
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
නිවාස සංවර්ධන අමාත්‍යාංශය 2015-2019 කාලයේදී රටපුරා හැට හත්දහසකට රුපියල් කෝටි 3000 ක් ණය වශයෙන් ගෙවා ඇතත් ඉන් එකතු කර ගෙන ඇත්තේ රුපියල් කෝටි 400ක් පමණක් බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී සරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය
එසේ ණය ලැබූ 2400ක්ම සිටින්නේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බවද ඔහු සඳහන් කළේය.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසුවේ කිරි හරක් 20,000ක් ගෙන්වීමේදී සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන්වූ සභාව කල්තබන අවස්ථාවේ විවාදයේදීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් කියව කියවා ඉන්නේ නැතුව වහාම අයකර ගන්න. ගෙවන්න බැරි අයව හිරේට දාන්න. අයකර ගත්තේ නැති නිලධාරීන්වත් හිරේට දාන්න. හැබැයි මේක වෙලා තියෙන යහපාලන ආණ්ඩුවේ අනුරත් ලොකු කොටස්කාරයෙක්. ඒ නිසා ඔයා කයිය ගැහුවාට ඕක යටයයි...
මේව පාර්ලිමේන්තවේ කියෙව්වට වැඩක් තියේද ?දීල තියෙන්නෙ ණය නෙ.ඒව අයකරගන්න නිලදාරීන් දැනගන්න ඕනි. සාමාන්‍යයෙන් මේවගේ ආයතන හදල නිවාස නැති දුප්පත් මුනිස්සුන්ට නිවාස අරමුනු වෙනුවෙන් උදව් කරන්න. .මේ වගේ ආයතන හදල තියෙන්නෙ ඒකට.මේ ණය දෙන්නෙත් ගෙවීමේ හැකියාව බලල නෙවෙයි දුප්පත්කම බලල.. ඒව අයකරගන්න ක්‍රමයක් හදන්නෙ නැතිව කයිය ගහල වැඩක් නෑ.ඔය කියන හම්බන්තොට මිනිස්සු චන්ඩින් ගෙන් මාලිමාව ඉහලින්නෙ දිනෙව්වෙ. ආන්ඩුව ගත්තට පස්සෙ දුප්පත් මනුස්සයෙකුට එක ගෙයක්වත් හදල දීල තියේද මේ ආන්ඩුව? ජීවත්වෙන්න කිසිම අත්‍යවශ්‍යය භාන්ඩටක් අඩුවට නෑ.ගිනි ගනන්..හොරු ඇල්ලුවට මදි.මිනිසුන් ට සහන දෙන්න ඔනි.ඒක කරන්න නම් නිෂ්පාදනය වැඩිකරල ආදයම් උපදවන්න ඕනි.ඒව දන්න්වද මේ මිනිස්සු.?
මොනවද කියන්නේ, ණය ලබාගත් සියලු දෙනාම FCID කැඳවා, ණය දුන් නිලධාරීන් සමග අත් අඩංගුවට ගන්න. එතකොට ණය ප්‍රශ්න සහ රටේ ප්‍රශ්න සියල්ල විසඳේවි.
බු හා හා, මේ ආණ්ඩුව ඇප නැතිව ණය දෙන්න යනවා කියල මේ පත්තරේ අද ප්‍රවෘත්තියක්! ඉතින් ඔය මාලිමා මහදැනමුත්තෝ කියන්න බලන්න ඒ ණය අයකරගන්නා විදිය?