IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහින්දානන්දට - නලින්ට එරෙහි නඩුවේ ලේඛන බාරදෙන්න

(මනෝප්‍රිය ගුණසේකර)

2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන කාර්යාල අතර බේදාදීම සඳහා ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා රජයට රුපියල් කෝටි 04කට ආසන්න පාඩුවක් කළ බවට චෝදනා ලැබ සිටින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, හිටපු වෙළඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහත්වරුන් ඇතුථ තිදෙනෙකුට එරෙහි නඩුවට අදාළ ලේඛන ඇත්නම් සතියක කායලක් තුළ කොළඹ මහාධිකරණයට බාරදෙන ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාට සහ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා අද (06) නියම කළේය.

පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් එසේ නියම කළ විනිසුරුවරයා විත්ති පාර්ශවයට මෙන්ම පැමිණිලි පාර්ශවයටද සාධාරණ හා යුක්ති සහගත නඩු විභාගයක් ලබාදීමේ පුර්ණ වගකීම අධිකරණයට පැවරී ඇති බව අවධාරණය කළේය.

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු වෙනුවෙන් ක්‍රීඩා සංගම් වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩු කිරීම සම්බන්ධයෙන් අල්ලස් චෝදනාවන්ට වරදකරුවන් වී සිරදඬුවම් විඳින හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අ`ථත්ගමගේ සහ සතොස හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහත්වරුන් ඇතු`ථ තිදෙනෙකුවට එරෙහිව 2015 ජනාධිපතිවරණ සමයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන කාර්යාල අතර බේදාදීම සඳහා ස.තො.ස. ආයතනය හරහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ගෙන්වා රජයට රුපියල් කෝටි 04කට ආසන්න පාඩුවක් කළ බවට පොදු දේපළ පනත යටතේ නීතීපතිවරයා පවරා ඇති නඩුව නීතීපතිවරයා වෙනුවෙන් ඉදිරිපත් කළ මෝෂමකට අනුව කැඳවු අවස්ථාවේදී විනිසුරුවරයා එසේ නියම කළේය.

හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අ`ථත්ගමගේ සහ සතොස හිටපු සභාපති සහ හිටපු වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහත්වරුන්ට අමතරව මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ ක්‍රීඩා අමාත්‍යංශයේ හිටපු ලේකම් විශ්‍රාමික යුද හමුදා මේජර් ජෙනරාල් නන්ද මල්ලවාරච්චි මහතාය”

2014 ඔක්තෝම්බර් පළමුවැනිදාත් දෙසැම්බර් 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට අයත් රුපියල් 39,061,290/-ක් වටිනා කැරම් බෝඩ් 14000ක් සහ දාම් බෝඩ් 14000ක් පසුගිය ජනාධිපතිවරණ සමයේදී 2015 ජනාධිපතිවරණයේ අපේක්‍ෂක මහින්ද රාජපක්‍ෂ මහතාගේ මැතිවරණ කාර්යාල කාර්යාල අතර බෙදා දී රජයට රුපියල් මිලියන 39 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හතරක් යටතේ නඩු පවරා ඇත.

විත්තිකරුවන්ට එරෙහි චෝදනා ඔප්පු කිරීම සඳහා සාක්කිකරුවන් 42 දෙදෙනෙක් සහ නඩු භාණ්ඩ 11ක් ඉදිරිපත් කිරීමට අපේක්‍ෂා කරන බව නීතීපතිවරයා අධිකරණයට දැනුම් දී ඇත.
නඩුව කැඳවු අවස්ථාවේදී පැමිණීල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා කරුණු දක්වමින් මෙම නඩුවට අදාළ ලේඛණ වලින් කොටසක් මෙම සිද්ධිය පාදක කරගනිමින් කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ගොනු කර තිබු නඩු ගොනුවේ ඇති බවත් ඒ පිළිබඳ නිසියාකාරයෙන් සොයාබලා අධිකරණයට ගෙන්වා ගැනීමට අවශ්‍ය වී ඇතැයි පැවසීය.

විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන නලීන් ලද්දුවහෙට්ටි සහ සංජේ රාජරත්නම් මහත්වරු එම ඉල්ලීමට විරෝධය පළ කරමින් ලේඛණ 43 ක් නොමැතිව තම සේවාදායකයින්ට එරෙහිව නීතිපතිවරයා නඩුවක් පැවරූවේ කෙසේදැයි ප්‍රශ්ණ කළහ.

දෙපාර්ශවයේ කරුණු සළකා බැලීමෙන් අනතුරුව විත්ති පාර්ශවයට මෙන්ම පැමිණිලි පාර්ශවයටද සාධාරණ හා යුක්ති සහගත නඩු විභාගයක් ලබාදීමේ පුර්ණ වගකීම අධිකරණයට පැවරී ඇති බව අවධාරණය කළ විනිසුරුවරයා අදාල ලේඛන  අධිකරණය වෙත කැඳවීමට තීන්දු කළේය.

ඒ අනුව අදාළ ලේඛණ ඇත්නම් සතියක කායලක් තුළ කොළඹ මහාධිකරණයට බාරදෙන ලෙස රහස් පොලිසියේ අධ්‍යක්ෂවරයාට සහ කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ රෙජිස්ට්‍රාර්වරියට නියම කළ විනිසුරුවරයා අදාළ ලේඛණ විත්ති පාර්ශවයට භාරදීම සඳහා නඩුව සැප්තැම්බර් 04 වැනිදා කැඳවීමට නියම කළේය.

පැමිණීල්ල වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා පෙනී සිටි අතර විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතීඥවරුන් වන නලින් ලද්දුහෙට්ටි, සාලිය පීරිස් සහ සංජේ රාජරත්නම් මහත්වරු පෙනී සිටියහ.



අදහස් (2)

මහින්දානන්දට - නලින්ට එරෙහි නඩුවේ ලේඛන බාරදෙන්න

සුධීර Thursday, 07 August 2025 05:48 AM

ඔය සංජේ රාජරත්නම් කියන්නේ කලින් හිටපු නීතිපති ද වෙන කෙනෙක් ද?

:       0       0

අරුණි Thursday, 07 August 2025 12:27 PM

මේ බොරුවෙන් ජීවත්වෙන ආණ්ඩුව හෙට අනිද්දා හෝ කවදා හෝ ගෙදර ගිය විගස කැකිල්ලේ නඩු තීන්දුත් හමාරයි, ඕගොල්ලොත් නැවත සුවසේ ගෙදර.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 22 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 821 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site