(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මහජන නියෝජිතයන් රටට මෙපමණඅවශ්‍ය දැයි සාකච්ඡාවක් ඇති වී තිබෙන බව සමගි ජන බලවේගය පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
පළාත් පාලන ආයතනවල සභිකයින් සංඛ්‍යාව වැඩිවීම නිසා ඒවාහි රැස්වීම් ශාලාවල ඉඩකඩ මදිවී ඇතැයිද ඔහු සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ රාජ්‍ය පරිපාලන පළාත් සභා ස්වදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයේදීය.
සමහර පළාත් පාලන ආයතන ජනතාවට එරෙහිව වැඩ කරන බව පැවසූ මන්ත්‍රීවරයා පළාත් පාලන මැතිවරණය හැකි ඉක්මනින්ම පැවැත්වීම රජයේ වගකීම බවද සඳහන් කළේය.
COMMENTS
ලෝකයේ ජනගහණය මිලියන 300ට වඩා ඉක්මවා ගිය රටවල් වන ඉන්ඳියාව.., රුසියාව... ඇමරිකාව.. වැනි රටවලත් පාර්ලිමේන්තුවක් තුළ ඉන්නේ මහජන නියෝජිතයින් කීදෙනාද කියලා සසඳා බැලුවාම මුළු ලොවටම වැටහෙනවා ඇති අපේ රට කන එකම ආයතනය මොකක්ද කියලා..! ඒ තමයි වැඩ නොකර කටින් බතල හිටවන දියවන්නා පාර්ලිමේන්තුව... ශ්‍රී ලංකාවේ ජනගහණය මිලියන 22 කි. මැති ඇමැතිවරු 225 කි..!
කියන්නේ නම් මහජන නියෝජිතයෝ මහජන සේවකයෝ කියලා, නමට විතරයි. සත පහකට වැඩක් නැති නිකමෝ...
1977 පත්වූ රජය වගා නිලධාරින් කියලා පිරිසක් හා විශේෂ සේවා නිලධාරින් කියලා දෙපිරිසක් පත්කළා. එම කාලයේ ගමකට සිටින නිලධාරින් ගොඩක් ඉන්නවා කියලා මුලින් කියපු දෙපිරිසම හා කෘෂිකර්ම ව්‍යාප්ති නිලධාරින් සියල්ලෝම ග්‍රාම සේවා නිලධාරින් කළා. ඔවුන්ට වසම් බෙදීමට අතීතයේ තිබුණු ග්‍රාම සේවා නිලධාරින් වසම් කොටස්කර ගත්තා. ඒ නිසා දැනට පළාත් පාලන ආයතන සඳහා 1988ට පෙර තිබුණු ග්‍ර්‍රාමසේවා නිලධාරි වසමට එක් අයෙක් ලෙසට ජනතා නියෝජිතයින් පත්කරන්න පැරැණි මැතිවරණ කොට්ඨාස අනුව පාර්ලිමේන්තුවේ මන්ත්‍රීලා පත්කරන්න. මේ කුඩා රටට එයට වඩා පිරිසක් අවශ්‍ය නැහැ...
අරමුණට ඔබට ප්‍රණාමය.
මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 225 සිට 150 දක්වා අඩු කළ යුතු අතර, ඔවුන්ට අවම අධ්‍යාපන සුදුසුකම් එනම් අ.පො.ස (සා.පෙළ) සහ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා දෙකකින් සංවාද කළ යුතු යැයි මම නැවත අවධාරණය කරමි.
ඔබ අරමුණු ඉතා හොඳ එකක්. කරුණාකර ඔබට අනවශ්‍ය අයව පන්නා දැමිය හැකිද.?