අංජුල මහීක වීරරත්න
මහබැංකු අධිපතිධූරයට අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීමේ වගකීම අගමැති ගත යුතු බවට කෑ මොර දුන් අය ආරක්ෂක ලේකම් ධූරයට හේමසිරි ප්‍රනාන්දු පත් කිරීමේ වගකීම ගන්නේ කව්දැයි විමසනේනේ නැතැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා ප්‍රකාශ කළේය.
අර්ජුන මහේන්ද්‍රන් මහතා පත්කිරීමෙන් රටේ කිසිදු පුරවැසියකුගේ ජිවිත හානි නොවුණ ද ආරක්ෂක ලේකම්වරයාගේ ක්‍රියාකලාපය හේතුවෙන් මහජන ජීවිත 250 කට අධික සංඛ්‍යාවක් අහිමිවූ බවට නැගෙන චෝදනාවෙන් තනතුරට පත් කළ අයට ගැලවීමක් නැතැයිද මන්ත්‍රීවරයා කීය.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා මෙසේ කීවේ කොළඹ අරලියගහ මන්දිරයේ දී එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ හමුවේදීය.
පොලිස්පති වශයෙන් පුජිත් ජයසුන්දර මහතා පත් කෙරුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් බවට කර තිබෙන ප්‍රකාශ පිළිබඳව ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රී හමුවේදි දීර්ඝ වශයෙන් කරුණු ප්‍රකාශ විය.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ජනාධිපති නියෝජිතයා ද සිටින බව අමතක කරමින් රටට වැරදි පණිවුඩයක් යැවිනැයි ද එහිදි මන්ත්‍රීවරු ප්‍රකාශ කර තිබේ.
ආරක්ෂක ලේකම් ලෙස හේමසිරි ප්‍රනාන්දු මහතා පත් කිරීම තනි අභිමතය පරිදි සිදුවුවක් යැයි ද මුජුබර් රහුමාන් මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහේන්ද්‍රන් විජාතිකයෙක් නිසා අල්ලගන්න බැරිඋනා රටින් යනකන්ම. ඒත් හේමසිරි අල්ල ගන්න පුළුවන් උනේ මෙහෙ කෙනෙක් නිසයි.
ඔබ සැම බලයට ගෙන ඒමට ඡන්දය පාවිච්චි කළ අප සියලු පව් ගෙවනු...
21 ප්‍රහාරයේ මහා මොළ කරු සොයාගන්න කාටවත් අවශ්‍යතාවයක් නැත නැතහොත් ඔවුන් බේරන්නට කටයුතු කරති වෙනත් දේවල් රට ඉදිරියේ ප්‍රමුක දෙය කරමින් මුලික දෙය රටින් වසන් කිරීමට උත්සහ කරති මේවයේ මුල සොෆා ගිවිසුමට වුවත් අදාල විය හැකි බව හැගෙන්නේ මට විතරද ?
ඔබතුමාගේ කථාව හරියට හරි. කන්න හිතුණාම කබරගොයාත් කබරගොයා කරගන්න අයට කදිම පිළිතුරක්.
උඹ ළඟත් තියෙන්නේ මාර තර්ක නේද බන්... සහරාන්ලා වහබ්වාදය අරගෙන යනකොට... මුස්ලිම් අන්තවාදීන් අපේ කරේ නගිනකොට... ආණ්ඩුවේ හැමඑකාම රට කනකොට... පල්ලිවල කඩු ගොඩගැහෙනකොට... උඹත් බුදියගෙන නේද හිටියේ...?
හේමසිරි බෝම්බෙ පිපිරෙව්වේ නෑ. වගකීම පැහැර හැරියා විතරයි. අර්ජුන් අමුඅමුවේ හොරකම් කළා. ඒකයි වෙනස. දෙන්නම වැරදියි. ඒත් බරපතලකම වෙනස්...
මේ අන්තවාදියාට තවම මාධ්‍යට කතා කරන්න ඉඩ දීලා තියෙන්නේ ඔවුන්ව රකින ආණ්ඩුව. මොවුන් ඉන්න ඕනෑ හිරේ. ප්‍රාථමික අදහස් දරන, ගෝත්‍රිකයෝ. කට නම් තියෙනවා බේරෙ වැව වගේ. මනසින් ගල් යුගයේ..
ඔය දෙන්නම පත් කළේ ජනාධිපති සිරිසේන විසින්... ඒ දෙන්නා කරපු කියපු හැමදේටම වග කියන්න ඕනෙත් ජනාධිපති සිරිසේන...
මහේන්ද්‍රන් මිනී නොමැරුවට රටේ අනාගතය අනියමින් ඝාතනය කළා... ඒවට උඩගෙඩි දුන්න මුන්දලවත් කුදලා ඇතුළට යවන කාලයක් එයි.
ආර්ථිකය ගණනය කරාට කමක් නැහැ කියන එකනේ මේ කියන්නේ...
මහේන්ද්‍රව පත් කල අයගේ අනුදැනුම ඇතිව මහේන්ද්‍ර බැංකුව මංකොල්ල කාපු නිසා අපි මහේන්ද්‍රව පත්කළේ කවුද කියා අසනවා. හේමසිරිගෙන් රටට වරදක් වුනේ නැහැ කියලා අපි දන්නා නිසා හේමසිරි පත්කළ එක ගැන සොයන්නේ නැත...
ගිය ඔක්තෝම්බරයේ දින 51 ආණ්ඩුව පිහිටුවීම සමග මුළු ලෝකයම හිනැස්සු අප රටේ දේශපාලන බොළඳත්වය පාදක කරගත් IS සංවිධානය පාස්කු ව්‍යවසනය සම්ප්රදායක් ලෙස බාරගත්හ. අන්‍ය ආගමිකයින් මරා මුළු ලෝකෙම මුස්ලිම් කිරීමට ක්‍රියා කරන අන්තවාදී ISලා සෝෆා හෝ අනිත් මුස්ලිම් සංවිධාන හෝ වෙනයම් සංවිධානයක් කියන දේවල් කරන්නේ නැත. නමුත් මුළු ලෝකෙම ඒ ඒ රටවල පවතින ගුණාත්මක තත්වය මැන බලමින් මනෝමූල තත්වයන් ක්‍රියාවට නැගීමට ඔත්තු බලමින් සිට මතුවන අවස්ථාවන් මගනොහරින්ට වගබලා ගනිති. ඒ ඔත්තු සේවයට ඒ ඒ රටේ විවිධ තරාතිරමේ මුස්ලිම් ප්‍රජාවම උපයෝගි කරගනිති. මුළුරටම අල්ලන්න කළ පාස්කු මෙහෙයුම අසාර්ථක වූයේ ඔවුන් හිතු තරම් අප රටේ දේශපාලනය අස්ථාවර නොවුණු නිසාය. එයද කාට කාටත් වැටහුනේ ගිය ඔක්තෝබරයේ රනිල් ඉවත් කළ පසු ජනපතිගේ බලය ජනපති අනුමැතියෙන්ම 98%කින් රනිල් ඉවත්කර ඇති බව කාටකාටත් වැටහුණා සේ පාස්කු ප්‍රහාරය මැඩපවත්වන්න බාධක මැඩගෙන රනිල් ගත් තීන්දු තීරණ නිසාය. එහෙත් රනිල්ට එහි ගෞරවය හිමිකරනවා වෙනුවට ඔහු මේ ව්‍යසනයට වැරදිකරු කර සෝෆා ගිවිසුමත් ගවගනිමින් යථාතත්වය වෙනතකට යොමුකර බල පොරය කරන්නයි. මේ අනුව IS සෝෆා සම්බන්ධයක් විය නොහැක..