(අංජුල මහික වීරරත්න)
මහජන සේවය ඉටු නොකිරීම පිළිබඳ රාජ්‍ය නිලධාරීන් කිසිවිටෙක හේතු ඉදිරිපත් නොකළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බදුල්ලේ දී පැවසීය.
රාජ්‍ය ආයතන අතර ගැටුම් අති කර නොගෙන උපරිම මහජන සේවාවක් සැලසීම රාජ්‍ය නිලධාරීන්ගේ වගකීම බව ද ජනාධිපතිවරයා කීය .
රාජ්‍ය නිලධාරීන් නීති හා අණපනත් පලිහක් කර ගත යුත්තේ ජනතාවට සේවය කිරීමට මිස සමාගම්වලට සේවය කිරීමට නොවන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (15) පෙරවරුවේ පැවති දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට සහභාගී වෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතුමා දැන් අවුරුදු 40 ක් ජනතාවට කරපු එක දෙයක් කවුරු හරි කියනවද?
අනේ ඔව්.අවුරුදු 45 ක් මහා ජන සේවයක් කරලා ජනතාව විසින් ගෙදර එළවලා දාපු සහ දියවන්නාවේ පාදඩ ගුබ්බෑයමෙයි ඉන්න 134 ක් විසින් සොර මුලේ නායක කමට තෝරා ගත්ත නිසා පොරක් වෙලා එනවා මෙතන මහජන සේවේ උගන්වන්න .මේ භූතයා මේ කතා අහගන්න ඔයාලටත් ඔහොම වෙලා මදි .කිරිබත් කෑවේ ඔයාලානේ
ඔය හොඳට සේවය කරලා තියෙන්නේ.. රට බංකොලොත් කරලා ඔක්කොම විකුණන්න සූදානම ....
එතකොට නටන්න දන්නවා කියලා ඇවිත් දැන් පොළොව ඇදැයි කියන පින් පඩි ගන්න කෙනාට මොකද කරන්නේ?
එය ඔබ සැමටද ගැලපේ !!!!!
කී සැරයක් හේතු කිය කිය බලයට ආවා ද?