(මනෝප්‍රිය ගුණසේකර)

මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපතිවරයා ලෙස නාමල් බලල්ලෙ මහතා ද ලේකම්වරයා ලෙස සුජීව නිශ්ශංක මහතාද පත්වූහ.

හිල්ටන් හෝටලයේ පැවැත් වූ මහාධිකරණ විනිසුරුවරුන් ගේ සංගමයේ මහා සභා රැස්වීමෙදී 2003 වර්ෂය සඳහා නව නිලධාරී මණ්ඩලයක් තෝරා පත්කර පත් කර ගන්නා ලදී.

ඒ අනුව මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංගමයේ සභාපති නාමල් බලල්ලෙ  උපසභාපත මංජුල තිලකරත්න, ලේකම් සුජීව නිශ්ශංක, උප සභාපති එම්. සහබ්දීන්, භාණ්ඩාගාරික ජයකි ද අල්විස්, සංස්කාරක නයෝමි වික්‍රමසේකර, යන මහත්ම මහත්මීන් තේරී පත්වූහ .

විධායක කමිටු සාමාජිකයන් වශයෙන් දමිත් තොටවත්ත, එම්. ඉලන්චේලියන්, ලාල් බණ්ඩාර පමිල රත්නායක, ලක්මාල් වික්‍රමසූරිය, නිරොෂා ප්‍රනාන්දු, රවීන්දු නානායක්කාර, නයනා සෙනෙවිරත්න, ශිවන්ත මංචනායක, සහ චමත් මදනායක යන මහත්ම මහත්මීහු තේරී පත්වූහ.