(සුජිත් හේවාජුලිගේ සහ යොහාන් භාසුර)
මහ බැංකුවේ අධිපති ධුරයට තමා නැවත යන බවට පැතිර යන ආරංචිය තමා ප්‍රතික්ෂේප කරන්නේ හෝ තහවුරු කරන්නේ හෝ නැතැයි මුදල්,ප්‍රාග්ධන වෙළෙඳපොළ, රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසයි.
මහ බැංකුවේ අධිපති ලෙස තමා වසර අටකට වැඩි කාලයක් සේවය කර ඇතත් කිසිම රජයකින් විශ්‍රාම වැටුප විදියට තමා සත පහක් ගෙන නැති බවද හෙතෙම සඳහන් කළේය.
අඩු තරමින් තීරු බදු රහිත වාහනයක් හෝ ලබා ගෙන නැතැයිද කබ්රාල් මහතා පැවසුවේය.
විශ්‍රාම වැටුප තමාට හිමිවිය යුතු වරප්‍රසාදයක් බව පැවසූ මුදල් රාජ්‍ය ඇමැති වරයා 2006 වර්ෂයේදී එවකට ජනාධිපති ලේකම්වරයා තමාට දුන් පත්වීම් ලිපියේ විශ්‍රාම වැටුපක් හිමි විය යුතු බව පැහැදිලිව සඳහන් කර තිබුණේ යැයිද කීවේය.
නමුත් මේ දක්වා තමාට විශ්‍රාම වැටුපක් නොලැබුණු බවද ඔහු පැවසුවේය.
එක එක කණ්ඩායම් සමාජ මාධ්‍ය ඔස්සේ තමාට අද මඩ ගසන බවත් එවැනි මඩ අපහාස නින්දා මධ්‍යයේ තමාගේ ගමන වෙනස් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බවත් අජිත් නිවාඩ් කබ්රාල් මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා එවකට කඩා වැටෙන ග්‍රීසියට මුදල් ආයෝජනය කිරීම සම්බන්ධව අනුර කුමාර දිසානායක මන්ත්‍රී තුමා දිගින් දිගට විවේචනය කරනවා අප දැක ඇත. එම ආයෝජනය කල මුදල් වලට සිදුවූ දේ පැහැදිලි කිරීමක් කරන ලෙස ඉල්ලා සිටිනවා.
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ. ඔබට මුදල් ඕනා තරම් තිබෙනවානේ. ඉතින් රට වෙනුවෙන් ඔය විශ්‍රාම පඩියත් හිඟ මුදලත් ඉල්ලීමෙන් වැලකීම තමයි ඔබට කළයුතුව තිබුනේ.
ආයෙත් එනවද? අයියෝ අපේ මහා භාණ්ඩාගාරේ
වියත් මගේ කට්ටියනේ. කොහොමත් රටට යහපතක් නම් වෙන්නේ නැහැ
අනේ මෙහෙමත් තණ්හාවක්
ඉස්සර විදිහට මහබැංකු අධිපති පත්වුනානම් මේ මොකුත් නෑනේ. රට කොල්ලකන ක්‍රමය හදාගෙන ගජමිතුරු සංග්‍රහය සඳහා ඒ තනතුර යොදාගෙන.