IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


මහ බැංකු වංචාවේ දස දෙනා මුදාහල තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

(රංජන් කටුගම්පොළ)

මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඇතුළු දසදෙනකු මුදාහරිමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය ලබාදුන් නියෝගය අත් හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් නිකුත් කළේය.

තවද ඒ සම්බන්ධයෙන් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ විභාග වන නඩුව ද අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය තවත් අතුරු නියෝගයක් නිකුත් කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නියෝගය නිකුත් කළේ නීතිපතිවරයා  ගොනු කොට කොට තිබූ විශේෂ අභියාචන පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙමිනි.

මෙම විශේෂ අභියාචනය පෙත්සම මුර්දු ප්‍රනාන්දු , ප්‍රීති පද්මන් සූරසේන , දිලිප් නවාස් , ශිරාන් ගුණරත්න සහ අර්ජුන ඔබේසේකර යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්  සලකා බැලිණි.

නීතිපති වෙනුවෙන් ජ්‍යේෂ්ඨ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ප්‍රියන්ත නාවාන මහතා පෙනී සිටියේය.



අදහස් (3)

මහ බැංකු වංචාවේ දස දෙනා මුදාහල තීන්දුවට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු නියෝගයක්

ranjith Monday, 06 November 2023 09:18 PM

මෙ ධරමද්වීපයේ අහිංසක ජනතාවගේ මුදල් කොල්ල කන පල් හොරුන්ගෙන් බෙරගන්න ගරු අදිකරනයෙ පිහිට පමනයි ජනතාවට තියෙන්නෙ.

:       2       4

Lalla Monday, 06 November 2023 10:39 PM

අර රාජපක්ෂ පැටව ගවුර් කෝපරේෂන් නඩුවෙන් නිදහස් වුන එකත් නවත්තන්න බැරිද?

:       0       4

nanda Tuesday, 07 November 2023 08:30 AM

මේ රට පල් හොරුන්ගෙන් බේරාගන්න

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 11 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 116 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site