IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුහුදේ ගසාගෙන ගිය සංචාරකයෝ 5ක් බේරා ගැනෙති

(ඉන්දිකා රාමනායක )

හික්කඩුව නාරිගම සංචාරක වෙරළ තීරයේ දිය නාමින් සිටියදී දියවැලකට හසුවී ගසාගෙන ගිය දරුවන් සිව් දෙනෙකු ඇතුළු විදේශිකයන් පස් දෙනෙකු  පොලිස් ජීවිත ආරක්ෂක නිලධාරීන් විසින් බේරාගෙන ඇත. 

මෙලෙස බේරාගෙන ඇත්තේ කුඩා ළමුන් සිව් දෙනෙකු සහ කාන්තාවක බවත් ඔවුන් රුසියානු සහ කොලොම්බියානු ජාතිකයින් බව පොලිසිය පවසයි.

මෙම පිරිස ඊයේ(27)  දහවල් දියනාමින් සිටියදී. මෙලෙස දියවැලකට හසුවී ගසාගෙන ගොස් ඇත.

එම ස්ථානයේ රාජකාරී කරමින් සිටි පොලිස් ජීවිත ආරක්ෂක කණ්ඩායමේ පොලිස් පරීක්ෂකවරයකු සහ පොලිස් කොස්තාපල්වරුන් හත් දෙනකු වහාම ක්‍රියාත්මක වී  පිරිස බේරාගෙන ගොඩබිම වෙත රැගෙන විත් තිබිණි. 

මෙලෙස බේරාගත් ළමුන් අතර අවුරුදු 12, 09, 04 යන වයස්වල පසු වන දරුවන් සිට ඇත.

 



අදහස් (3)

මුහුදේ ගසාගෙන ගිය සංචාරකයෝ 5ක් බේරා ගැනෙති

Nimal 1 Friday, 27 December 2024 11:28 AM

කරගෙන තියෙන්නේ විශාලම පුන්‍ය කටයුත්තක්...

:       0       45

Nimal Friday, 27 December 2024 03:02 PM

දොස්තරලා, නර්ස්ලත් හැම තත්පරයක් ගානේ, දස දහස් ජීවිත බේරාගන්නවා. ඒත් කාටවත් ගණනාවක් වත් නෑ.

:       7       2

Bunny Preena Saturday, 28 December 2024 09:50 AM

ජීවිතයක් බේරා ගන්න කටයුතු කරන සෑම කෙනෙකුටම බොහෝම පින්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 587 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1090 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site