
(අමදෝරැ අමරජීව )
මේ ආණ්ඩුවේ ඇත්තෝ කියනවා ඒ අය බුදුපිළිමය අත්අඩංගුවට ගත්තේ බුදු පිළිමයේ ආරක්ෂාවටලු. අපි අහනවා එහෙම නම් මහා සංඝරුවනට පහර දුන්නේ සාසනයේ ආරක්ෂාවටදැයි කියලා යැයි සීනිගම පුෂ්පාරාමාධිපති අකුරල මංජුලතිස්ස අමරපුර මූලවංශ මහා නිකායේ ලේඛකාධිකාරී හිමියෝ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථ බෝධිවර්ධන දහම් පාසල් ගොඩනැගිල්ලේ සිද්ධියේ නිරීක්ෂණයට අද (18) ත්‍රිකුණාමලයට වැඩම කර පැවැත්වු මාධ්‍ය හමුවකදි මෙම ප්‍රශ්නය මතු කළේය.
අමරපුර මූලවංශ මහානිකායේ සංඝරත්නය ප්‍රශ්නයට තුඩුදුන් බෝධිවර්ධන දහම් පාසල තිබෙන ස්ථානයට වැඩම කිරීමට ප්‍රථම තුවාල ලබා ත්‍රිකුණාමලය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන හිමිවරු දෙපළගේ සුවදුක් විමසා පිරිත් සජ්ඣායනා කිරීමක්ද සිදු කළහ.
අමරපුර මූලවංශ මහානිකායේ සංඝරත්නය ප්‍රමුඛ මහා සඟරුවන ප්‍රශ්නගත ස්ථානයට වැඩම කර සිද්ධිය සොයා බලද්දී හදිසියේම මිහින්තල රජමහා විහාරාධිපති ආචාර්ය වලවාහැංගුණ වැවේ ධම්මරතන හිමියෝද වැඩම කළහ.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ලේඛකාධිකාරීය අකුරළ මංජුල තිස්ස හිමියෝ බුද්ධ ප්‍රතිමා වහන්සේ අත්අඩංගුවට ගන්න ආපු පොලිසියේ උසස් නිලධාරියකු කියනවා අපි නිරාගමිකයි අපි ආගම් විරෝධීයි කියලා. මේක මහා භයානක ප්‍රකාශයක්. මේ ප්‍රකාශය මුළු ලෝකයම ප්‍රචාරය වෙච්ච වීඩියෝ දර්ශන වල පවා තියෙනවා. ඒ දර්ශනවලම තියෙනවා ස්වාමීන් වහන්සේලාට පහර දෙන එක. මේ නිසා අපි කියන්නේ ත්‍රිකුණාමලය බහු ආගමික ප්‍රදේශයක් විදියට බෞද්ධ වුණත් ඉස්ලාම් වුනත් කතෝලික වුණත් හින්දු අයකු වුනත් තම තමන්ගේ ආගම් මත දැරීම සහ ආගම් ඇදහීමේ නිදහස හැමෝටම තිබිය යුතුයි කියලා.පොලිසියේ ආදර්ශ පාඨයේ තියෙනවා "ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී" කියලා. ඒ කියන්නේ ධර්මයේ හැසිරෙන්නා ධර්මය විසින් රකිනවා කියලා. නමුත් ධර්මයට අනුව පොලිසියේ අය රකින්න පොලිසිය ධර්මයට අනුවද වැඩ කළේ කියලා අපිට ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජපක්ෂ නිකායේ චීවරදාරින්ට මහ සගරුවන කියලා අපේ උතුම් සංඝරත්නයට අවමං කරන්න එපා...
නෑ මෝල් බේබි 21ට කලින් බාප්පා ගහපු ගේමම ගහයි වගේ !!!!
බංකොළොත් දේශපාලුවන්ගේ එකම තුරුම්පුව ජාතිය සහ ආගම... මෙතැන තනිකර වෙන්නේ නැවතත් ජාතිවාදී ගැටුමක් නිර්මාණය කිරීමක්.
අධිකරණ නියෝගයකට පිටින් යන්න සිවුරක් දාපු පමණින් පුළුවන්ද? රහතන් වහන්සේ නමකට මරණ දඬුවම පනවපු වෙලේ (හොරු පිරිසක් උන්වහන්සේගේ පාත්තරේ හොර බඩු බැහැර කරලා ගිය නිසා), බුදු හාමුදුරුවෝ වැඩම කරලා උන් වහන්සේට උපදෙස් දුන්නා මිසක් රජතුමා හම්බෙලා නීතිය වෙනස් කරන්න ගිය බවක් අහලා නෑ. දැන් මේ අධිකරණ නියෝගයකින් අනවසර ඉදිකිරීම් නවත්වපු තැනකට හාමුරුවෝ ඇවිත් මොකෝ කරන්න ඉන්නේ...?
අර අළුත්ගම කලබලේ මතක් වුණා...
හාමුදුරුවනේ. ලන්කාව වටේම. හන්දියක් ගානේ බුද්ද රූප. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් කොහොමද රට වැසියාගේ හැදියාව. හාමුදුරුවරුනුත් ඒ වගේ. කිසිම හැදියාවක් නැහැ. රූප වන්දනාව නතර කරන්න. භක්තිය තියෙන්න ඕනෑ තමන්ගේ හදවතේ. සුදු ඇදලා හරි සිවුරක් ඇදගෙන හරි බොරුවට දේව රූපයකට වැන්දාට වැඩක් නැහැ. හිත සන්සුන් නැතිව ක්‍රෝධය, වයිරය පුරවාගන. නාකිමයිනා. කොහොමද රට පාලනය කරන කාලේ මල් වට්ටිය අර්න් නැගිටින්නේ. ඇවිදින්නේ. නමුත් පින් කෙරුවේ දුප්පත් රට වැසියාගේ මුදලින්. බාගයක් හොරා කෑවා ඉතුරු ටික පනසල් වලට පූජා කෙරුවා. අන්තිමට හොද නමක් ඉතිරිවුනාද කරපු පින්වල හැටියට. ගෙදරින් එළියට බහින්න බැරිවෙන්න නව නින්දාවයි. මැරුණත් නාමය බැබලෙන්නේ නැහැ කුණුවෙනවා. රටේ වෙන ප්‍රශ්න නැත්ද හමුදුරුවන්ට. නිකම් පිළිමයකට ජාති බේද අවුස්සන්නේ. අලිඇතුන් මැරෙනවා මරනවා... ඔවුන් වෙනුවෙන් එක හාමුදුරුනමක් කෑගහනවාද? ඉඩම්වල්ස්ට තියෙන තන්හාව... නැති කර ගන්න. අපි හොද නම්. අඩියක තරම් ඉඩක් තිබුණත් ඇති වදින්න දැකලා තියෙන වද මුස්ලිම් මිනිස්සු වේලාව ආව ගමන්. මහ පාරේ හරි කමක් නැහැ. රෙදි කෑල්ලක් එලන් වදිනවා. හිත කියන්නේ ඒකයි....
මේ ඉන්න කට්ටියටද මහා සංඝ රත්නය කියන්නේ ?
ෆල ජූස් බාර් එකක් බෙරගන්න තියෙන කැක්කුම සිංහල ජාතිය බේරගන්න තිබුනා නම්.