
(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල බෙදුම්කරුවන් ඉන්ධන තොග මිලදීගැනීමට මහජන බැංකුවේ තැන්පත් කරන මුදල් ඊයේ (14) මධ්‍යම රාත්‍රී සිට ගිණුම්ගත කිරීම අත්හිටුවීමෙන් ඉන්ධන හිඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය පවසයි.
මුදල් ගෙවා තිබුණ ද බෙදුම්කරුවන්ට ඉන්ධන ලබාගැනීමට නොහැකි වී ඇති බවත් මෙම තත්වය පිළිබඳව මහජන බැංකුවේ සභාපතිවරයා සහ ඛනිජ තෙල් සංස්ථාවේ පාලන අධිකාරිය දැනුවත් කර විසඳුමක් ලබාගැනීමට කටයුතු කරමින් සිටින බවත් එම සංගමය කීය.
මහජන බැංකුවේ ගිණුම්වලට මුදල් තැන්පත් කරන බෙදුම්කරුවන්ට ඉන්ධන නිකුත් නොකරන බව ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සබරගමුව ප්‍රාදේශීය කළමණාකාරවරයා බෙදුම්කරුවන්ට දැනුම්දී ඇති බව ද බෙදුම්කරුවෝ කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක දැන් පිස්සුවක් වෙලා... රජයේ ආයතන කිසිම වගකීම් සහගතභාවයක් නැතිව තමන්ට හිතුණු හිතුණු ආකාරයට කටයුතු කරනවා. මේකට මුලාවෙලා තියෙන්නේ තමන්ට නැති බලයක් වෙනුවෙන් රාජ්‍ය සේවය අවභාවිතා කරන මුග්ධ පාලකයින්ගේ නරුම ක්‍රියාකාරකම්....!
මොවුන්ගේ තියෙන්නේ කැකිල්ලේ නීති. මේවායින් මහජනතාව නේද අසීරුතාවයට ලක් වෙන්නේ...? දැන් නම් ලංකාව දිහා බලන දෙවි කෙනෙකුත් නැහැ වගේ.
හොඳයි අපි මුන්වත් මරාගෙන අපිත් මැරෙමු .වෙන කරන්න දෙයක් නෑනේ