
(තුසිත කුමාර ද සිල්වා)
මෙවර පැවති අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් බුද්ධ ධර්මය, සිංහල ඇතුළු විෂයන් නවයටම ‘‘ඒ‘‘ සමාර්ථ ලබාගැනීමට අලුත්ගම දර්ගා නගරය ලොටස් පාරේ පදිංචි මොහොමඩ් රිෆ්කාන් මොහොමඩ් අර්මාශ් සිසුවා සමත් විය.

මූලික අධ්‍යාපනය ලැබූ අලුත්ගම මහා විද්‍යාලයට සහ දැනට අධ්‍යාපනය ලබන ලුම්බිණි මහා විද්‍යාලයට මහත් ගෞරවයක් අත්කර දීමට එම සිසුවා සමත් වී තිබේ .
,,මේ ජයග්‍රහණයේදී මා සමඟ සෙවණැල්ලක් සේ සිටි මාගේ මව පියා මෙන්ම මගේ පන්තිභාර ගුරු ස්වාමීන් වහන්සේ වන ගැටමානේ තිස්ස හිමියන් මෙන්ම විදුහල්පති ප්‍රියන්ත කරුණාරත්න ගුරුපියාණන් ඇතුළු සමස්ත ගුරුභවතුන් ප්‍රථමයෙන් මා සිහි කරනවා .
මගේ පියා දර්ගා නගරය නාකන්දලගොඩ ශ්‍රී ඤාණිස්සර මහා විද්‍යාලයෙන් සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබා උසස්පෙළ සමත් වුණා තාත්තා අප සමග නිතරම කියනවා. ඒක ඇහුවාහම මටත් ලොකු ආශාවක් ඇති වුණා එවැනි ජයක් ගන්න.
මම පළමු වසරේ සිට පස් වැනි ශ්‍රේණිය තෙක් අලුත්ගම මහා විද්‍යාලයෙන් ඉගෙන ගත්තා. එහිදී ශිෂ්‍යත්වය හොඳින් සමත් වී ලුම්බිණි විද්‍යාලයට ඇතුළත් වුණා.
කොරෝනා වසංගත තත්ත්වය මැද වුවද ඉගෙණුම් කටයුතු හොඳින් සිදු කර මේ ජයග්‍රහණය අත් කර ගත්තා

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුතේ උණුසුම් සුබ පැතුම්! ඔබගේ අනාගතයට ජයෙන් ජයම වේවා!
ජයවේවා...! බුදු සරණයි...!
උණුසුම් සුබ පැතුම්...! නියම ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඉදිරියට යන්න...
මුස්ලිම්වරුන් වෙනත් ආගමක් හැදෑරීමෙන් විශාල ජයග්‍රහණයක් ලබා ඇත. ඔබ සැම දෙනාම අන්‍ය ආගම විවේචනය කරනවාට වඩා ආදර්ශයක් තබා ඇත. ආගම විවේචනය කරන්නන්ගේ දෑස් විවර වේවා
පුතා ඡයවෙිවා! හරිම සතුටුයි මම 1979 දි බුද්ධාගම විෂයට D ගත්තා හොදින් ඉගෙන රටට අවංකව සේවය කරන්න පුතා
පුතා රටට හොඳ ආදර්ශයක් දුන්නා .ජාති ආගම් අනුව පාසැල් රටට අනවශ්‍ය බව පෙන්නා දුන්නා
පුතේ ඔබට අපගේ උණුසුම් සුබ පැතුම්....!!! කිසිදා අන්තවාදීන්ට නොරැවටී තමන් උපන් රටට තම යුතුකම්, වගකීම් ඉටුකිරීමට මෙන්ම තමන් උපන් රටට තම "කලගුණ සැලකීමට" ඔබට හැකි වේවා..!!! පුතාට ජය...!!!
සුබ පැතුම් ! ... හොඳින් ඉදිරි අධ්‍යාපන කටයුතු කරගෙන යන්න .
හැබැයි දැන් තියන බුද්ධාගම පේපර් එකට බුදු හාමුදුරුවෝ උත්තර ලීවා නම් උන්වහන්සේ ෆේල්.
ඉතාමත් සන්තෝෂයි පුතා .ඔබගේ ඉදිරි අධ්‍යාපන කටයුතු මීටත් වඩා සාර්ථක වේවායි ප්‍රර්ථනා කරන අතරම ඉදිරියටත් හොඳට ඉගෙන ගෙන මේ රටේ මේ ජාතීන් අතර තියන අසමගිකම් නැති කරන විදිහට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිමි .ඔබට තෙරුවන් සරණයි
ඔබ සැබෑ දක්ෂයෙක්... හොඳින් ඉගෙනීමේ වැඩ කරගෙන යන්න. ඔබට ජය ප්‍රාර්ථනය කරනවා.
ඉතා බුද්ධිමත්, උගත් දෙමාපියන්ගේ රටට වැඩදායක වාසනාවන්ත දරුවෙකි... සුබ පැතුම්...!!!
සුබපැතුම්...!
හරිම සංකීර්ණයි. ඒත් පරිස්සමට තේරුම් ගත්තොත් හරි වටිනවා. ඒ පුතාට සුබ පතනවා. මගේ මව්බිම හරිම නිදහස් රටක්. කැමති කෙනෙක්ට තමන්ට උප්පත්තියෙන් දායාද වුණු ආගම නැතුව වෙනත් දහමක් ඉගෙනගෙන විභාගයකට පෙනී ඉන්නත් පුළුවන් (ඇෆ්ගනිස්තානයේ එහෙම බෑ). හැබැයි යම්කිසි කලබලකාරී තත්වයක් යටතේ (මට අනුව පීඩනයක්) වෙනත් දහමක් ඉගෙන ගන්න, විභාගයක් ලියන්න හොඳ වීර්යයක් තියෙන්න ඕනේ. මොකද එක එක කතා අහන්න වෙන නිසා. හොඳ දේ හොඳ විදිහට තේරුම් ගමු. ඒ පුතාට ඉගැන් වූ පින්වත් ස්වාමීන් වහන්සේටත් පුතාටත් තෙරුවන් සරණ වේවා...!!!
ලංකාද්වීපයේ ආඩම්බරය... ඔබට සහ ගුරු මණ්ඩලවලට ජයවේවා..!!!
පුතාට අනාගතයේදී තම මෞබිමට ඉමහත් සේවයක් කිරීමට වාසනාව ලැබේවා කියා ඉතසිතින් පතමි
වෙන වෙනම ඉස්කෝල නැතිව රටේ තියෙන පොදු පාසල් වලට සියලු ළමයින් යනව නම් බොරු බෙදීම් ඇති වෙන්නෙ නෑ. නමුත් ඒක සිදුවෙන්නේ නෑ.
මේක අද ඊයේ වෙන එකක් නෙවෙයි .මගේ ගම රුවන්වැල්ල ,මම දන්නා කීප දෙනෙක්ම බුද්ධාගමට "ඒ "සාමාර්ථ අරගෙන තියනවා .සුභ පැතුම් පුතා