IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහ මැතිවරණයට විදෙස් නිරීක්ෂකයෝ ඇවිල්ලා

(ලුසිත ජයමාන්න)

පාර්ලිමේන්තු මහ මැතිවරණයේ නිරීක්ෂණ කටයුතු සඳහා ජාත්‍යන්තර මැතිවරණ නිරීක්ෂකයෝ 10 දෙනෙක්ගෙන් සමන්විත කණ්ඩායමක් මෙරටට පැමිණ සිටිති.

ශ්‍රී ලංකා මැතිවරණ කොමිසමේ ඇරැයුමකට අනුව, ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින, රුසියාව සහ නෙදර්ලන්තය නියෝජනය කරමින් පැමිණි එම ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමට නිරීක්ෂකයෝ 10 දෙනෙක් ඇතුළත් වෙති.

නිදහස් සහ සාධාරණ මැතිවරණයක් දැකීමට තම අපේක්ෂාව බව ජාත්‍යන්තර නිරීක්ෂණ කණ්ඩායමට නායකත්වය දෙන, ඉන්දියාව නියෝජනය කරමින් පැමිණි ආචාර්ය නසීම් සයිඩි මහතා පැවැසීය ආචාර්ය නසීම් සයිඩි ඔහු මේ බව පැවැසුවේ, කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

නිරීක්ෂකයන් පිරිස මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුවන ආකාරය නිරීක්ෂණය කළ බවත්, මහ මැතිවරණය පැවැත්වෙන දිනයේ දිස්ත්‍රික්ක කීපයක ඡන්ද මධ්‍යස්ථාන වෙත ගොස් ඔවුන් ඔවුන්ගේ නිරීක්ෂණ කටයුතු සිදු කරන බවත්, ඉන් අනතුරුව ඡන්දය ගණන් කිරීම සහ ප්‍රතිඵල නිකුත් කිරීම ද නිරීක්ෂණය කරන බවත් මාධ්‍යවේදීන් හමුවේ ආචාර්ය නසීම් සයිඩි මහතා පැහැදිලි කළේය

තම කණ්ඩායම මැතිවරණ කොමිසමේ නිලධාරීන්, සිවිල් සංවිධාන සාමාජිකයන් සහ පොලිසිය සමඟ ද සාකච්ඡා කළ බව ද ආචාර්ය නසීම් සයිඩි මහතා වැඩි දුරටත් පැවැසීය.

“ප්‍රජාතන්ත්‍රවාදයට අනුව, රටේ නීති රාමුවට අනුව මැතිවරණ කටයුතු ඉතාමත් සාමකාමීව සිදුවේවි යැයි අපට විශ්වාසයි. මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ නිලධාරීන්, සිවිල් සමාජ සහ පොලිසිය මහත් කැපවීමෙන් ඔවුන්ගේ දායකත්වය සියයට සියයක් මැතිවරණය වෙනුවෙන් ලබා දෙනවා. මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් වීමෙන් පසු අප අපගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් මැතිවරණ කොමිසමට ලබා දීමට කටයුතු කරනවා” යැයි ආචාර්ය නසීම් සයිඩි මාධ්‍ය හමුවේ පෙන්වා දුන්නේය.



අදහස් (0)

මහ මැතිවරණයට විදෙස් නිරීක්ෂකයෝ ඇවිල්ලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 670 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1114 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site