( තිළිණි ද සිල්වා)
මහනුවර නගරය් පිහිටා ඇති ඓතිහාසික ස්මාරක සංරක්ෂණය කිරීම සදහා ඇමෙරිකා රජය මෙරටට රුපියල් පන් කෝටි විසි ලක්ෂයකට වැඩි මුදල් ප්‍රදානයක් කළ බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකා තානාපති කාර්යාලය පවසයි.
සංස්කෘතින සංරක්ෂණය සදහා වන එක්සත් ජනපද අරමුදල හරහා මෙම මුදල් ප්‍රදානය තෙරෙන බවද එම තානාපති කාර්යාලය කියා සිටී.
ඒ අනුව මහනුවර නගරයේ පිහිටි දළදා මාළිගය සංකීර්ණය තුළ පිහිටා ඇති මහනුවර ඉබැරණී රජ මාළිගය සංරක්ෂණය කිරීම සහ පුරා විද්‍යා කෞතුකාගාරය නවීකරණය කිරීම මෙම ප්‍රතිපාදන හරහා සිදු කෙරෙන බවද ඇමෙරිකා තානාපති කාර්යාලය කියා සිටී.
මහනුවර නගරයේ ඇති මෙම ඓතිහාසික ස්ථාන සංරක්ෂණය කිරීමෙන් මෙරට සංචාරක කර්මාන්තය දිරි ගැන්වීමට ,ආර්ථික සංවර්ධනය පුවර්ධනය කිරීමටත් , ලංකාවේ සංස්කෘතික උරුමය සංරක්ෂණය කිරීමටත් දායක විමට ඇමෙරිකාව අපේක්ෂ කරන බවද තානාපති කාර්යාලය සදහන් කරයි
සංස්කෘතින සංරක්ෂණය සදහා වන එක්සත් ජනපද අරමුදල 2001 වසරේ සිට රජගල බෞද්ධ වන සෙනසුන සංරක්ෂණය ,අනුරාධපුර පුරාවිද්‍යා කෞතුකාගාරයේ බෞද්ධ , හින්දු සහ අනෙකුත් පුරාවස්තු එකතුවන් සංරක්ෂණය , මඩකලපුව ලන්දේසසි කොටුව ප්‍රතිසංස්කරණය ඇතුළ ශ්‍රී ලංකාවේ ව්‍යාපෘති 14 ක් සදහා අරමුදල් සපයා දී ඇතැයි ඇමෙරිකා තානාපති කාර්යාලය පෙන්වා දේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අධිරාජ්යවධින්ගේ මුදල් අපිට එපා.
කරුණාකරලා උදේ, සවස ආගමික ස්ථානවලින් ලවුඩ්ස්පීකර් මඟින් සිදුකරන පාරිසරික ශබ්ද දූෂණය නවත්වන්න.. ! මනුෂ්‍යත්වයෙන් මේ කියන දේ ගැන පොඩ්ඩක් හිතන්න … !
කරුණාකර අපගේ අදහස් කුස්සියේ තිබෙන කොරහේ ඇලිගේටර්ලා දකිනවාද, නොවන අතර කිසිවෙකුට අපහාස කරනවාද නොවෙන බව සඳහන් කරන්නෙමු. ඇමෙරිකානුවන් ඩොලර් භාගයක් හෝ වෙනත් රටක් වෙනුවෙන් වියදම් කරනවා යනු "බොහෝ දුරට දශක තුන හතරක හෝ පහක ඉදිරි සැලැස්මක ප්‍රාථමික අවස්ථාව" විය හැකියි.. 2001 සිටම අපගේ ඉපැරණි සිද්ධස්ථානයන් වලට මොවුන්ගේ ඇත්තේ පුදුම ආදරයකි.
ස්පීකර් හරිම හිරිහැරයක්.... නීතිය ක්‍රියාත්මක නොවීම ඉතාම භයානක පූර්වාදර්ශයක්.
බොරු බෞද්ධයින්ගෙන් පිරුණු මේ රටට පුංචි බෞද්ධ සංගමයක් දාලා... එයාලා වැඩ ඇරඹූ වගයි...!!!