IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව අනතුරේ

(යොහාන් භාසුර)

අයි.එස්.අයි.එස්. සංවිධානය බෝම්බ සහිත ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක් ඇතැයි බුද්ධි අංශ වාර්තාවලින් හෙළිකර තිබියදී වාර්තාවල කරුණු වසන් කරමින් මහජන ආරක්‍ෂක ඇමැතිවරයා සහ වර්තමාන ආණ්ඩුව හමුදා ආරක්‍ෂාව ඉවත්කරමින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව සම්පූර්ණයෙන්ම අනතුරේ හෙළීමට කටයුතු කර ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා අද (23) පැවසීය.

පාතාල සහ එල්.ටී.ටීඊ. යන තර්ජන ඇතුළු සියලුම පාර්ශවලින් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතයට ඇති තර්ජනය අඩුවී නොමැති යැයි බුද්ධි අංශ වාර්තා කර බවත් මහින්ද රාජපක්‍ෂ හිටපු ජනාධිපතිතුමාගේ ජීවිතයට ඇති තර්ජනය සහ ඔහුගේ ආරක්‍ෂාව අඩු නොකළයුත්තේ ඇයි දැයි බුද්ධි වාර්තා 13 ක් පෙන්වා දී ඇති බවත් ගමගේ මහතා කීය.

ප්‍රභූ ආරක්‍ෂාව සම්බන්ධයෙන් නැවත සළකා බැලීමට පත්කළ කමිටුව පස්වැනි විධායක ජනාධිපතිතුමාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ජනාධිපති ආරක්‍ෂක කොට්ඨාසයේ 5 වෙතින් ජීවිත තර්ජන පිළිබඳව වාර්තාවක් කැඳවූ බවත් එහි එම සියලු තර්ජන පිළිබඳව වාර්තා කර ඇති බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

 



අදහස් (35)

මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව අනතුරේ

බකල ජයා Monday, 23 December 2024 10:23 PM

ඒ වාර්තාව ගෙදර කෙනාත් එක්ක එකතු වෙලා මෙයා තමයි හැදුවේ. ඉතිං ඇත්තම වෙන්න ඕනෑ. තව ග්‍රාමාරක්ෂක දෙන්නෙක්වත් දෙන්න ආරක්ෂාවට...!

:       0       0

Wasantha Monday, 23 December 2024 11:34 PM

හොරකම් කළ සල්ලි වලින් ආරක්ෂාව ගන්න.

:       0       0

රුවන් Monday, 23 December 2024 11:50 PM

මහින්ද රාජපක්ෂ කියන්නේ පුටින් නෙමෙයි, අනික ඉරාකයේ, සිරියාවේ ත්‍රස්තවාදීන්ට මොකටද මහින්ද රාජපක්ෂ? මේවා තනිකරම රාජපක්ෂලාගේම සෙල්ලමක්...

:       0       0

weera Tuesday, 24 December 2024 12:05 AM

හෙණම ගහන්න ඕනෑ...

:       0       0

K k D Silva Tuesday, 24 December 2024 02:16 AM

සරත් ෆොන්සේකා..?

:       0       0

swene Tuesday, 24 December 2024 04:31 AM

දැන් ඉතින් ඕවාවත් විකුණන්න. යුද්ධය හමාරවී අවුරුදු 15ක් වෙනවා. ජනපතිකම නැතිවී අවුරුදු දහයක් වෙනවා. දැන් මොන තර්ජනද? ඔයා නැති කිරීමෙන් කිසි කෙනෙකුට වාසියක් නැහැ. වාසියක් වුනොත් එය විකුණාගෙන කන්න ඉන්න ඔබ වැනි අයට පමණයි...

:       0       0

Nandalal de Silva - France Tuesday, 24 December 2024 04:45 AM

ත්‍රස්ත කල්ලියක් හො පාතාල කල්ලියක් හෝ කරා කියා, නාකි මයිනාගම දාමරිකයෙක් ලවා ඔහු පරලොව යවා, වැරැද්ද AKD පාලනය පිට පැටවීමට තරම් කුල්ල කුජීත දාමරිකයන් MR වටා සිටින බව ප්‍රසිද්ධ රහසකි. ඔහු මැරෙන තුරුම රාජ්‍ය ආරක්ෂාව දිය යුතු නැත. ඔහුට ආයුධ ගබඩාවක් සහිත පුද්ගලික (දාමරික) හමුදාවක් තිබෙන බව නිතරම වගේ අසා තිබෙනවා. එහෙම කෙනෙකුට රටවැසියා ගෙවන බදු මුදලින් රට රකින හමුදාවේ ආරක්ශාව කොහෙත්ම ඕනෑ නැත.. !!!

:       0       0

Sara Tuesday, 24 December 2024 05:20 AM

ඔය කියන සංවිධාන දැන් ගැරඬි මරන්නේ නෑ. ඩ්‍රොන එකට යන සල්ලි අපරාදෙ නිසා...

:       0       0

Sana Tuesday, 24 December 2024 06:29 AM

හෙට අනිද්දාට මැරෙන්න ඉන්න මනුෂ්‍යයාට මොකටද ආරක්ෂාවක්..? රටට කෙලවලා පරම්පරා ගාණකට හම්බකරලා උපරිමයෙන්ම සැප විඳලා අවසන් කාලෙට දෙපැත්තෙන් වත්තන් කරගෙන යන මනුෂ්‍යයාට මොකටද ආරක්ෂාවක්...

:       0       0

chandima Tuesday, 24 December 2024 06:52 AM

දැන් කාගෙන්ද මේ ආරක්ෂා වෙන්න යන්නේ? එයාම කියනවානේ ත්‍රස්තවාදේ ඉවර කළා කියලා...?

:       0       0

Kazi Shajahan Tuesday, 24 December 2024 07:41 AM

මෙයාට දැන් වැඩි කරන්න ඕනෑ ළඟ ඉඳන් සලකන සාත්තු සේවකයින් පිරිසක්. හමුදාව මොකටද නිකන් දාලා ඉන්නේ...

:       0       0

Perera Tuesday, 24 December 2024 07:43 AM

මෙයාටයි, මෙයාගේ සාපලත් පවුලේ එවුන්ටයි... ආරක්ෂා වෙන්න වෙලා තියෙන්නේ රටේ සාමාන්‍ය මහජනතාවගෙන්...

:       0       0

ලසා Tuesday, 24 December 2024 07:47 AM

මෙයා කොහොමත් තව ටික දවසකින් කජ්ජ ගහනවා ඉතිං ඔය මොකාවත් ඩ්‍රෝන තියා රතිඤ්ඤා කරලක්වත් මෙයා වෙනුවෙන් නාස්ති කරන්නේ නෑ. උද්දච්ච මානසිකත්වය නිසා මුන්ට තාම මහජන මුදල් කාබාසිනියා කරන්නමයි ආස. අවලංගු චරිත වෙනුවෙන් අපි ගෙවන බදු නාස්ති කරනවට දැඩිව විරුද්ධ වෙමු.

:       2       7

Sriyal Tuesday, 24 December 2024 07:50 AM

මනෝජ් ගමගේ හොඳ නැද්ද ආරක්ෂාවට දැම්ම නම්.

:       1       2

විදුර Tuesday, 24 December 2024 07:59 AM

නෑදෑයෝ නිසා හත් පොලේ ගාගත් (යුධ) නායකයා , ගරු කරනවා ඔබට, ඔහුව පරිස්සම් කරන්න .

:       1       1

චින්තක Tuesday, 24 December 2024 08:38 AM

මෙයාට පොලිස් කොස්තාපල් දෙදනෙක් හොදටම ඇති , අනිත් මහල්ලන්ට කිසිදු ආරක්ෂාවක් අවශ්‍ය නැත. මහජන මුදල් කෑවා හොදටම ඇති.

:       3       6

Namal putha Tuesday, 24 December 2024 08:43 AM

ඩ්‍රෝන්, බොම්බවලින් බේරෙන්න පුළුවන් එනමුත්, කර්මයෙන් බේරෙන්න පුළුවන් කමක් නෑ. ප්‍රභාකරන් එක්කම අපායේ තමයි...."

:       8       8

jim Tuesday, 24 December 2024 08:44 AM

මේ වගේ හරකෙක් මරන්නේ කවුද

:       6       7

sam Tuesday, 24 December 2024 09:06 AM

මයිනව උබලාගේ ගෙදර එක්කන් පලයන්. රට විනාශ කළ එකා හරිනම් ඉන්න ඕනේ හිරේ

:       3       8

සෙනෙවිරත්න Tuesday, 24 December 2024 09:11 AM

එහෙම ⁣ඩ්‍රෝන එවන්න තරමට අයි එස් අයි එස් කාරයොන්ට පිස්සු නැහැ. නොකළ පාස්කු ප්‍රහාරය උන්ගෙ පිට දෑවට පලිගනී කියල වෙන්න ඇති.

:       2       6

Hasith Tuesday, 24 December 2024 09:38 AM

"අනෙකුත් හිටපු ජනපතිවරුන් වගේ නෙමේ . මෙතුමට වැඩි ආරක්ෂාවක් ලබා දිය යුතුයි. ඒකේ විවාදයක් නෑ . එත් ආරක්ෂකයෝ එකසිය ගානක් මෙතුමට ඉන්න ඕනේ නෑ නේ. 30ක් කියන්නේ හොඳ ප්‍රමණයක්. මෙතුමගේ වයසේ හැටියට ඇති දේශපාලන කෑදරකම නවත්තලා , බනක් භාවනාවක් කරගෙන ඉන්න ඕනා කාලේ."

:       0       4

m. saman perera Tuesday, 24 December 2024 10:30 AM

ආරක්ෂාව මදි නම් තමන්ගේ මුදල් වියදම් කරලා දාගන්න පුළුවන් නැතිනම් ගෙදරට වෙලා ඉන්න පුළුවන්

:       1       8

Winsly Tuesday, 24 December 2024 10:41 AM

මට හිතෙන්නෙ මේ මනෝජ් කියන මනුස්සයා ත්‍රස්තවාදීන්ට තොරතුරු සපයනවා වාගෙයි. මහින්දගේ ආරක්ෂාව අඩුයි කියල.

:       1       6

ජයනාත් Tuesday, 24 December 2024 10:50 AM

මේ වගෙ අනතුරු අඟවන පුද්ගලයන් ගැන විශේෂ අවධානය යොමු කරන්න . එයාලම යමක් ප්ලෑන් කරන්න පුළුවන් .

:       0       6

Ernest Tuesday, 24 December 2024 11:44 AM

ඩ්‍රෝන් ප්‍රහාරය හමුදාවට හෝ පොලිසියට දහස් ගණනකට වුවද පාලනය කළ නොහැක.ගුවන් ආරක්ෂක පද්ධතියෙන් පමණි. වචනයෙන් කියනවා නම්, ඔබ ඔවුන් සමඟ ගනුදෙනු කර ඇති විට එය ගැටළුවක් වනු ඇත.

:       0       3

අරවින්ද මොනරවිල Tuesday, 24 December 2024 11:49 AM

කරන්න දෙයක් නැති නිසා මැද මුලන පිලිකන්නේ රස්තියාදු ගහන හාදයන්ට ඕන විදිහට රට පාලනය කරන්න බැරි බව දැන ගෙන හිටියා නම් හොදයි.

:       1       7

Lalla Tuesday, 24 December 2024 11:51 AM

ලංකාවේ තියාගෙන ආරක්ෂාව දෙනවට වඩා කොහොමහරි රටකට පටවලා ආරක්ෂාව දීම ලාභ ඇති. මේ කල් ඉකුත්ව ගිය ආහාර.. මොන කරුමෙටද ඔතරම් ආරක්ෂාව....

:       0       6

Rata Perata Tuesday, 24 December 2024 01:23 PM

manoj gamage - ගිහින් ඔලුව පරීක්ෂා කරවගන්න .පාතාලයේ ප්‍රධාන සම්බන්දකාරයෙක් හැටියට මහින්ද ට කොහොමද තර්ජන තියෙන්නේ ?

:       0       5

fairoos Tuesday, 24 December 2024 01:37 PM

අප්පටසිරි කිව්වලු

:       0       1

විපරමා Tuesday, 24 December 2024 03:41 PM

රටම හොරාකාලා විනාශ කරපු කෙනෙක්, ආර්ථික ඝාතකයා කියලා අධිකරණයෙන් පවා වරදකරු වෙලා. හිරේ ඉන්ඩ ඕන කෙනෙකුට ජනතා බදු මුදලින් ආරක්ෂාවක් සපයන රටක් ලෝකේ කොහෙවත් නැතුව ඇති.

:       0       0

හුසේන්, ගාල්ල Tuesday, 24 December 2024 03:48 PM

උසාවියම කිව්වනේ, රට ආර්ථික අගාධයකට ඇද දැම්මේ රාජපක්ෂවරු කියලා. කොහොමත්, දවසක රටේ මිනිස්සුන්ගෙන් ගුටිකාලා මහපාරේ මැරෙනවට වඩා, මිනිහගෙන් අගතියට පත්වෙච්චි කෙනෙක්ගෙන් මැරෙනවා හොඳයි.

:       0       1

ගමේ එකාලා Tuesday, 24 December 2024 04:08 PM

යුද්දෙන් සුද්දේ දීලා මිනිමරු කොටි මස් වැද්දෝ රෙද්ද අස්සේ දාගෙන හිටපු මහින්දයව ආරක්ෂා කරන්ඩ වෙන කවුරුවත් මොකටද? බත් බැලයෝ ටික ඉන්නේ?

:       0       1

Chaminda Tuesday, 24 December 2024 04:30 PM

පාතාල තර්ජන කියන්නේ පාතාලයින් වැඩ අරගෙන තියෙනවා කියලා කියන එක නේද?

:       0       0

ජිල්බු Tuesday, 24 December 2024 04:39 PM

හිටපු ජනාධිපතිතුමා හෙනරාජ තෛලය පැළඳගෙන ඉන්නේ. මිසයිලයක්වත් වදින්නෑ. ආරක්ෂාව දාලා තියෙන්නේ එතුමාගෙන් මිනිස්සුන්ට මොනවා හරි වෙයි කියලා. ඉතින් ආරක්ෂාව අඩුකළොත් අපිටමයි අනාරක්ෂාව.

:       0       0

සෙන්පකි Tuesday, 24 December 2024 10:14 PM

ලොකුම පාතාලයා තමයි වම්බොට්ටා... ජූලම්පිටියේ අමරේ...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

සබරගමු නවක වද සිද්ධියට සිසුන් හතරක් අත්අඩංගුවට
2025 මැයි මස 04 29 0

සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය


ඡන්දය දෙන්න කතිරයක් පමණයි
2025 මැයි මස 04 193 0

පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල


ජනපති අග්නිදිග ආසියාවේ ලොකුම පන්සලට යයි
2025 මැයි මස 04 367 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)


කළුතර මහ නගර සභා අපෙක්ෂක බන්දුල ප්‍රසන්නට වෙඩි තබයි
2025 මැයි මස 04 3597 0

කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.


ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 296 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
2025 මැයි මස 04 1492 0

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 648 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 169 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1192 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site