
(සිඩ්නි රුවන්)
මිහින්තලය අභය භූමිය අසල මුවන් දඩයම් කර මුවන් මැරූ සැකකරුවකු මුව ඔලු 3ක් සහ මුව මස් සමඟ අත්අඩංගුවට ගත් බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කහටගස්දිගිලිය රන්පත්විල නිවාස 30 ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි අයෙකි.
මෙම සැකකරු තවත් පිරිසක් සමඟ මිහින්තලය පොලිස් වසමේ මිහින්තලය අභය භූමිය අසල මුවන් දඩයමේ ගොස් මුවන් තිදෙනෙකු මරා මස්කර ඔහුගේ මස් කොටස නිවසට රැගෙන විත් ඇත.
කහටගස්දිගිලිය පොලීසියට ලද තොරතුරක් මත නිවස පරික්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මුව මස් කිලෝ 2ක් සහ මුව ඔලු 3ක් සොයා ගත් බව කහටගස්දිගිලිය පොලීසිය පවසයි.
සැකකරු කහටගස්දිගිලිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
මේ සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ කහටගස්දිගිලිය පොලිස් ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඊ.එස් අබේසේකර මහතාගේ උපදෙස් මත වැටලීම් අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ඒ.බී නිමලවංශ මහතාගේ මෙහෙයවීමෙන් සිදුකරනු ලැබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ගෙවල් 30 හාදයෝ පොලීසියේ කොටස දුන්නැත්තෙ? ඔහොම නොවී තියෙයිද ඉතිං..?
මොවුන්ගේ නම කියලා කෑ ගහන්න කවුරුවත් ඉඳලා නෑ...
තිස්ස හිටියත් මේ පොලීසියෙන් ගැලවෙන්න බෑ.
කෝ දැන් මේ පරිසරවේදීන්? ඔවුන් නීති විරෝධී දඩයම් කිරීම ගැන තැකීමක් කරන්නේ නැද්ද? වඳුරන්ගේ ජීවිත විතරද වැදගත්? මොන විහිළුවක්ද... නීතියේ උපරිමයෙන් මෙම දඩයම්කරුවන්ට දඬුවම් ලබාදීමෙන් එය පූර්වාදර්ශයක් වනු ඇත.