
(ප්‍රදීප් කුමාර)
මන්නාරම පන්ඩරවේලි මුහුදු ප්‍රදේශයේ දී නීතිවිරෝධී ලෙස මුහුදු කූඩැල්ලන් ඇල්ලු සැකකරුවන් හයදෙනෙකු ඩිංගි යාත්‍රාවක් සමඟ අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව සඳහන් කරයි.
අදාළ සැකකරුවන් නීති විරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදුම් කටයුතු සිදු කරමින් මෙම මුහුදු කූඩැල්ලන් ඇල්ලීමේ නිරතව සිට ඇති අතර නාවික හමුදාව සිදු කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ සිලාවතුර, අරිප්පු සහ නානාට්ටාන් යන ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර එම සැකකරුවන් හය දෙනා, මුහුදු කූඩැල්ලන් තොගය සහ ඩිංගි යාත්‍රාව සමඟ ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම සහකාර ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව කටයුතු කොට තිබේ .
2025 දෙසැම්බර් මස 18
687
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
328
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1116
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුහුදු කූඩැල්ලන් ඇල්ලු 6ක් නාවික හමුදා දැලේ