
(විමුක්ති එස් රුද්‍රිගු)
බලපත්‍රලාභී වාණිජ බැංකු තමන් සතු තැන්පතු වලින් මහ බැංකුවේ තැන්පත් කළ යුතු මුදල් ප්‍රතිශතය සියයට 4 සිට සියයට 2 දක්වා පදනම් අංක 200 කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පෙරේදා (08) රැස්වූ අවස්ථාවේ තීරණය කර ඇත.
එළඹෙන 16 වැනිදායින් ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්චේදයේ සිට මෙම තීරණය ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
මෙම තීරණය හේතුවෙන් රුපියල් බිලියන 200 ක් පමණ මුදලක් දේශීය මුදල් වෙළඳපොළ වෙත මුදා හැරෙනු ඇතැයි අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කළේය.
එමගින් බලපත්‍රලාභී බැංකුවල අරමුදල් පිරිවැය අඩුවීමේ ප්‍රතිඵලයක් ලෙස වෙළඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහත හෙළීමට බැංකුවලට හැකියාව ලැබෙනු ඇතැයි විශ්වාස කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට උද්ධමනයට මොකද වෙන්නේ?
ඉන් එක කිරි කන්ඩුලක් පින්වතුනෙ, කිරට හන්ඩන මගෙ දරුවට දුන මැන.
උගන්ඩාවටද, සැන් මැරීනෝද, නැත්නම් සීෂෙල්වලටද?
නන්දලාලුත් රනිල් වගේම සුරංගනා කතා කියනවා.
මෙහිදී මුදල් සැපයුම වැඩි වේ. එම නිසා උද්ධමනය වැඩි වන අතර ණය පොලිය අනුපාතික හා ඉතුරුම් පොලී අනුපාතික අඩුයි. නමුත් අවදානම නිසා ණය පොලී අනුපාතිකය අඩු වීමට ඉඩක් නැත. එය වාණිජ බැංකුවලින් සිදු නොකරයි. සත්‍ය වශයෙන්ම බලනවා නම් විනිමය අනුපාතිකය ඩොලර්ට එරෙහිව රුපියල පිරිහීමට පත්වෙනු ඇත. නමුත් මහ බැංකුව කෘතිමව විනිමය අනුපාතිකයක් පාලනයක් කෙරෙන නිසා ඩොලරය රුපියලට එරෙහිව වැඩි වීමක් බලාපොරොත්තු විය නොහැක. නන්දෙ ආර්ථිකය කඩා වැටුණාට පසු ඕස්ට්‍රේලියාවට චුත වෙනු ඇත. ආර්ථිකය කඩා වැටීම ශ්‍රී ලංකාවේ ප්‍රධාන මැතිවරණයකින් පසුව අපට නිරීක්ෂණය කරන්නට පුළුවන් වනු ඇත.
මෙමගින් භාණ්ඩ හා සේවාවල මිල ඉහල යන වෙළඳපොලේ තවත් බොහෝ මුදල් සංසරණයට නැඹුරු නොවේද? මෙමගින් ශ්‍රී ලංකා රුපියලේ අගය විශාල ලෙස පහත වැටේ. අපි සිම්බාබ්වේ දෙසට ගමන් කරනවාද?
අතීසාරයට අමුඩේ තද කරලා වැඩක් නැහැ
අවුලක් නැහැ. උද්ධමනයත් මුදා හැරලා තියෙන්නෙ.