
(සුජිත් හේවාජුලිගේ)
ලංකා ගමනාගමන මණ්ඩලයේ මහනුවර ප්‍රාදේශිකයේ ඩිපෝ හතකට අයත් බස් රථ 566කින් 226කට වායු විමෝචන සහතික ලබාගෙන නොතිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
ලංකා ගමන ගමනාගමන මණ්ඩලයේ බස් රථ විශාල සංඛ්‍යාවකට ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදීද වායු විමෝචන සහතික( දුම් සහතික) ඉදිරිපත් කර නොතිබූ බව එම වාර්තාවේ දැක්වේ.
මෙලෙස දුම් සහතික නොගැනීමේ ප්‍රතිඵලයක් ලෙස අහිතකර වායු සහ බැර ලෝහ පරිසරයට නිකුත් කිරීමෙන් පරිසර දූෂණය ඉහළ යා හැකි බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙයි.
ලංගම බස් රථ සඳහාද කලට වෙලාවට දුම් සහතික ලබාගත යුතු බවට විගණන අංශ නිර්දේශ කර ඇත
මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලයේ 2023 වාර්ෂික වාර්තාවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහනුවර වායු දූෂණය ඉහළම අගයක්... ඉතින් මේ වගේ වැඩ කරන ආයතනවල ඉන්න මී හරක් වගේ නිලධාරීන්... අනතුරේ දැම්මනේ... රටේ ජනතාවගේ ජීවිත නෙවෙයිද? කී දෙනෙක් නම් ලෙඩ වෙනවා ඇතිද? මේවා අහිතකර දුම නිසා... දඬුවම් දෙන්න ඕනෙ බීපු කිරි මතක් වෙන්න.
පෙර වර්ෂයේ දුම් සහතිකයේ වලංගු කාලය සතියක් තියෙද්දී කාලය අවසන් වෙන්න ළඟයි කියලා පණිවිඩය එවනවා. ඉතින් සමහරවිට පෙර සහතිකය වලංගුව තියෙද්දී ඊළඟ වර්ෂය සඳහා නැවත ගන්නවා.. එතකොට දෙන්නේ පෙර සහතිකයේ වලංගු කාලයෙන් කාලයක් කපාහැරලා අපි කියමු අපේ පෙර සහතිකය ජූනි 10 අවසන් වෙනවා කියලා... එහෙම තියෙන කෙනෙක් මැයි මාසයේ 30 වැනිදා නැවත සහතිකය ගන්න යනවා. අලුතින් දෙන සහතිකය දෙන්නේ 2026 මැයි 30 දක්වා පමණයි. ඔවුන්ගේම සහතිකයේ වලංගු බව දින දහයකින් අඩු කරන්න. ඔවුන් කටයුතු කරනවා මෙහෙම කිරීම සාධාරණද?