
(ඩයනා උදයංගනී)
දිවයිනේ ප්‍රදේශ රැසකට ඊයේ (2) රාත්‍රියේ සිට ඇදහැලුණු මහ වැසි හේතුවෙන් ඇතැම් ප්‍රදේශවල පහත්බිම් හා මාර්ග ජලයෙන් යට වී තිබිණි.
මේ හේතුවෙන් ජනතාව දැඩි දුෂ්කරතාවයට පත්වූහ.
ගංගා පෝෂණ කලාපයන්ට ද මහ වැසි ඇදහැලීම හේතුවෙන් ගංගා තුනක් ආශ්‍රිතව ගං වතුර අවදානමක් මතුව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය අද (3) නිවේදනය කළේය.
කළු, කැලණි ගංගා සහ අත්තනගලු ඔය ආශ්‍රිතව මෙම ගං වතුර අවදානම මතුව ඇත.
කළු ගඟේ ඇල්ලගාව ජල පෝෂක ප්‍රදේශයට අද (3) පෙරවරු 9.00ට අවසන් වූ පැව 24ක කාලයේදී මිලිමීටර 314.6ක වර්ෂාපතනයක් ලැබී තිබූ අතර අත්තනගලු ඔයේ දූනමලේ ප්‍රදේශයට මිලිමීටර 183.6ක් සහ කැලණි ගඟේ හංවැල්ල ජල පෝෂක ප්‍රදේශයට මිලිමීටර 178.3ක් වශයෙන් වැසි ලැබී තිබිණි.
අත්තනගලු ඔයේ ජල මට්ටම ඉහළයාම හේතුවෙන් ඒ ආශ්‍රිත පහත්බිම් ජලයෙන් යටව තිබූ අතර අත්තනගල්ල, ගම්පහ, මිනුවන්ගොඩ සහ ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ද ගං වතුර ඇතිවීමේ අවදානමක් පවතින බැවින් ජනතාව අවදානයෙන් සිටිය යුතු බව එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මීට අමතරව කැලණි ගඟේ ජල මට්ටම ඉහළයාමෙන් පූගොඩ ප්‍රදේශයේ ද පහත් බිම් ජලයෙන් යටව තිබිණි.
අතර සංචරණ සීමා පැවතියත් අත්‍යාවශ්‍ය සේවා රාජකාරී සඳහා යතුරුපැදිවල ගමන් ගන්නා පිරිස් වැසි හේතුවෙන් දැඩි දුෂ්කරතාවයකට පත්විය.
පොදු ප්‍රවාහන සේවා ද ක්‍රියාත්මක නොවීම හේතුවෙන් ඔවුන් මහ වැස්සේ තෙමීගෙන රාජකාරී සඳහා ගමන් කරනු දක්නට ලැබිණි.
තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 7ක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නිවේදනය කර තිබූ අතර කොළඹ, කළුතර, ගාල්ල, මාතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර යන දිස්ත්‍රික්කයන්හි මෙම අවදානම මතුව තිබේ.
මෙම ආපදා අවදානම සම්බන්ධයෙන් විමසිල්ලෙන් පසුවන ලෙස දිස්ත්‍රික් කළමනාකරණ ඒකක දැනුවත් කර ඇතැයි ද ප්‍රදීප් කොඩිප්පිලි මහතා කීවේය.
ඡයාරූප ශාන්ත රත්නායක




(ගම්පහ පහත් බිම් ජලයෙන් යටවී ඇති අයුරු තිලකරත්න දිසානායක)


(මාකඳුර වැව වැව පිටාර ගැලීමෙන් ප්‍රධාන මාර්ගය යටවී ඇති අයුර හේමලතා ඩී.හේවගේ)


(බුලත්සිංහල ප්‍රදේශයේ මාර්ග ජලයෙන් යටවී ඇති අයුරු ලක්ෂ්මින කුඩලිගම)


වේයන්ගොඩ අවට ප්‍රදේශ ජලයෙන් යටවතිබූ අයුරු (පුෂ්පකුමාර මල්ලවාරච්චි)


වාරණ ආනන්ද ඊ ජයකොඩි





2025 නොවැම්බර් මස 04
478
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2226
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1670
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහ වැස්සෙන් මංමාවත් රැසක් යට වෙයි
Demuni Uduwara Thursday, 03 June 2021 03:29 PM
‘‘දේවෝ වස්සතු කාලේන...‘‘?
Binkunndaa Thursday, 03 June 2021 07:27 PM
දේවෝ වස්සතු කාලේන... සබ්බ සම්පත්ති හෝතුච... පීතෝ භවතු ලෝකෝච ... රාජා භවතු ධම්මිකෝ...
kithsiri Thursday, 03 June 2021 10:41 PM
මේ නම් දේව ශාපයක් රටට ඵල දෙන්නේ... මහා අවාසනාවන්ත පාලකයින්ගෙන් දැන් අවුරුදු එකහමාරක ඉඳලාම රටටත්, ජනතාවටත් අපලයි....
sampath Friday, 04 June 2021 05:09 AM
අපිට පාරවල් ටික හද හද ඉන්න පුලුවන් අපිට තාම බැරි වුනානේ වැහි වතුර පාලනය කරන්න