ඈපා සිසුවිය ඉංග්‍රීසි ගායන අංශයටද දක්ෂතා දකවනු ලබයි.
ඇගේ මව මහනුවර ජාතික රෝහලේ ඖෂධවේදිනියක වන සංජානි මෙන්ඩිස්ය. පියා වන සරත් ඈපා මහතා වාරිමාර්ග දෙපාර්තුමේන්තුවේ ඉංජිනේරුවරයෙකි. එකම සොහොයුරිය උසස් බාලිකාවේ පළමු වසරේ අධ්‍යාපනය ලබයි.
කොවිඩ් වසංගත තත්ත්වයත් සමඟ පාසැල් යාමට නොහැකි තත්ත්වයක් තිබුණත් පාසල මගින් නිරතුරුව ඔන් ලයින් ක්‍රමය ඔස්සේ ඉගැන්වීම් කටයුතු කළ බවත් .බොහෝ වෙලාවට නිවසටම වී කාලය ගත කිරීමට සිදුවූ නිසා එම කාලය පොත්පත් කියවා දැනුම වැඩිකර ගැනීමට යොදා ගත් බවද ඇය කීවාය.
විභාගයට කල්තියා සූදානම් වු නිසා රූපවාහිනිය නැරඹීම වගේ දේවල් වලට කාලය වෙන්කර ගැනිමට හැකියාව ලැබුණු බවත් හොඳින් අධ්‍යාපන කටයුතු සිදුකර අනාගතයේදී වෛද්‍යවරියක් වීම බලාපොරොත්තුව බව තම ජයග්‍රහණය සම්බන්ධව යෙත්මිණි අදහස් දක්වමින් පැවසුවාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රත්තරන් දුවේ ඔබට අපේ උණුසුම් සුබපැතුම්...!!! මේ තම උපන් ලංකාමාතාවට අවංක දිරිය දියනියක්විමට හිතට ගන්න...සුජාතා අත්තනායක මහත්මියගේ සුන්දර ගීතයක පද කිපය " හිටියොත් හොදට හැදී දෙවියොත් නමට වදී" යන්න අර්ථවත් කිරීමට මේ දුපැටියාට හැකි වේවා..... සුබ අනාගතයක් පුතාට.....
උණුසුම් සුබ පැතුම්...
ඔඛෙ අරමුණ යම්දිනක සාර්ථක වෙවා...