IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මහින්දට හිමි වරප්‍රසාද ඉවත් කළේ නෑ

(අංජුල මහික වීරරත්න)

ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට අනුව ජනාධිපති කාර්යාලය මගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි ප්‍රතිලාභ සියල්ල  ලබා දී තිබෙන බව ජනාධිපති කාර්යාලය දැනුම් දෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කර ඇති බවට පළ වන මාධ්‍ය වාර්තා අසත්‍ය බවද  ජනාධිපති කාර්යාලයේ කියයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට විශ්‍රාමික ජනාධිපතිවරයෙකුට හිමි විශ්‍රාම වැටුප හිමි වන අතර කොළඹ 07 විජේරාම මාවතේ නිල නිවස සහ ලේකම් දීමනාව ඔහුට හිමි බව ජනාධිපති කාර්යාලය පවසයි.

එමෙන්ම දැනට වාහන 3ක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති අතර Mercedes Benz -600 maybatch (B/P) car 2008,  Toyota Land Cruiser – 2017, Mercedes Benz – G63 AMG 4*4 2850 jeep 2013 යන වාහන 03 ඔහු වෙනුවෙන් වෙන් කර තිබේ. 

ඒ සඳහා මාසික ඉන්ධන දීමනාව ලෙස ලීටර් 1950 ලබා දෙන අතර එම වාහන සඳහා රියදුරන් තිදෙනෙකු නිදහස් කර ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අවශ්‍ය ආරක්ෂාව සැපයීම ආරක්ෂක අමාත්‍යංශය හා මහජන ආරක්ෂක අමාත්‍යංශය මගින් සිදු කරනු ලබයි. 

ඒ වෙනුවෙන් දැනට සේවයේ නියතු යුද හමුදා හා නාවික හමුදා සෙබලුන්ට අමතරව පොලිස් නිලධාරීන් 180 දෙනෙක් යොදවා ඇති අතර ඒ අතර පොලිස් රියදුරන් 29 දෙනෙක් සිටිති.

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳව ඇගයීම සඳහා මේ වන විට කැබිනට් අනු කමිටුවක් ද පත් කර ඇති අතර එම කමිටුවේ නිර්දේශ අනුව ඉදිරියේ දී මේ සම්බන්ධව තීන්දු තීරණ ගැනීමට සහ කටයුතු කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලය වැඩිදුරටත් පවසයි.



අදහස් (16)

මහින්දට හිමි වරප්‍රසාද ඉවත් කළේ නෑ

වික්‍රම විද්‍රර Friday, 01 November 2024 07:48 PM

මැරිචිච මළ කුණක්.. 2013 කඩ්ඩෙක්ව බදාගත්තු දවසේ ඉවරයි. දැන් තියාගෙන ඉන්නේ මළකුණක්.. ඒ්ක ආරක්ෂා කරන්න අපිට බදු ගෙවන්න බෑ... ඔය මලකුණ ඉක්මනටම වලදාලා දාන්න.

:       190       41

LUCKYFriday, 01 November 2024 09:13 PM

මොකට ඉපදුණාද මම දන්නේ නෑ...

:       145       32

Priyantha Dissanayake Friday, 01 November 2024 07:50 PM

කරුණාකර වේදිකාවේ කීව්ව විදිහට වැඩ කරන්න. සිය ගණන් ආරක්ෂකයෝ මොකටද..? මෙහෙම වෙලා අපේ රට කොහොමද ඔලුව උස්සන්නේ...? එහෙම බැරි නම් ආරක්ෂාව පිළිබඳව ලොකු ගැටළු ඇත්තටම තිබෙනවා නම් ඔය ජනාධිපතිවරු සියලුම දෙනා එක ස්ථානයක් ආරක්ෂක නිවස්නයක තබා අපේ රටට දැරිය හැකි අයුරින් කටයුතු කරන්න. නමුත් ගැහුව පදේකුත් නැහැ බෙරේ පළුවකුත් නැහැ වගේ වැඩ කරලා මිනිසුන් රවටන්න නම් හිතන්න එපා.

:       84       46

පිටිගල මිලානෝ Friday, 01 November 2024 08:03 PM

ලෝකයේ පොහොසතුන් පමණක් පදින මර්සිඩිස් බෙන්ස් මේබාක් රථයක මිල කෝටි විස්සක් පමණ වනවා. මර්සිඩීස් බෙන්ස් ජී 63 4x4 ජී මෙඩල් ජීප් රිය රුපියල් කෝටි පහළොවක් වෙනවා. මීට වඩා අඩු වටිනාකමක් ඇති වාහන දෙන්න බැරි ඇයි…? ඩබල් කැබ් වගේ… මේවා අපේ සල්ලි නාස්ති කිරීමක්. පනතේ මේ වාහනම දෙන්න කියලා නැහැ...

:       62       51

ranjith Friday, 01 November 2024 08:35 PM

ඡන්දයට කළින් කිව්ව ඒවා දියාරු වේගෙන එනවද මන්දා...?

:       51       33

Achini Friday, 01 November 2024 08:42 PM

ඔවුන් කියන්නේ ඔවුන්ට තියෙන දේ මදි, ඒකයි වැඩිපුර ඉල්ලන්නේ...!

:       55       29

Shaf Friday, 01 November 2024 08:45 PM

ඔවුන් සුඛෝපභෝගී ජීවිතයක් ගත කළේ ජනතාවගේ බදු මුදලින්. දැන් තියෙන දේ මදි කියලා තමයි අඬන්නේ...!

:       52       36

chandima Friday, 01 November 2024 09:57 PM

ලෙඩෙක්ට එහේ මෙහේ යන්න මෙකෙටද බෙන්ස්? ගිලන් රථයක් විතරයි අවශ්‍ය.

:       0       1

රම්බොඩ Saturday, 02 November 2024 01:49 AM

කිසිවක් නොදන්න, පක්ෂයක් විතරක් අන්ධව බදාගෙන සිටින දේශපාලනය පමණක් දන්නවා යැයි සිතා සිටින කවුරුත් දැන ගතයුතු කාරණයක් තමයි මහින්ද මහතා කොටි ත්‍රස්තවාදීන් විනාශ කළ එක. එය කළේ සමස්ථ රටට. ඔහු ගැන වෙනත් කෝණ එක් පසෙක. ඔහුව ආරක්ෂා කරගැනීම රටේම වගවීමක්...

:       5       34

SIRI Saturday, 02 November 2024 03:55 AM

මේ එක බෙන්ස් මෝටර් රථයක වටිනාකම රුපියල් 102,224,457.00 බවත් බෙන්ස් ජීප් රථයේ වටිනාකම රුපියල් 141,974,247.00 බවත් ටොයෝටා ලෑන්ඩ් කෘසර් රථයේ වටිනාකම රුපියල් 47,113,254.00 බව ඔබ දන්නවද? මේවා කජුඇටද? කොස් ඇටද? අදත් මැතිවරණ වේදිකාවල කියනවා ඇහෙන්නේ "හිටපු ජනාධිපති වරුන්ගේ සියලුම දීමනා සහ හමුදා ආරක්ෂාවල් අයින් කරනවා කරනවා මයි" කියලයි. සමහරවිට මහින්ද මහත්තයාට අත තියන්න මැලිවන්නේ " තිස් වසරක ශාපකාරී යුද්ධය අවසන් කල විරුවා " ලෙසට රටේ මහජතාව තුළ ඇති අසීමිත පිළිගැනීම නිසාවත්ද නැත්නම් මැතිවරණය අවසන් වෙනතුරු හොරගල් අහුරනවා වත්ද?

:       26       12

අතුල Sunday, 03 November 2024 07:34 PM

හිටපු ජනාධිපතිලට වරප්‍රසාද දීලා තියෙන්නේ පනතක් මගින්. පාර්ලිමේන්තුව විසුරවලා තියෙන්නේ. නැවත පාර්ලිමේන්තුව කැඳවූවාට පසුව, පාර්ලිමේන්තුවේ බහුතරයෙන් තමයි පැරණි පනත සංශෝධනය කරන්න පුළුවන් වෙන්නේ.

:       0       0

Shelton Saturday, 02 November 2024 05:35 AM

ඕකනේ කියන්නේ කතාව දෝලාවෙන් ගමන පයින් කියලා.

:       24       15

nanda Saturday, 02 November 2024 06:32 AM

වේදිකාවේ කිව්ව කතා හරියට ක්‍රියාත්මක කරන්න... දැන් මොකද බයවෙන්නේ ඕවාට...!

:       19       18

Nandalal DE SILVA - France Saturday, 02 November 2024 02:16 PM

කතාව දෝලාවෙන්, ගමන යන්නේ කකුල් දෙකෙන්... කියපු මේ අපේ පැරණි ප්‍රස්තාර පිරුල ජනාධිපති AKD ටත් එයාගේ NPP එකටත් අදාළ බව සිතා අනවශ්‍ය ප්‍රතිචාර දැමීමෙන් වළකින්න...

:       18       13

නන්දන පනා-මිලානෝ Saturday, 02 November 2024 02:42 PM

කෝටි පහලවේ ජීප් එක පදින්නේ චිචියා….

:       8       6

ගමේ එකාලා Saturday, 02 November 2024 03:56 PM

ආර්තික ඝාතකයා, සුනාමි හොරා, ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු, මහාපරිමාණ හොරකම්, වන්චා, දූෂණ, නාස්තිය කරලා රටම විනාශ කරපු දූෂිතයෙකුට කිසිම වරප්‍රසාදයක් නොදිය යුතුමයි. ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු කෙනෙක්...!

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site