IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


මහින්දානන්දගේ ඉල්ලූ ඇපයට කරුණු කියන්න දින දෙයි

(රෝෂන් තුෂාර)

ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු  කාබනික පොහොර නැවක් ආනයනයට නීත්‍යානුකූල අනුමැතිය ලැබීමට පෙර ණයවර ලිපි විවෘත කිරීමෙන්  රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක්  සිදු කලේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අත් අඩංගුවට ගැනීමට පෙර අපේක්ෂිත ඇප ඉල්ලා සිටි හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතා ගොනුකළ   පෙත්සමට ලබන (19)සඳුදා කරුණු ඉදිරිපත් කරන්නැයි  කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අල්ලස් කොමිසමට අද දන්වා සිටියාය. 

අදාල පෙත්සමට මෝෂන්  පත්‍රයක් ගොනුකරමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව මෙසේ කරුණු ඉදිරිපත් කිරීම සඳහා දින නියම කළාය.

පෙස්සම සම්බන්ධයෙන් අල්ලස් කොමිසම කරුණු ඉදිරිපත් කරමින් කියා සිටියේ  හිටපු ඇමැතිවරයා ගොණු කළ ඇප අයදුම් පත්‍රය සම්බන්ධයෙන් කොමිසමට නොතීසියක් ලැබී නොමැති බවය.

පෙත්සම සම්බන්ධයෙන් කොමිසමට කරුණු අනාවරණය වී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස අල්ලස් කොමිසම ඉල්ලා සිටියේය.

අල්ලස් කොමිසමේ ඉල්ලීම සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය ඇප ඉල්ලීම සම්බන්ධයෙන් පැමිණිලිකාර පාර්ශවය මෙතෙක් අධිකරණයට කරුණු තහවුරු කර නොමැති බවත් ලබන සඳුදා කරුණු තහවුරු කරන බැවින් අල්ලස් කොමිසමට එදින කරුණු ඉදිරිපත් කරන ලෙසට දන්වා සිටියාය.



අදහස් (1)

මහින්දානන්දගේ ඉල්ලූ ඇපයට කරුණු කියන්න දින දෙයි

පිටිගල මිලානෝ Thursday, 15 May 2025 03:06 PM

ඒ කියන්නේ වැලිකඩ පුංචි පාර්ලිමේන්තුවට මෙයා සුදුසු නැතිවීමට කරුණු ඉදිරිපත් කරන්න කියලයි. සුළු රැකියාවක් කරලා ටික කලකින් මංත්‍රීවෙලා ඊටත් පස්සේ ඇමතියෙක් වෙලා ඊටත් පස්සේ දික්කසාද වෙනකොට බිරිදට කෝටි පනහක් වන්දි ගෙවන්න පොරොන්දු වුන එකම සුදුසුකමක් නෙවෙයිද….?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site