(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ ඉන්දිකා රාමනායක)
අකුරැස්ස දෙදියගල ප්‍රදේශයේ නිවසක සිටි 26 හැවිරිදි තරුණියකට කොටන තුවක්කුවකින් වෙඩි තබා තුවාල සිදු කළ බව කියන ඇගේ මස්සිනා සැකපිට අත් අඩංගුවට ගත් බව බංගම පොලීසිය පවසයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු තරුණිය වෛද්‍ය ප්‍රතිකාර සදහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.
සැකකරුගේ හා බිරිදගේ ප්‍රශ්නවලට නෑනා මැදිහත් වන බවට ඇති කර ගත් පවුල් ආරවුලක් මෙම අපරාධයට හේතු වී ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
වෙඩි තැබීමෙන් පසු සැකකරු පලා ගොස් ලේනව කැලෑවක සැගවී සිට තිබු අතර අකුරැස්ස පොලීසියේ වැඩබලන ස්ථානාධිපති සුදත් සුදුසිංහ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ සෝදිසි මෙහෙයුමකින් පසු ඔහු අත්අඩංගුවට ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
"කොටන එකෙන් නෑනට හානි" කියලා සිරස්තලය තියමු.
"අක්කාට " කියලා මුලට දැම්මනම් හරි.
සොයුරිය ඔබට ඉක්මන් සුවය පතමු.... ඔය කොටන තුවක්කු තහනම් කරන්න ඕනේ. ඕවගෙන් කොටලා මිනිස්සුත් මරයි.
කොහොමද තුවක්කුවෙන් කොටන්නේ. බටයක් නැද්ද ඕකට. කැත්තක් වාගේ තලයක්ද තියෙන්නේ.???