(ෂේන් සෙනෙවිරත්න)
නායයාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් මත තාවකාලිකව වසා දැමුණු මහනුවර මහියංගන මාර්ගය නැවත විවෘත කෙරුණ බව පොලිසිය කියයි.
මෙම මාර්ගයේ 44 වැනි කිලෝ මීටර සීමාව අසල කහටගොල්ල කඳු ප්‍රදේශයේ සිට නාය යාමේ සහ ගල් පෙරළීමේ අවදානමක් හේතුවෙන් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ උපදෙස් මත අවදානම් තත්ත්වය පහව යනතුරු මාර්ගය තාවකාලිකව වසා දැමීමට පියවර ගැනුණි.
කෙසේ නමුත් පොලිසිය ජනතාවට දැනුම් දෙන්නේ නැවත වර්ෂා තත්ත්වය අධික වුවහොත් අවදානම් තත්ත්වය නැවත ඇතිවිය හැකි බවත් විශේෂයෙන් රාත්‍රී කාලයේ මෙම මාර්ගය භාවිතා කිරීමේදී ඉතා කල්පනාකාරී විය යුතු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd