(සනත් ගමගේ)
අම්බලන්තොට මල්පෙත්තාව මහ විදුහලේ සේවය කරන මුස්ලිම් ගුරුවරයෙකු පාසලෙන් ඉවත් කරන ලෙස ඉල්ලා එම පාසැලේ සිසුන්ගේ මව්පියවරුන් පිරිසක් (23) විදුහල ඉදිරිපිට පැවති විරෝධතාවයකට අනුව ගුරුවරයා ඉවත්කිරීමට හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු පියවර ගත්හ.
පාසලට පැමිණෙන සියලු සිසු දරුවන් හා ගුරුවරුන්ව පොලිස් නිලධාරීන්, දෙමාපිය ආරක්ෂක කමිටුව විසින් පාසල් ගේට්ටුව ඉදිරිපිට දී පරීක්ෂා කර, පාසලට ඇතුළත් කළද, මෙම ගුරුවරයා ඔවුන්ට තමාව පරීක්ෂා කිරීමට ඉඩනොදී පාසලට ඇතුළත් වන බව දෙමාපියෝ කීහ. එහෙත් මෙම ගුරුවරයා තමාව පරීක්ෂා කිරීමට ඉඩ දී ඇති බව පාසල් ගුරුවරු පැවසූහ.
ගුරුවරයා පාසලේ සිටින කාලය තුළ දරුවන් ආනාරක්ෂිත හෙයින් දරුවන් පාසලෙන් ඉවත් කර ගැනීමට දෙමාපියෝ සූදානම් වූහ. එහිදී හම්බන්තොට කලාප අධ්‍යාපන කාර්යාලයේ නිලධාරීහු හා අම්බලන්තොට පොලිසියේ නිලධාරීහු ද පාසල් සංවර්ධන සමිතියේ නියෝජිත පිරිසක් ද සමග සාකච්ඡා කර අදාළ ගුරුවරයා එම අවස්ථාවේදීම පාසලෙන් ඉවත් කර කළාප කාර්යාලයේ වෑන්රථයෙන් හම්බන්තොට කලාප කාර්යාලයට රැගෙන ගියහ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට කලාප අධ්‍යක්ෂිකා ඒ.ජී සමන්ති මහත්මියගෙන් විමසීමේදී ඇය පැවසුවේ අම්බලන්තොට මහ විදුහලේ මෙම මුස්ලිම් ගුරුවරයා සම්බන්ධයෙන් ඔප්පු කර හැකි චෝදනා කිසිවක් නැති බවයි. පාසලේ පරීක්ෂා කිරීම්වලට සහාය දක්වන ලෙස මෙම ගුරුවරයාට උපදෙස් ලබා දුන් බවද කලාප අධ්‍යක්ෂිකාව සඳහන් කළාය. මෙම ගුරුවරයා සම්බන්ධයෙන් සොයා බැලීමට පොලීසියට දන්වා ඇති හෙයින් දෙමාපියන් පිරිසක් මෙම විරෝධය පළ කරන බවද ඇය සඳහන් කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්තවාදීන් බිහි කරන්න උදව් කරනවා අපේ මිනිස්සු හැම මුස්ලිම් මිනිහම අන්තවාදියෙක් කියල හිතන්න ගියොත් මේ රට ඉවරයි . ඔය පැත්තේ කාන්තාවන් ගොඩක් ඉන්නේ මැද පෙරදිග....බිරිඳව මද පෙරධිග රට යවල ලංකාවේ මුස්ලිම් අයට විරුද්ධ වෙනවා
මේ ජාතිවාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න බැහැ...
ඉතුරි ටිකත් ත්‍රස්තවාදියෝ කරලම මේක අවසන් කරන්න
ඊයෙ මගේ පුංචි දුව කිව්වා එයාව ඉස්කෝලේදි පරීක්ෂා කරනවා මදි කියලා. නිවැරදි අහිංසක දරුවො පාසලේම ආරක්ෂාව වෙනුවෙන් එහෙමයි හිතන්නෙ . මේ තරම් වැරදි කර අසුවෙලා තියෙද්දිත් මේ නිවට මිනිසා හැසුණු ආකාරය ඉතාම සැක සහිතයි. ඊට විරුද්ධ වූ සියලු දෙනා සාධාරණ ය.
මේ වලින් වෙන්නේ සහරන්ගේ කණ්ඩායමට තව තවත් සමාජිකයෝ ඇල්මක් දක්වන එක වැඩි වෙන එක
මේක එච්චර හොද ප්‍රවණතාවයක් නොවේ මුස්ලිම් වූ පමණින් සැක කරන වැරදියි..... එහෙම උනිත් ඔවුන්ට ඇතිවෙන වෛරය නිසා ඔවුන් ත්‍රස්තවාදී පිළිවෙතට තල්ලු කිරීමක්
ඇත්තම කතාව සිංහලයෝ හොඳයි, අහිංසකයි. එ්කයි මුස්ලිම් අය බය නැත්තේ. බය නැතුව දඟලන්නේ එ්කයි.
ඇතුල්වෙන ගේට්ටුව ළඟ පමණක් පරික්ෂා කරනවා.. සෑම විදුහලකම නමුත් මොනතරම් තැන් තියනවද පාසලකට ඇතුල්වෙන්න පුළුවන්... වටේටම බැම්මක් බැඳ තිබෙන්නේ විදුහල් කීයකද? මේවා බොරු විකාර ගහන්න ඕනෑ නම් ඕනේ තරම් අවස්ථාව තියෙනවා..
ජාති වාදය ඔඩු දුවල වෛරය හිත වල පුරවලා ලබා ගත හැකි ජයක් නැත
අපේ ජාතියට දැන් තියෙන්නේ මානසික රෝගයක්.. ශ්‍රී ලාංකිකයන් හැටියට ලැජ්ජා වෙන්න ඕනෑ.