(රංජිත් රාජපක්ෂ)
කිරින්ද මුහුදු වෙරළ තිරයේදි ඉකුත් 22 දින සැඩ රළ පහරට හසු වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි හැටන් සාත්තු නිවාස පාරේ පදිංචිව සිටි හසිනි විජේසුරිය මහත්මිය ජීවිතක්ෂයට පත් වූ බව හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතීහු පවසති.
ඊයේ (29) රාත්‍රියේ ඇය මිය ගොස් තිබේ.
හසිනි විජේසුරිය මහත්මිය නුවරඑළිය නගරයේ පෞද්ගලික බැංකු ශාඛාවක විධායක නිලධාරිනියක් වශයෙන් සේවය කළ අතර එම බැංකු ශාඛාවේ සෙසු නිලධාරින් සහ හසිනි විජේසුරිය මහත්මියගේ සැමියා දියණියන් දෙදෙනා සමඟ යාල ප්‍රදේශයේ විනෝද චාරිකාවක නිරත සිටියදී මෙම සිදුවීමට මුහුණ දුන්හ.
සැඩ පහරට හසු වු හසිනි විජේසුරිය මහත්මිය අසාධ්‍යය තත්ත්වයේ සිටි නිසා තිස්සමහරාම රෝහලේ සිට අම්පාර මුලික රෝහල වෙත මාරු කර යවා එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි හසිනි විජේසුරිය මහත්මියගේ ඥාතින් විසින් ඇය කොළඹ පෞද්ගලික රෝහලක් වෙත රැගෙනවිත් තිබිණි.
හසිනි විජේසුරිය මහත්මියගේ සැමියා සහ දියණියන් දෙදෙනාගේ අවසන් කටයුතු ඉකුත් 25 දින හැටන් කුඩාගම පොදු සුසාන භුමියේදි කර හත් දවසේ දානමය පිංකම පවුලේ ඥාතීහු සහ හිතවත්හු විසින් ඊයේ (29) රාත්‍රි හැටන් නිවසේදී කළහ.
මිය ගිය හසිනි විජේසුරිය මහත්මියගේ අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිවන් සුව !...
එම ස්ථානයේ අනතුරු පුවරුවක් සවිකර තිබියදීත් වගේම ඔවුන් සිටි හෝටලයේ සේවකයන් යන්න එපා කියද්දීත් මොවුන් එම ස්ථානයට ගියාලු නේද? අනේ මිනිසුනේ මේ සිද්ධියවත් පාඩමකට ගෙන අනතුරුවලින් මිදෙන්න..
නිවන් සුව පතමු...!!!
ඔබ සියලු දෙනාටම නිවන් සුව පතමු. ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා...!!!
ලස්සන පුංචි කැදැල්ලක් සී සී කඩ කරන්නට සොබා දහම මෙතරම් කුරිරු වුනේ ඇයිදැයි නොදනිමි.
රට වටේට සාගරය... රට මැද වැව්, ඇළ, දොළ, ගංගා. නමුත් කීයෙන් කීදෙනෙක්ටද පුළුවන් පීනන්න...
හරිම දුක්බර සිදුවීමක්... මාගේ බලවත් වූ ශෝකය...
මොනතරම් ලස්සන පවුලක්ද...? සැමට නිවන් සුව පතමු...!
මේ හතර දෙනාම කිසියම් පෙර භවයකදී එකට එක්ව කල අකුසල කර්මයක විපාකයක් වශයෙන් තමයි මේ අවාසනාවන්ත සිඳුවීම දෙස බැලිය යුත්තේ. මතු මත්තේ ජාති ජාතිත් මෙවන් අකල් මරණයකට ගොදුරු නොවේවා !!!
මින් මරණ 2ක් සිය දිවි නසා ගැනිම් වන අතර 2ක් මිනීමැරුම් වේ. රට මැද ඉපදී ඇති බැවින් සිතක් පපුවක් නැති සයුර ගැන නොදැන තම දරුවන් සමග වගකීම් විරහිතව සයුරේ නෑම මෝඩ ක්‍රියාවකි. කොතරම් රුව තිබුණද, මුදල් සහ බලය තිබුණද මෝඩ සහ වගකිම් විරහිතව කටයුතු කිරීම සියල්ලට යටයි..
හරිම දුකයි....
මේ හැම දෙනාම පෙර සංසාරේ කරපු අකුසල කර්ම... උපදින අාත්මෙකදීවත් මෙවන් අකල් මරණයක් නොවේවා !!!
නිවන් සුව පතමි... ලස්සන පවුලක්. අකාලයේ පරව ගිය පුවත අසා තාමත් අපි තැවෙමු. එකට පතාගෙන ආපු ලෙස එකටම අවසන් ගමන් ගිය දුක්බරිත අවස්ථාවකි. අපිට පාඩමක් තබා ගොස් ඇත.
නිවන් සුව පතමි...!!!