(නිමන්ති රණසිංහ)
කොම්පඤ්ඤවීදිය මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසා රුපියල් ලක්ෂ 70ක් වංචා කළැයි කියන සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි පිටකොටුව වෙළෙඳ සංගමයේ සභාපති හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම රුපියල් ලක්ෂ 15ක ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කළේය.
සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරමින් ද නියෝගයක් නිකුත් කළ අධිකරණය සෑම මසකම අවසන් ඉරුදින පෙරවරු 9ත් 12ත් අතර කාලයේ කොළඹ වංචා විමර්ශන කාර්යාංශයේ පෙනී සිටින ලෙසට ද සැකකරුට ඇප කොන්දේසියක් පැනවීය.
මෙම සැකකරුට එරෙහිව මෙවැනිම චෝදනා රාශියක් යටතේ විවිධ අධිකරණවල පැමිණීලි ගොනුවී ඇති බවත්, සැකකරු දැන දැනම හිතා මතාම මෙවැනි වැරදි සිදුකරමින් සිටින බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.
කොම්පඤ්ඤවීදියේ පිහිටි නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෙට්ට්‍රෝ නිවාස සංකීර්ණයේ නිවාසයක් ලබා දෙන බවට පවසමින් මෙම සැකකරු පැමිණීලිකරුගෙන් රුපියල් ලක්ෂ 70ක මුදලක් ලබාගෙන වංචාකර ඇති බවත් පැමිණීලිකරු අවස්ථා දෙකකදී චෙක්පත් සහ මුදල් මගින් මෙම මුදල සැකකරුට ලබාදී ඇති බවත් කොළඹ වංචා විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී.
කොළඹ වංචි විමර්ශන කාර්යාංශයේ ඒකක 07හි අධිකරණ අංශයේ උප පොලිස් පරීක්ෂක දිසානායක සහ පොලිස් සැරයන් (69043) ඉහළගෙදර යන නිලධාරීහු සැකකරු අධිකරණයට ඉදිරිපත් කර කරුණු දැක්වූහ.
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1060
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහින්දට ඇප
de silva Thursday, 22 June 2023 08:27 PM
අනිවාර්යයෙන් ඇප දෙනවට පොලිසිය විරුද්ධ නැහැ .වංචා කරලා තිබෙන්නේ ලක්ෂ 70 නෙ .පොල්ගෙඩි 10-15 ක් හොරකම් කරපු එකට නම් ඇප දෙන්න එපා