
(ගයාන් සූරියආරච්චි)
නීති විරෝධී ලෙස බෝට්ටු මගින් මෙරටට මුහුදු කූඩැල්ලන් රැගෙන ඒමට උත්සාහ කළ සැකකරුවන් 12 දෙනෙකු මන්නාරම සවුත්බාර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
ඩිංගි යාත්‍රා තුනක් සහ යතුරුපැදි දෙකක් ද නාවික හමුදා භාරයට ගෙන තිබූණි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 24ත් 46ත් අතර මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති.
නාවික නෞකා ගජබා ආයතනය වෙත ලද තොරතුරකට අනුව කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් සහ මුහුදු කූඩල්ලන් තොගය සොයාගෙන ඇත.
එහිදී මුහුදු කූඩැල්ලන් 14,072 ක තොගයක් අත්අඩංගුවට ගෙන තිබූ අතර සැකකරුවන් බලපත්‍ර නොමැතිව එම මුහුදු කූඩැල්ලන් රට තුළට රැගෙන යාමට සූදානම් කර තිබූ බව නාවික හමුදාව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd