IMG-LOGO

2025 මැයි මස 07 වන බදාදා


මහින්දගේ ජීවිතයට ආණ්ඩුව වගකියන්න

(යොහාන් භාසුර)

ලොව පැවැති ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ  ආරක්ෂක නිලධාරීන් 116 ක් ඉවත්කර ඔහුගේ ආරක්ෂාව බිඳවට්ටවා ඇති බවත් එතුමාගේ ජීවිතයට යම් අවදානමක් ඇති වුවහොත් වර්තමාන රජයේ වගකිවයුතු බවත් නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා අද (13) පැවසීය. 

බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (13) පැවති විශේෂ මාධ්‍ය හමුවකදී  නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා එසේ පැවසීය.

රටේ ජාතික ආරක්ෂාවට අංක එක ලැබිය යුතු වුවද ජාතික ආරක්ෂාව පිළිබඳව නිසි  ඇගයීමක් නොකර ඒ පිළිබඳව විමර්ශනාත්මකව ගැඹුරු විග්‍රහයක් නොමැතිව ජාතික ආරක්ෂාව යටපත් කරන  තීන්දු රාශියක් වර්තමාන ආණ්ඩුව මේ වන විට ගෙන ඇති බවත්  උතුරු, නැගෙනහිර ස්ථාපිත කර තිබූ යුධ හමුදා කඳවුරු  කිහිපයක් ඉවත් කර ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

ජාතික ආරක්ෂාව  තුට්ටුවට මායිම් නොකර ජනතාවට දුන් පොරොන්දු ඉටු නොකරන වර්තමාන ආණ්ඩුව මාස තුනක පමණ කාලයක සිට මේ ආකාරයට කටයුතු කරන බව කී රවීන්ද්‍ර ජයසිංහිංහ මහතා ම්ලේච්ච ත්‍රස්තවාදය අවසන් කිරීමට නායකත්වය දුන්නේ මහින්ද රාජපක්ෂ මැතිතුමා යන්න මෙම ආණ්ඩුව අමතක කර ඇති බවද සඳහන් කළේය.

රජය මෙහෙයවන බටහිර සහ ඒ අවශ්‍ය කුමන්ත්‍රණකාරී බලවේගවල න්‍යාය පත්‍රයට ආණ්ඩුව ගමන් කරනවා යන්න මෙවැනි තීරණවලින් සනාථ වන බවත් මහින්ද රාජපක්ෂ මැතිතුමා  ලෝකයේ පැවැති දරුණුම ත්‍රස්තවාදය  අවසන් කරපු නායකයා බව වර්තමාන ආණ්ඩුවට මතක් කරදීමට අවස්ථාවක් කර ගන්නා බවත් පැවසීය.

එතුමාව රැකගැනීම  රටක් විදිහට  රටේ ප්‍රධාන වගකීමක් මෙනම එය දේශපාලන අර්ථයක් නොවන බවත් එතුමාගේ ජිවිතේ  පිළිබඳව යම්කිසි කාරණයක තර්ජනාත්මක කාරණයක් වුනොත්  වර්තමාන රජය එහි සම්පූර්ණ වගිකීම භාරගතයුතු බවත් ඒ මහතා කීය.

අනුර කුමාර ජනාධිපතිවරයාගේ මෙම ආණ්ඩුව මාස තුනට ඉෂ්ට කළ පොරොන්දු  නොමැති බවත් වර්තමාන ආණ්ඩුව නිර්මාණය කිරීමට හේතු වූ බටහිර ඇතුළු විදේශීය බලවේග සහ දේශීය බලවේගයන්වල අවශ්‍යතා සහ වුවමනාව නිරූපණය වන  පොරොන්දු රාශියක් පසුගිය  මාස තුනකට ආසන්න කාලයක්  ආණ්ඩුව ඉෂ්ට කළ බවත් නිතීඥ රවීන්ද්‍ර ජයසිංහ මහතා සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරු රාජ්‍ය ආයතන රැසක් ඔවුන් යටතේ තබාගෙන සිටින්නේ යැයි විවේචනය කළ වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු ජාතික ජන බලවේගයේ ප්‍රබලයන්ට වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රාජ්‍ය ආයතන 94 ක්  තමන් යටතේ තබා ගැනීම නොපෙනීම කණගාටුවට කරුණක් බවත් පසුගිය මාස තුනක පාලන කාලයක් තුළදි ජනතාවට දුන් මුලික බලාපොරොත්තු  රැසක් ආණ්ඩුව බිඳවට්ටා ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් කීය. 



අදහස් (25)

මහින්දගේ ජීවිතයට ආණ්ඩුව වගකියන්න

පිටරටවැසියා Friday, 13 December 2024 03:29 PM

යුද්ධය නිමාකරන්න දේශපාලන නායකත්වය දුන්න නායකයා හැටියට ගරුත්වයක් තියෙනවා. නමුත්, දැන් ඉතිං බේරගන්න තියෙන්නෙ මැසි-මදුරු උවදුරකින් හෝ වෙනත් බෝ නොවන රෝගයකින් තමයි...

:       19       97

Rata Perata Friday, 13 December 2024 03:50 PM

මේ වළ පයයි ගොඩ පයයි තියන මිනිහෙක් ගේ තව මොනවා ආරක්ෂා කරන්නඩ ද?

:       15       72

බකල ජයා Friday, 13 December 2024 03:55 PM

ත්‍රස්තවාදය පරාජය කෙරුවනම් තව ඉතින් ගෙදර නෝනට විතරනේ බයවෙන්න තියෙන්නෙ. ඒකෙන් ආරක්ෂා වෙන්න 60ක් ඇතිනේ.

:       14       66

හුසේන් මොහමඩ් Friday, 13 December 2024 04:19 PM

ඒ එක්ක රටේ, ආර්ථික අහේනියටත් වගකියන්න ඕනෑ. ඔය මයිනා පවුල කියලා කිව්වා නේද ? ඒ ගැනත් පොඩ්ඩක් මතක් කරන්න.

:       11       49

S.Jayasinghe Friday, 13 December 2024 04:22 PM

පරාජය කළා නම් ඇයි බයවෙන්නේ? දැන් ත්‍රස්තවාදීන් නැහැනේ...

:       8       37

Lalla Friday, 13 December 2024 04:33 PM

ගංවතුරේ ගහගෙන යන වෙලාවේ එල්ලෙන්න වැලක් හොයනකොට අහුවෙලා තියෙන්නේ දිරච්ච පිදුරු ගහක්... පව් නේද ඇත්තටම...?

:       7       23

S.Jayasinghe Friday, 13 December 2024 04:33 PM

පුද්ගලික ආරක්ෂාව දාගන්න.

:       7       26

පිටිගල මිලානෝ Friday, 13 December 2024 04:41 PM

මහින්ද රටේ සියළු ජීවිතවලට වගකිව යුතුයි. මොහුව අධිකරණයක් ඉස්සරහට ගෙනියන කල් තමයි රටම බලාගෙන ඉන්නේ...

:       11       39

ravin Friday, 13 December 2024 04:45 PM

මෙරට ජනයා පොදුවේ පිළිගැන්නවූ සත්‍යයක් වන පූර්ව කර්මවලටත් පවතින රජය වගකිව යුතුද?

:       7       19

Priyantha Dissanayake Friday, 13 December 2024 04:47 PM

ලොව බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය තුරන් කළේ ආරක්ෂක හමුදාවන් එහි මූලිකත්වය ගෙන ජීවිත පරිත්‍යායෙන් කටයුතු කළේ ෆීල්ඩ්මාෂල් සරත් ෆොන්සේකා මහතා, ඒ අනුව වරෙක ලෝකයේ හොඳම හමුදාපති නමින් හඳුන්වපු මහින්ද මහත්තයා ඊළඟ අවස්ථාවේ කැලෑ උසාවියේ නඩුඅහලා කැලෑ හමුදාව විසින් බලුකුක්කෙක්වගේ ඇදගෙන ගිහිල්ලා හිරබත් කළා. ඒ දරුණු අකුශලයේ දිට්ඨධම්මවේදණීය විපාකය ඉදිරියට විපාක නොදෙන්නේ කුමන සාධාරණ හේතුව මතද...? කිසිකෙනෙක් සිතුවේ නැහැනේ මේ තරම් ඉක්මනින් දේශපාලන පිටියෙන් රාජපක්ෂ නාමය සේදීයාවිය කියා...

:       6       48

විජිත් Friday, 13 December 2024 04:51 PM

පණ අදින, රට කාපු, මිනීමරු සෙකුරිටි බට්ටෝ සියගණනක් පිරිවරාගෙන හිටියේ රජෙක් වගේ. ඔය සිය ගානෙන් වැඩි ප්‍රමාණයක් කළේ මිනිහගේ වගා වැඩ (ඩ්‍රැගන් ෆ්රුට් වගාව), ගෙවල් සුද්ද කිරීම සහ කුස්සියේ ඉවුම් පිහුම්... අනිත් අයගෙන් සමහරු අනිවාර්යයෙන්ම චිචියා කියන මොලේ අමාරුකාරයාගේ බල්ලෝ බලාගැනීම. මොවුන් හමුදා භටයින් තබාගෙන හිටියේ තමන්ගේ වහල් සේවකයින් විදිහටයි.

:       5       35

රන්ජන් Friday, 13 December 2024 05:01 PM

කිසිම කෙනෙක් මහින්ද හිටපු ජනාධිපතිට කරදර කරන්නේ නැහැ. අනවශ්‍ය වියදම්. හොඳ තීරණයක්...!

:       5       36

විපරමා Friday, 13 December 2024 05:17 PM

ජනතාව රවට්ටපු මහපාරට වැටෙන තැනට වැඩ සිද්ද කරපු ජනතාවගේ රීරී මාන්ස හූරාගෙන කාපු නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයෝ කරපු හොඳට තිබුණු අපේ රට වලපල්ලටම ඇදලා දාපු, හිඟාකන තත්ත්වයකට පත්කරපු බලලෝභී, බඩගෝස්තරවාදී මහින්දලා රටටත්, ජාතියටත් වගකිව යුතුයි.

:       6       27

Nandana Friday, 13 December 2024 05:43 PM

මෙයත් බැලයෙක්...?

:       4       19

අරවින්ද මොනරවිල Friday, 13 December 2024 06:13 PM

තව ටික දවසක් ඉවසන්න බොස්, බන්ධනාගාර ගත කෙරුවාම ඉහළම ආරක්ෂාව ලැබෙයි හොඳේ...

:       8       22

රට විරුවා Friday, 13 December 2024 07:07 PM

අපි පිටරට ගිහින් හම්බ කරලා එවපු සල්ලි වලිනුයි හමුදාවේ දක්ෂ කමිනුයි යුද්ධය දිනුවා මේ මනුෂ්‍යයා ඒක විකුණාගෙන රටේ ගොබ්බයින් ඈඳාගෙන ප්‍රභාකරන්ට කරන්න බැරිවුණුදේ කරා. ආර්ථිකය වැට්ටුවා රට හිඟමනට දැම්මා. රට ලැජ්ජාවට පත්කරා සහ ප්‍රභාකරන්ගේ පැතුම් සියල්ල ඉටුකරා...

:       8       27

Rohana Friday, 13 December 2024 09:38 PM

මට නම් හිතෙන්නෙම ඉතුරුවෙලා ඉන්න 60ත් වැඩියි කියලා.

:       0       2

ajith Friday, 13 December 2024 10:07 PM

ඔය නීතඥකම දෙන්න ළමයෙකුට..!

:       0       2

දීපාල් Friday, 13 December 2024 11:12 PM

සෑම එක්කෙනෙක්ටම ආරක්ෂාව දෙන්න... එයාට විතරක් මොකටෙයි ඔච්චර.. අපිට වෙලා තියෙන්නේ ඔවුන්ගෙන් බේරෙන්න.

:       0       3

sam Saturday, 14 December 2024 04:06 AM

යුද්ධය කාලයේ සරත් ෆොන්සේකයි, හමුදාවයි... මයිනා බොරුමයි කළේ... මහින්දව ගෙදර එක්කගෙන ගිහිල්ලා හොඳට බලාගන්න.

:       0       3

sam Saturday, 14 December 2024 04:07 AM

මහින්දගෙන් හොඳට හම්බකරගත්තු කට්ටිය තවතවත් ඉස්සරහට එකඑක කතා කියයි.

:       0       3

kamal Saturday, 14 December 2024 07:39 AM

මහත්තයෝ කිලුටු රෙදි හේදුවා ඇති. තවත් මොනවද බලාපොරොත්තු වෙන්නේ...

:       0       3

saman Saturday, 14 December 2024 08:31 AM

තාම හිතන් ඉන්නේ LTTE එක පැරැදෙව්වේ මෙයා කියලද අනේ... මේ මගේ යකා අවුස්සගන්න එපා.

:       0       3

Sam Saturday, 14 December 2024 05:54 PM

අනේ ඕක මැරෙනවා නම් ආණ්ඩුව නෙමෙයි ලෝකෙම සතුටු වෙනවා..!

:       0       2

Sharm Saturday, 14 December 2024 07:57 PM

ඇත්තටම වෙන වැඩක් ඇත්තේම නැද්ද? හරියට අපට වැඩ නෑ වගේ.. මේ ගොබ්බ මන්තරේම මතුර මතුර කාලේ කනවා.. ඔලුවෙන් හිට ගත්තත් අපි මැද මුලින් හොරුන්ව වන්දනා කරන්නේ නෑ.. ඔච්චරම රුජාව නම් ගෙදර ගෙනිහින් කූඩුවක දාලා ඇති කරන එකයි ඇත්තේ.. අපේ බදු සල්ලි වලින් මගුල් නටන්න හදන්නේ නැතුව...!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත




බුලත්සිංහල බලය විපක්ෂ කණ්ඩායම් දිනා ගනිති
2025 මැයි මස 07 268 0

බුලත්සිංහල ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂ කණ්ඩායම්වලට හිමි විය.




මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 864 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 218 1
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1269 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site