(ඔගස්ටින් ප්‍රනාන්දු)

දුන්ගාල්පිටිය කැපුන්ගොඩ මුහුදු වෙරළේ ධීවර නැංගුරම් පොලේ දිය නෑමට ගිය තරුණයන්  පස් දෙනකුගෙන් දෙදෙනකු බේරාගෙන ඇති අතර දෙදෙනකු මිය ගොස් එක් අයකු අතුරුදහන්ව ඇතැයි දුන්ගාල්පිටිය පොලිසිය කියයි.

මිය ගොස් ඇත්තේ මිගමුව සෙත්තපාඩුවේ විසු රංකඩුගේ මාලක කවිෂ්ක ප්‍රනාන්දු ( 17 ) මල්වතු හිරිපිටියේ විසු රංවපලගේ කසුන් ධනුෂ්ක ජයතිලක ( 25) යන දෙදෙනාය. මුහුදෙහි ගිලි අතුරුදහන්ව ඇත්තේ අඹේවෙල පදිංචි අතුල වසන්ත මුරලිදරන් ( 23) නමැති තරුණයාය.

සිද්ධිය වු කැපුන්ගොඩ ධීවර නැංගුරම් තොටුපල වෙත නිවාඩු දිනවල පිරිස් විශාල වශයෙන් පැමිණ රැළි පාගමින් විනෝද වන අතර සෙසු ස්ථානයෙහි සිදු වන අනතුරු සංඛයාවද දිනෙන් දින ඉහළ ගොස් ඇති බව පොලිසිය කියයි.

මේ නිසා ජනතාව දැනුවත් කිරිම පිණිස  පුවරු ගණනාවක් සවි කර ඇතත් අනතුරු නොතකා විවිධ පිරිස් මෙහි පැමිණ රැළි පාගමින් දිය නාන බවත් පොලිසිය කියයි.