
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
අත්අඩංගුවට ගත් මෙහෙකාර කාන්තාවකගේ මරණය සම්බන්ධයෙන් වැලිකඩ පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු සිවු දෙනකුගේ වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව මහතා පවසයි.
වැලිකඩ පොලීස් ස්ථානාධිපතිවරයා ද වහාම වෙනත් පොලිසියකට මාරු කරන ලෙස ද මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත පොලිස්පතිවරයා නිර්දේශ කර ඇතැයිද මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
උප පොලිස් පරීක්ෂකවරයකු , පොලිස් සැරයන්වරුන් දෙදෙනකු සහ පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ මෙසේ තහනම් කර ඇත.
තවත් පොලිස් කොස්තාපල්වරයකු සහ කාන්තා පොලිස් කොස්තාපල්වරියන් දෙදෙනකු වෙනත් ස්ථානවලට මාරු කර යවා ඇත.
චිත්‍රපට හා ටෙලිනාට්‍ය නිෂ්පාදකවරියක ගේ රන් මුදුවක් සොරා ගැනීමක් සම්බන්ධයෙන් ඉකුත් 11 වැනි දින වැලිකඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ශ්වසන අපහසුතාවයකින් පෙලුනැයි කියමින් රෝහල් ගත කිරීමෙන් අනතුරුව එම කාන්තාව මිය ගියාය. මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල මඩොල්සිම පදිංචිව සිටි ආර්. රාජ් කුමාර් 42 තිදරු මවකි.
අදාළ මරණය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා විමර්ශනයක් සිදුකරන ලෙස විශේෂ විමර්ශන ඒකකය වෙත කරන ලද නියෝගය අනතුරුව විනය විරෝධී ක්‍රියාවක් සිදු වී ඇති බවට අනාවරණය වී තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විනය විරෝධි මිනීමැරීම වෙන්න ඇති...! පව් නැති බැරිකමට ගෙවල්වලට වැඩ කරන්නන්ට මොවුන් හිතන්නේ මැරුවත් බේරෙන්න පුළුවන් වෙයි කියලා..., මොවුන්ට උපරිමයට දඬුවම් දිය යුතුයි. බයිස් කෝප් පුද්ගලයින්ගෙන් ප්‍රසාද ලකුණු ලැබුණේ අහිංසක අම්මෙකුගේ ජීවිතය නැතිකරලා...
ටෙලි නිළියක් හින්දි පොලිසිය රඟපාලා...
විකාර කර කර ඉන්නේ නැතිව විද්‍යාත්මකව ඒ මනුස්සයා මැරුණු හේතුව තහවුරු කරලා ඉන්න එපැයි.
මිනි මැරුමට දඬුවම ඔපමනයි. වැඩ තහනම් අයත් තව මාසෙකින් වැඩ.
තවමත් පොලිසි වල මෙවැනි දේ සිදුවීම කණගාටුවට කරුණක්.
කවුරුන් හෝ දුන් සංතෝසමකට ගිජුවෙලා එදාවේල හොයාගෙන ජීවත්වුණු අහිංසක කාන්තාවකට ගහලා මරන්න තරම් අමානුෂික වෙලා දැන් තනියම වමාරන්න වෙලා. ඇත්තටම මේ අයට උපරිම දඬුවම් වහාම ලබාදිය යුතුයි. කාලෙකට ඉස්සර මොරටුව පැත්තේ මෙහෙම දෙයක් වෙලා අප්පුහාමිලා විට දැන් ඉන්නේ හිරේ... මහා උන්දැගේ කකුලකුත් කපලා නිසා හොඳටම විඳෙව්වා. රාජකාරිය අකුරටම ඉටුකළ යුතුයි. එකේ කතා දෙකක් නැහැ. නමුත් තිරිසන්නු වගේ හැසිරුණොත් අපරාදේ තමන් විතරක් නෙවෙයි, අපරාදේ තැනගේ දරුවන්ටත් ඒ වරද විඳවන්න වෙන බව කවුරුත් හිතට ගත්තොත් හොඳයි...
ටෙලි නාට්‍යය නිෂ්පාදිකාව කිව්වට පස්සේ පොලිසියේ මහා එකෙක්නේ කොහොමහරි මුදුව හොයාගන්න ඕන කියලා ඔය මියගිය කාන්තාව ගෙන්නලා දස වද දීලා තියෙන්නේ කොහොමහරි පොලිසියේ පොඩ්ඩො ටික අපායට ගියා එතකොට මහා එකාට විරුද්ධව කිසිම දෙයක් කරන්නේ නැද්ද ඌ එතකොට බබා
පොලිස් අත්අඩංගුවට පත් මිනිසුන් මිය යන අවස්ථා බොහෝ ඇත. මනුෂ්‍යයින්ට වධ දීම, ලංකාවේ පොලිසියට සාමාන්‍යය දෙයක්, වධ දුන් කෙනෙකු මිය ගිය විට එය යටපත් කර මිය ගිය කාරණය වසන් කර වෙනත් හේතුවක් දැක්වීමත් ලංකාවේ වෛද්‍යය අංශවලටත් සාමාන්‍යය දෙයකි!!!. ඕනැම වරදක් කරන පොලිස් නිලධාරීන් මාරු කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් ද නැත. පොලිසියට බල පෑමක් කල හැකි රටේ ප්‍රසිද්ධ චරිතයක් නම් පොලිසිය එතැනය! - මේ පාලකයින් රැල මේ රට කිසිම දිනක මනුෂ්‍යයින්ට ආරක්ෂා වි නිදහසේ ජීවත් විය හැකි රටක් බවට පත් කරන්නේ නැත!
සුදර්ම නෙත්තිකුමාර චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකුය
මාරු කිරිලි නම් වැඩක් නෑ. හිරමනේ හඳට යැව්වත් කරන්නේ පොල් ගාන එක.
වැඩ තහනම දවස් කීයකටද? සවස් දෙක තුනකින් ඔය තහනම ඉවරයි. නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ.
ඕක ඉතින් බලන්න දෙයක් නැහැ, ගහලා මරන්න ඇති. අපි දන්නවනේ ඒ ගොල්ලන් ගැන.