
(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට විශ්‍රාම සුවයෙන් සිටින හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතාගේ සුව දුක් විමසීම සඳහා ඔහුගේ නිවසට ගියේය.
"පැරණි සටන් සගයෙක් වන වාසුදේව නානායක්කාර මහතා හමුවී සුවදුක් විමසීම සඳහා එම මහතාගේ නිවසට ගියෙමි. මා සහ වාසුදේව නානායක්කාර එක්ව දේශපාලනයේ යුග ගණනාවක් පසුකර ඇත. අප දෙදෙනාම දේශපාලනයට පිවිසියේ 1970 වර්ෂයේදීය. මිත්‍රත්වය ඉතා පැරණිය. ඒ තරමටම සංකීර්ණය. වාසු යනු අපූරු සටන් සගයෙකි. ආවේගශීලී චරිතයකි. හොඳ මිතුරෙකි" යනුවෙන් මහින්ද රාජපක්ෂ මහතා වාසුදේව නානායක්කාර මහතා බැහැ කීමෙන් අනතුරුව සමාජ මාධ්‍යයේ සටහනක් තබමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොවුන් ගේ දේශපාලන ඉතිහාසය පිළිබඳ මෙලෝ අලබෝලයක් දෙයක් නොදන්නා කීබෝඩ් ඩෝබිවරුන් දැන් ඉතින් නා නා ප්‍රකාර දේ කොටනු ඇත...
දෙදෙනාම එකම පාසලේ ඉගෙනගෙනත් තියෙනවා. වාසුගේ සිංහ නාදයට මං තවමත් ආසයි.
ඔබතුමාත් ඔය විදිහට සතුටින් ඉන්න. හැමෝම ගරු කරයි.
පස්සෙ දොරේ ජනාධිපතිත් ගියා නම් අර නම ආයෙත් අහගන්න තිබුණා.
රාජපක්ශලාගේ කුණු හෝද හෝද පාර්ලිමේන්තුවට රිංගලා වරප්‍රසාද විඳ විඳ රටට මෙලො දෙයක් කරලා නෑ. ලැජ්ජයි කියන්න.
දෙන්නම එකට යන්නේ එකම ගමනාන්තයකට!!!!
වාසුදේව සහෝදරයා, ඔබ මේ රට වෙනුවෙන් කරපු එකම හොඳක් කියන්න බලන්න .
ඒ කාලෙ තිබුණ ඒ සටන් රාජපක්ෂලට වික්ක, අන්තිමට බලු වුණා, අවසාන කාලෙවත් වෙච්ච වැරදි දැකල රාජපක්ෂ පස්සෙ ගිහින් කරගත්ත අපකීර්තිය පිලිගත්තොත් මැරුනමවත් ජනතාව සලකාවි.