IMG-LOGO

මෙහෙණින්ට පහරදුන්නැයි ප්‍රධාන මෙහෙණින් වහන්සේ රිමාන්ඩ්

(ටෝනි කරුණානායක) 

මිනුවන්ගොඩ , බොරගොඩවත්ත ශ්‍රී සම්බුද්ධ ජයන්ති පිරිවෙනෙහි අධ්‍යාපනය ලබමින් සිටි කුඩා මෙහෙණින් වහන්සේ තිදෙනෙකුට සහ පැවිදිවීමේ  අපේක්ෂාවෙන් එම  මෙහෙණි ආරාමයේ සිටි කාන්තාවකට බැන තර්ජනය කිරිම, පහරදීම සහ සාපරාධී බලහත්කාරය පා අඩත්තේට්ටම් කිරීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු එම පිරිවෙනෙහි සහ මෙහෙණි ආරාමයේ ප්‍රධාන මෙහෙනින් වහන්සේ එළඹෙන මස 11 වැනි දා දක්වා  රිමාන්ඩ් බාරයේ තබන ලෙසට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් ටී .තේනබදු මහත්මිය අද (28) පස්වරුවේ දී නියම කළාය.

පලාපත්වල ප්‍රෙද්ශයේ පදිංචිව සිටි ප්‍රධාන මෙහෙනින් වහන්සේ නමක මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරුණි .

මෙහෙනින් වහන්සේලා ලෙස සිට සිවුරු හැර දමා ගිය දැරියන් තිදෙනාව සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි කාන්තාව ඇතුළු  සිව් දෙනාවද සුදුසු භාරකාරත්වයකට පත් කරන ලෙස ඉල්ලමින් මිනුවන්ගොඩ පොලිසියේ ළමා සහ කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එම් කේ රමනි නිලධාරිනිය  ඊයේ (28) පස්වරුවේ අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙහෙනින් වහන්සේලා ලෙස සිටි අවුරුදු 12,15 සහ 18 ක් වයසැති එම දැරියන් තිදෙනාව සහ මහණ වීමේ අපේක්ෂාවෙන් සිටි 32 හැවිරිදි කාන්තාව මහේස්ත්‍රාත් නිල කාමරය වෙත ඉදිරිපත් කරනු ලැබීය .

මහේස්ත්‍රාත්වරිය ඉදිරියේ දී එම සිවුදෙනා විසින් ප්‍රකාශ ලබාදුන් බවට අධිකරණයේදී සඳහන් විය. ඉන් අනතුරුව  දැරියන් තිදෙනාව සහ කාන්තාව ගම්පහ දිස්ත්‍රික්  මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වෙත ඉදිරිපත් කරන ලෙසට අධිකරණයෙන් පොලිසියට නියම කෙරුණි. එම  අධිකරණ වෛද්‍ය වාර්තා සමග දැරියන් තිදෙනා  සහ කාන්තාව නැවත අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද පොලිසියට වැඩිදුරටත් නියම කෙරුණි. 

රිමාන්ඩ් භාරයට පත් එම ප්‍රධාන සිල් මෑණියන් විසින්  සිදුකරන හිංසා ඉවසාගත නොහැකිව බොරගොඩවත්තේ පිහිටි මෙහෙණි ආරාමයේ සිටි කුඩා සිල් මෑණියන්  තිදෙනෙකු එම  මෙහෙණි ආරාමය තුළ සිවුරු ගලවා දමා වෙනත් ඇදුම් ඇදගෙන මහණ වීමේ අපේක්ෂාවෙන් එහි සිටි  කාන්තාවක් සමග  ඉකුත් 24 වෙනිදා අලුයම මෙහෙණි ආරාමයෙන් වෙනත් මෙහෙණි ආරාමයක් සොයා  පලා ගොස් තිබූ බවත් පසුව එම සිව්දෙනාව නුවරඑළිය පොලිසිය භාරයට ගෙන මිනුවන්ගොඩ පොලිසිය වෙත භාරදී තිබු බවටත් අධිකරණයේදී වැඩිදුරටත් සඳහන් විය .

මිනුවන්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ සැරයන් වසන්ත (55562) නිලධාරියා සමඟ උප පොලිස් පරීක්ෂක එම් කේ රමණි නිලධාරිනිය පැමිණිල්ල මෙහෙය වූවාය. 



අදහස් (4)

මෙහෙණින්ට පහරදුන්නැයි ප්‍රධාන මෙහෙණින් වහන්සේ රිමාන්ඩ්

Nihal Monday, 28 August 2023 06:28 PM

වහලුන්ට වගේ කොහොම සැලකුවද මේ කුඩා දරුවන්ට, දැඩිව දඬුවම් දිය යුතුයි...

:       68       30

ඇබිත්තෙයා Tuesday, 29 August 2023 06:07 AM

උපසම්පදාව නොමැතිව සිවුරු දරාගත සිටින අයට මෙහෙණින් වහන්සේලා කියන හා වාර්තාවල එලෙසින් ලියන අයටත් දැඩිසේ දඩුවම් දීමට අවශ්‍ය නීති සැකසීමට බුද්ධ සාසන ඇමතිගේ අවධානය යොමුවේවා ඔවුන්ට කෙනෙක් සිවුරක් ඇන්දා පමණින් මෙහෙණියක් නොවන බව අවබොධ වේවා

:       0       3

Rata Perata Tuesday, 29 August 2023 12:02 PM

සංඝයා වහන්සේලාට මෙන්ම හුදී ජනයාටත් අමාරුම දේ ,ධර්මය දැනගත්තත් ධර්මයේ ජීවත් වීමයි.දැන්වත් ධර්මය අවබෝධ කරගත්තොත් හොඳයි

:       0       5

සෙනෙවිරත්න Tuesday, 05 September 2023 11:11 AM

ඇබිත්ත මහත්තයෝ, උපසම්පදාව නෙවෙයි,රහත් උනත් අනුන්ට හිංසා කරනව නම් ඒක බෞද්ධකම නෙවෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 68 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 266 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 442 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

Our Group Site