
(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරීන්167දෙනකු සහ නාවිකයන් දහ දහස් දෙකක් ( 10002) පසුගිය වසර පහක කාලයේදී ( 2019- 2023) සේවය හැර ගොස් ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
එම තත්වය අවම කර ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබූ බවද එහි දැක්වේ.
මේ අතරේ නාවික හමුදාවට 2019 සිට 2023 දක්වා කාලයේදී නිලධාරීන් 537 ක් සහ නාවිකයන් 17734 ක් බදවා ගන්නා විට විශ්‍රාම හා සේවය හැර ගිය සංඛ්‍යාව පිළිවෙලින් 580ක් සහ 17734ක් වී තිබූ බව පවසන එම වාර්තාව නාවික හමුදාවෙන් ඉවත්ව යන සංඛ්‍යාවට සාපේක්ෂව බඳවා ගන්නා සංඛ්‍යාව සියයට 52 ක පහළ මට්ටමක පැවතුන බවද සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
642
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
307
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහ රොත්තක් නාවික හමුදාව හැර ගිහින්
Mangala Sunday, 01 September 2024 07:44 PM
දැන් ඉන්න තරුණයින්ගෙන් වැඩි පිරිසක් ආරක්ෂක අංශයේ ජොබ්වලට කැමැති නෑ. ගන්න පඩියට වඩා වැඩ වැඩියි. යුද්ධය කාලේ තිබුණු පිළිගැනීම දැන් අඩුවෙලා...
Lalla Sunday, 01 September 2024 08:09 PM
සාමකාමී කාලයේ බරපතල හමුදාවක් ඕන නෑ කියන එක ගැන නේද?
Prabha Sunday, 01 September 2024 10:05 PM
මුහුදෙන් වට උන ලංකාවට නාවික හමුදාවේ අවශ්‍යතාවය දිනෙන් දින වැඩි වෙනවා මිස අඩු නොවේ .
නිශාන් Sunday, 01 September 2024 11:26 PM
ඔව් යුද්ධයක් හෙට පටන්ගත්තොත් අනිද්දට පුරුදුකරලා හමුදාවක් හදන්න පුළුවන් නේ
AjithTuesday, 03 September 2024 02:40 PM
ඒ කියන්නේ හදිසි අවශ්‍යතාවයක් වුණොත් ටක් ගාලා නාවික හමුදාවක් කඩෙන් සල්ලි වලට ගන්න පුළුවන් කියලද?
Dilanka Gamage Sunday, 01 September 2024 08:35 PM
නාවික හමුදාව නැවත ප්‍රතිව්‍යුහගත විය යුතුයි. පැරැණි අදහස් වලින් ඉවත්ව වර්තමාන තාක්ෂණය සමග සම්බන්ධ විය යුතුවේ. නිලධාරින් සහ නාවිකයින් අතර ඇති දුරස්ථභාවය අවම කළ යුතුයි. ආධුනිකයින් මෙන්ම අනෙකුත් පුද්ගලයින් හමුදාව හැර යන හේතුව සොයා බලා එයට විසදුම් ගත යුතුයි. එසේ නොමැති වුවහොත් තවත් වසර කීපයක් තුළ නාවික හමුදාවේ පිරිස් බලය දුර්වල වනු ඇත.
Champike Monday, 02 September 2024 07:45 AM
ඉහළ නිලධාරින් පහළ අයට දක්වන ගරුත්වය ,ගෙදර වැඩ ,කඩේ යෑම,ළමයි ඉස්කොලේ අරන් යෑම්,නොනවා ශොපින් අරන් යෑම්.
සුපුන් දාමර Monday, 02 September 2024 09:55 AM
ඕක තනිකරම හොර ගුහාවක්. ඉහල නිලධාරින් ඉතාම අසීමිත ලෙස ප්‍රතිපාදන ඔවුන්ගේ සුඛ විහරණය සදහා යොදා ගන්නවා. නිලධාරින්ගේ නිවාස සුඛෝපභෝගි ලෙස ඇති අතර සෙබලුන්ගේ නිවාස අන්ත දුෂ්කර වේ. වැසිකිලි ඉතාම සීමිත වේ. විශේෂම කරුණ නම් බොහොමයක් නිලධාරින් සෙබලුන්ට සතුන්ට මෙන සැළකීමයි
Bunny Preena Monday, 02 September 2024 11:55 AM
ඉහළ තනතුරු වල ඉන්න නිලධාරීන් තමන් යටතේ සිටින සුළු නිලධාරීන්ට දෙන අසාධාරණ රාජකාරිවලට අදාළ නොවන වැඩ සේවය එපාවීම මෙයට ප්‍රධාන හේතුවක්....