
(චමිල් රූපසිංහ)
යුගදනවි විදුලි බලාගාරය සම්බන්ධයෙන් ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ සමග පැවැත්වු සාකච්ඡාව සම්බන්ධයෙන් තවම කල්පනා නොකළ බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසයි.
අමාත්‍යවරයා මෙසේ පැවසුයේ මහනුවරට ගොස් දළදා වහන්සේ වැද පුදා ගැනිමෙන් අනතුරුව මාධ්‍යෙව්දින් ඉදිරිපත් කළ පැනයන්ට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
දළදා වහන්සේ වැඳපුදා ගත් ඇමති බැසිල් රාජපක්ෂ මහතා මල්වතු හා අස්ගිරි මහනාහිමි වහන්සේලා බැහැ දැක ඉදිරියේදි ඉදිරිපත් කිරිමට යන අයවැය සම්බන්ධව දැනුවත් කළේය.
මාධ්‍යවේදීන් ඉදිරිපත් කළ ප්‍රශ්නවලට පිළිතුරු දුන් බැසිල් රාජපක්ෂ මහතා රටේ ජනතාව වෙනුවෙන් ඉදිරිපත් කරනු ලබන අයවැයට දළදා වහන්සේගේ ආශිර්වාද ලබා ගැනිමට පැමිණි බවත් රටටත් ජනතාවටත් හොද අයවැයක් ඉදිරිපත් කිරිමට වාසනාව ඇතිවේ යැයි කියා තමන් සිතන බවද අමාත්‍යවරයා කිය.
මහජන බැංකුව අසාදු ලේඛන ගත කිරීම සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේ මහජන බැංකුව බැලැක්ලිස්ට් කර ඇති බව තමාට දන්වා නැති බව පැවැසිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හාමුදුරුවන්ට නොවෙයි මනුස්සයෝ රටේ ජනතාවට ප්‍රකාශ කරනවා. ලොකු හාමුදුරුවන්ට බටර් ගාලා ,දළදා වහන්සේට මහජනතාවගෙන් ගත්ත සල්ලිවලින් මල් පුජා කලාට, කර්මය තමුන් පසු පස එන බව අමතක කරන්න එපා.ළඟදීම දවසකඔබ ඇතුළු පවුල කල දුෂණ වංචා සියල්ලටම ඔබලාට මදි නොකියන්න ' ගෙවන්න ' වෙන බව හොඳින් මතක තබා ගන්නවා.
ඔහු මුදල් ඇමති! මහජන බැංකුවේ අසාදු ලේඛනය, යුගදනවි ගිවිසුම යනාදිය ගැන තමා කිසිවක් නොදන්නා ලෙස ඔහු හැසිරුණේය.
මුදල් ඇමැති අයවැය ගැන මහා නාහිමිවරුන් දැනුවත් කිරීමේ තේරුම මොකද්ද?
ගුරු වැටුප් සම්බන්ධව කතා කළාම ආණ්ඩුව කිව්වේ අයවැය රහස් හෙළි කරන්නේ නෑ කියලා. දැන් මහ නාහිමිවරුන්ට රහස් හෙළි කළාද? මේ පවුල හාමුදුරුවන් ශේප් කරගෙන ගේම ගෙනියන බව නම් පේනවා. හාමුදුරුවනේ, මොවුන්ට රැවටී ඉදිරියටවත් මහජනතාව නොමඟ යැවීමෙන් වළකින ලෙස ඉතා ගෞරවයෙන් ඉල්ලනවා...
මා දන්නේ නෑ. රවි කරණානායකගේ ලෙඩේ බෝ වෙලා. තවත් පුවත්පතක තිබෙනවා සුවච කීකරු සාගර කාරියවසම් උත්සාහ කරනවා කියලා අලුත් මන්ත්‍රීලට අලුත් වාහන ආනයනය කරවලා දෙන එක නැවතත් ක්‍රියාත්මක කරන්න. ඒක දන්නවද?
"මම දන්නෙ නැහ, මට මතක නැහැ" රවි කරුණානායක බැංකු වන්චාවේදි කිව්වා. සිරිසේන පාස්කු ප්‍රහාරයේ පාර්ලිමේන්තු කමිටුවේදි කිව්වා. දැන් මේ කියනවා. මෙහෙම මුදල් ඇමති කෙනෙක්ද අපිට ඉන්නේ?
දළදා හාමුදුරුවෝ ඉදිරිපිටදීත් කියන්නේ ගල් පැලෙන බොරු. මෙයාට මොනවා කියන්න බැරිද?
මුදල් ඇමතිවරයා ලෙස මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කළ බව නොදන්නේ නම් එවැනි අයෙකු තබාගෙන රට ඉදිරියට ගෙන යා හැකිවේද?
අර මල්වානේ ඉඩම වගේ ආයුබෝවන්...!
ජනතා අප්‍රසාදය වැඩිවෙනකොට තමයි ආගම මතක් වෙන්නේ...
කාලකණ්ණි වැඩක් තමයි...
හෙණ ගහනවා...
බබා
මහජන බැංකුවේ සභාපති තුමා දන්නවා ඔබතුමා දන්නේ නෑ. කවුද වැරදි ?
හා... ඔයා බබා. ඔයාට මුදල් ඇමතිකම දීලා තියෙනවා. ඒක දන්නෙත් නැද්ද?
මොළ අටක් තිබුනා නම් ඔය බව දැනගන්න තිබුනා
සරම් ඇඳන් ඉන්න විත්තියාවත් දන්නවද ?
කිරි ටොයියා එන්න සූප්පුවක් කටේ ගහන්න
පල් හොරා
තොත්ත බබා .... එක්කෙනෙක් රුවන්වැලි මහා සෑයට ගිහින් විගඩම් පෙන්නුවා අනිත් ඒක්කෙනා දළදා මාළිගාවේ.... ආගම දහම මැජික් සෙල්ලම්කාරයන්ගේ බූදලයක් වෙලා රටට ගිය කලක්...
මොළ හතක නෙමේ මුළු ඇඟේම මොළ වගේ පේන්නේ
විහිළු කාරයෙක් වෙන්න එපා...