(නිමල කොඩිතුවක්කු)
එතිහාසික මිහින්තලේ පුදබිමට ලබාදුන් ආරක්ෂාව ඉවත් කිරීම ජනවරමක් නොමැති වත්මන් අණ්ඩුව සිදුකළ ද්‍රෝහී ක්‍රියාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දී පැවසීය.
එමගින් රටේ උත්තරීතර ව්‍යවස්ථාවෙන් පවා සනාථ කර අැති සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීමේ, ප්‍රවර්ධනය කිරීමේ සහ සුරක්ෂා කිරීමේ වගකීම පවා උල්ලංඝනය කිරීමට වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය කටයුතු කර ඇති බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී අද (3) විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු මේ බව පැවසීය.
එතිහාසික මිහින්තලේ පුදබිමේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය සහ සිවිල් ආරක්ෂක අංශ පැය 24ක් ඇතුළත ඉවත් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබීම පිළිබඳ කනගාටුව පළ කරන බවත් විපක්ෂ නායකවරයා සඳහන් කළේය.
එසේ ආරක්ෂාව ඉවත් කිරීම තුළින් එහි ඇති ඓතිහාසික වටිනාකමක් සහිත පුරාවස්තු, සොරුන්ට නිරාවරනය වන බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක නේන්නම් සජිත්. ඔන්න ඔය ඡන්ද ටිකක් මෙයාලටත් දාන්න. දැන් හරි...
රටේ සියලු ප්‍රශ්න විසඳන්න සජිත් වරමක් ඉල්ලයි...
කූරගලට කරන්ට් දුන්නේ නැති එක...
කූරගල පුද බිමට විදුලිය ලබාදීම තහනම් කරපු එක ගැන මොනවද කියන්නේ...?
බෞද්ධයන්ගේ රාජ්‍ය බලය පිහිරී ගිය සැම රටකම බුදු සසුන ඒ රටේ විනාශ විය. බුදුරදුන් උපන් භුමියේ ද බුදු සසුන අභාවයට ගියේ ඒ නිසාවෙනි. මෙරට ද වරින්වර සිංහල බෞද්ධ රාජ්‍ය බලය පිරිහී ගිය සැම අවස්ථාවකම බුදු සසුන පිරිහීමට හේතු විය. බෞද්ධ සිද්ධස්ථාන සුරක්ෂිත කිරීම, රජයේ වගකීමයි. දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් මත විහාරස්ථානවල වැඩවසන භික්ෂූන් වහන්සේලාට සහ ඒ ඒ සිද්ධස්ථාන වලට සැලකීමට රජයකට ඉඩක් නැත. විශේෂයෙන් විහාරස්ථාන රැකීමට නොහැකි නම් ඒ බැරි රාජ්‍ය පාලකයන් ධූරවලින් ඉවත් වී ගෙදර යා යුතුයි. බුදු සසුනට නොසලකන කිසිඳු පාලකයෙක් මේ රටේ පාලනයේ සිටීමට ඉඩක් නැත. එවැනි දේශපාලනය කරන කිසිවෙක් පාලන ධුරයන්ට පත් නොකිරීමට ජනතාව වග බලාගත යුතුයි. දුරින්ම දුරු කළ යුතුයි. බුදුසසුන අමතක කර පාලනය හොබවන සැමදෙනාම කරන්නේ ලංකාදීපයේ සම්බුදු සසුනේ චිර පැවැත්මට හානි කිරීමක් බව අවධාරනය කරමු. ඔවුන් මෙරට රාජ්‍ය පාලනයට වැඩක් නැත. බෙල්ල නැතිව තැල්ල බඳින්නේ කොහේද? යන්න සිතිය යුතු ය.
පුරාවස්තු, පුරාවස්තු කටට කෙළ උනනවා ඇති...
කූරගල සිද්ධිය අපට අමතක නෑ.
ඔය කියන්නේ, මේගොල්ලෝ බලයට එනකං මේ නිධන් වස්තු ආරක්ෂා කරන්න කියලද??
එදා ජේ.ආර්. ජයවර්ධන ගැටඹේ පන්සල වට කරලා කම්බි ගැහුවා. අද ඒකම වෙනස් විදියකින් රනිල් කරන්නේ. ව්‍යවස්ථානුකූලව බුදු දහම රැකිය යුතු මේ රටේ අද බුදු දහම මේ රටේ ආරඹපු ස්ථානයට මෙසේ සලකන්නේ ආගම් ද්‍රෝහීන් මිස අන් කවරකේද? එකදු හෝ ජනවරමක් නැති මිනිහෙක් අද අපේ බුදු දහම විනාස කරන්න නේද මේ හදන්නේ. අනිත් පැත්තේන් 13 බලාත්මක කරලා වෙනම රාජ්‍යයකට නීත්‍යානුකූලව පාරකපන්න හදනව. මිහින්තලා පුද බිමට මේ කරන දේ ගැන දැන්වත් නිදා සිටින මහනායක හිමිවරු පෙරට ආ යුතුයි.
බුදුදහමට, සාසනයට කෙනෙහෙලිකම් කරපු කිසි කෙනෙක් මේ රටේ යහමින් රජ කරලා නැතිබව ඔච්චර පොත් කියවනවා කියපු තුමාට අවබෝධ නොවීම පුදුමයක්. 13තියෙන ඒවා ක්‍රියාත්මක කෙරුවම තව කොහොම හිටීද. මහා නායක හිමියන් මේ ගැන අවධානය යොමු කරත්වා.
මුලින්ම ජනතා අදහස් හා විවේචන ඉවසීමට නොහැකි වුනේ සිරිමාවෝ මැතිණියගේ කාලයේ පැවති රජයේ පිරිසට තමයි ඒනිසා ඔවුන් මුලින්ම කලේ ඔවුන්ට විරුද්ධව සිටි නායකයින්ට අයත් ලේක්හවුස් ආයතනය රජයට ගැනීමයි තවත් ඉවසීමේ සීමාව පැන්න සිරිමාවෝ මැතිණිය ඊළඟට කලේ දවස ආයතනයට සීල් තබා වසා දැමීමයි.ඉන් පස්සෙ ආපු සියලු දේශපාලුවො අනුන්ගේ මත හා අදහස් ඉවසීම කරගන්න බැරුව නොයෙක් උපක්‍රම යොදාගෙන මර්ධනය ක්‍රියාත්මක කළා.