(විනීතා එම් ගමගේ)
කතෝලික පල්ලි හා හෝටල්වලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයට තමන් සම්බන්ධ නැතැයි කියන්නට මුස්ලිම් ජනතාවගේ නායකයින් යැයි කියා පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට තවමත් නොහැකි වී ඇතැයි මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ මාධ්‍ය ලේකම් ආචාර්ය රොෂාන් හාසිම් මහතා ප්‍රකාශ කළේය.
මේ නායකයින්ට පාර්ලිමේන්තුව තහනම් කර ඔවුන් ගැන පරීක්ෂණ ආරම්භ කළ යුතු යැයි තම සංවිධානය රජයට යෝජනා කර සිටින බව ද ආචාර්ය හාසිම් සඳහන් කළේය.
කුඩා කණ්ඩායම් ලෙස සංවිධාන ගතවී සිටින මුස්ලිම් සංවිධාන වහා තහනම් කර එම කණ්ඩායම් තුළ සිදුවන ආගමික භාවිතාව කුමක්දැයි සොයා බැලීම සඳහා ජමියතුල් උලමා සංවිධානයට බාරදෙන්නැයි තමන් ඉල්ලා සිටින බව ද හෙතෙම සඳහන් කළේය.
එකී ප්රහාරයන්ට විරෝධය පළකරමින් වැඩ නොකර සිටින්නැයි එම නායකයින් යැයි කියාගන්නා තැනැත්තන් ඉල්ලා සිටින්නේ යැයි කී ලේකම්වරයා එසේ සිටීම නිසා රට තව දුරටත් ආපස්සට යන බව මෙම තැනැත්තන්ට නොතේරීම රටේ අවාසනාව යැයි ද කියා සිටියේය.
දිගන දී මෙම පිරිස් කළ මැදිහත්වීම් මේ අවස්ථාවේ නැත්තේ මන්දැයි තමන් විමසා සිටින බව කී ආචාර්ය රොෂාන් හාසිම් සුළු මුස්ලිම් පිරිසක් විසින් කරන ලද ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවටම ඇගිල්ල දිගු කරන්න එපා යැයි ජනතාවගෙන් ඉල්ලා සිටින බව ද පැවැසීය.
කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළ අතර වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීවේය.
"මුස්ලිම් දේශපාලන නායකයින් මුස්ලිම් සංවිධාන හා මුස්ලිම් ජනතාව නියෝජනය කරනවා නම් වහාම ඉදිරියට එන්න. දිගනදී කරපු කැපකිරීම දැන් ඉටු කරන්න. සුළු මුස්ලිම් පිරිසක් විසින් කරපු ත්‍රස්තවාදී ක්‍රියාවක් වෙනුවෙන් සමස්ත මුස්ලිම් ප්‍රජාවටම ඇගිල්ල දිගු කරන්න එපා. අපි සෑහෙන්න අසරණ වෙලා තියෙන්නේ. මේ රටේ ඉන්න සුළු ජන කොටසක් ලෙස මුස්ලිම් නායකයින්ගෙන් ඈතට වෙන්න. මේ අය කවදාවත් තමන්ගේ සාක්කුවෙන් කිසිම දෙයක් මුස්ලිම් ජනතාවට ලබාදුන්නේ නෑ."

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න කරනවා නම් වැඩේ?
ආණ්ඩුව තනිකරම කරන්නේ මහා වංචාවක්.. ත්රස්තවාදීන් ආරක්ෂා කළ, ඔවුන් සමග සම්බන්ධතා තිබූ සහ පවතින වර්තමාන ආණ්ඩුව නියෝජනය කරන මුස්ලිම් මැති-ඇමතීන් බොහෝ පිරිසක් ගැන මුළු රටම චෝදනා කරන අවස්ථාවකදී සහ ඔවුන්ගේ චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි පවා තිබියදීත් ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට ආණ්ඩුව ක්‍රියා නොකිරීම මහජනතාව වන අපව භීතියට පත් කිරීමට සමත්ව ඇත. මෙමගින් ආණ්ඩුව සහ ත්‍රස්තයින් අතර සම්බන්ධතාවක් ගොඩනැගී ඇත්දැයි අපට සිතේ. වෙන රටක මෙහෙම දෙයක් සිදුවී පැයක්වත් යන්න මත්තෙන් මොවුන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට තිබිණි. තමන්ගේම රටේ අන්තවාදය සුරකිමින්, ත්‍රස්තවාදය හුරතල් කරමින්, තමන්ගේම මිනිසුන් ත්‍රාසයට පත්කරන වෙනත් ආණ්ඩුවක් මෙලොවෙහි තවත් ඇත්දැයි නොදනිමි...
දිගන හා බේරුවල සිද්ධීන් වලදී සිංහල මිනිසුන්ගේ හැසීරීම විවේචනය සිදුකළ සිංහල නායකයිනුත් දැන් අැඳ යට... ඔවුන්ට අාවැඩූ අලුත් පරපුරවල්, පුරවැසි බලයවල් කාෙහේද කියලාවත් නෑ.
මේ අය දැන් තමයි බබාපාට් රඟපාන්නේ... කලින් ඕවා ගැන පොලිසියට කියන්න තිබුණා නේද? දැන් ඔක්කොම මුස්ලිම් අය... සුදනන් වෙන්න හදනවා. අපේ කට්ටියත් මේවට රැවටෙනවානේ...
මොවුන් පාර්ලිමේන්තුවෙන් ඇදලා දාන්න පුළුවන් මුස්ලිම් ප්‍රජාවටම තමයි. ඔබලාමනේ ඡන්දෙ දීලා ඇතුළට දැම්මේ...
මේ තරම් තමන්ගේ මව්බිම විනාශකරන තවත් ආණ්ඩුවක් මේ ලොව කොහෙවත් නැතුව ඇති. ඡන්ද කල් දමදමා බලෙන් රට පාලනය කරනවා විතරක් නොව... ගෙදර යාමට පෙර මුලුරටම විනාසම කරලා යන්න උපරිම උත්සාහ කරන්නේ. හෙන ගහනවා මේ රටට කරන විනාසෙට නම්...
දැන් අහිංසකයි මයේ අම්මා... කරපු කෙනෙකුත් නැහැ, උදවු කරපු කෙනෙකුත් නැහැ... දැන් පේන්නේ සිංහල අය වගේනේ කරලා තියෙන්නේ...
ලංකාවේ ඉන්න ළිං මැඩියන්ට සත්‍ය උගන්වන්න බැහැ. දේශපාලන බලය වෙනුවෙන් ඕනැම කුපාඩිකමක් කරන සිංහල දේශපාලකයන් කවදාවත් මේ සත්‍ය තේරුම් ගන්නේ නැත. ලෝකය දැකලා අධ්‍යයනය කරපු මිනිස්සුන්ට ඒ සත්‍ය ලෝකයට කියන්න විදියක් නැහැ. ඔවුන්ට නිදහසක්ද නැත. ජාතිවාදීහු හංවඩු ගසති. කවුරු මොනවා කිව්වත්, ලෝක සත්‍යයට අනුව මුස්ලිම් සංවිධාන අන්තවාදී වූ ම්ලෙච්ඡතම සංවිධානයි. ඉස්ලාම් භක්තිකයින් ලොව කොතැන සිටියත්, කුමන ආගමික සංවිධානයට අයත් වූවත් ඔවුන්ගේ අරමුණ පොදුයි. ඔවුන් ඔබේ හොඳම මිතුරාද, අසල්වැසියාද විය හැක. එහෙත් ඔවුන් ඔවුන්ගේ ආගම නැදෑකම් හෝ හිතවත්කම් වෙනුවෙන් කැප කරන්නේ නැත. ලංකාවේ දේශපාලකයින්ද, ඊනියා උගතුන්ද නොදැන සිටියාට ලෝකයේ සියලුම රටවල් ඉස්ලාම් ආගමේ අන්තවදය සහ ම්ලෙච්ඡත්වය තේරුම් ගෙන තමන්ගේ රටවල් එයින් බේරා ගැනීමට දැඩි උත්සාහයක් දරමින් සිටිති.
දැන් තමයි මේගොල්ලන්ගේ ඇස් ඇරිල තියෙන්නෙ.
මැතිවරණයක් ආවම ගොඩක් අය ගෙදර...
ලොක්කගේ අර සමුළුවට අාවේ නැත්තේ අර සංවිධානයේ 7, 8ක් පමණි. අපි දැක්කා අනිත් අය යසඅගේට බණ කියනවා..
ජමියතුල් උලමා සභාවට මේ වැඩේ බාර දෙන එක හොරාගේ අම්මගෙන් පේන ඉල්ලන එකට සමානයි. මුස්ලිම් කටයුතු දෙපර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සම්බන්ධ කළයුතුයි. හැබැයි මේ ප්‍රධාන පක්ෂවල් සම්බන්ධ ආණ්ඩුවලින් මේවා බලාපොරොත්තු වෙන්න බැහැ...
ජෙප්පෝ සද්ද නැත්තේ ඒ ගොල්ලොත් හම්බ ඡන්ද බලාගෙන ඉන්න නිසානේද? දෙන්නම් ඔබලාට ලබන සැරේ. ඔබලා කතා කළත් වරදිනවා, නොකළත් වරදිනවා. කථා කළත් තොපි නසී, කථා නොකළත් තොපි නසී...