IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහනුවර ප්‍රදේශ කිහිපයකට භූ කම්පනයක්

ඩබ්ලිව්.ඒ. අසේල

 

මහනුවර , හාරගම, අනුරගම ,දිගන සහ අඹකොටේ යන ප්‍රදේශවල අද (18) උදෑසන භූ චලනයක් සිදුවී තිබේ.

ප්‍රදේශවාසින් පවසන්නේ උදෑසන පොළව යටින් විශාල ශබ්දයක් ඇතිවූ බවත් ඒ සමගම නිවාස සෙලවී ගිය බවත්ය.

ඔවුන් පවසන්නේ  විනාඩි දෙකක් පමණ මෙම සෙලවීම තිබුණු බවත් නිවාසවල වහලවල්  වීදුරු ජනෙල් පවා හඩ නගමින් සෙලවුණු බවත් පොලවේ හිටගෙන සිටි අයගේ කකුල් පවා හිරිවැටෙන  ආකාරයට ඇද ගෙන යනවා වැනි හැගීමක් මෙම දෙදරුම ඇතී වී තිබේ.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ද වික්ටටෝරියා ජලාශය අවට ඇති  ගුරුදෙණිය හාරගම අනුරගම අවට බොහෝ ප්‍රදේශවලට කිහිප අවස්ථාවකදී පොලවේ සෙලවීම් ඇතිවිය.

මේ පිළිබඳව මහනුවර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ රණවීර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ පල්ලෙකැලේ භූ විද්‍යා හා පතල් කැණිම් කාර් යංශය සවිකර ඇති මාපකයේ 2.2 ක අගයක් සටහන් වි ඇති බවත් එය දරුණු භු කම්පන අවස්ථාවක් නොවන බවත්ය.

අනුරගම ප්‍රදේශවාසින් විසින් මේ පිලිබදව තලාතුඔය පොලිසිය ද දැනුවත් කර ඇත.



අදහස් (2)

මහනුවර ප්‍රදේශ කිහිපයකට භූ කම්පනයක්

Pathirana Wednesday, 18 November 2020 07:05 AM

"පොලිසිය ද දැනුවත් කර ඇත" ඒ කියන්නේ පොලීසියට භූමි කම්පාවක්වත් දැනෙන්නේ නෑ කියන එකද?

:       0       0

බද්රානි Wednesday, 18 November 2020 09:20 AM

පහුගිය කාලේ ඔය පළාත්වල මිනිස්සු කළ අපරාධවලට මේ මහපොළව කම්පාවන එක අහන්නත් දෙයක්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site