(අජන්ත කුමාර අගලකඩ සහ ජයන්ත සමරකෝන්)
කැබිනට්, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිධූරවලින් ඉවත් වූ මුස්ලිම් මන්ත්‍රීවරුන් නව දෙනා සිය ධූරවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත මෙතෙක් භාරදී නැතැයි ජනාධිපති කාර්යාලය ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම එම ඇමැතිවරුන් කිසිවකුත් සිය නිල වාහන භාරදී නොමැති අතර පෞද්ගලික කාර්ය මණ්ඩලයද ඉවත් කර ගෙන නැතැයි වාර්තාවේ.
මෙම මන්ත්‍රීවරුන් කැබිනට් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍ය ධූරවලින් ඉවත්වීමේ ලිපි භාරදී ඇත්දැයි ජනාධිපති කාර්යාලයේ ඉහළ නිලධාරියෙකුගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේද එවැනි ඉල්ලා අස්වීමේ ලිපි කිසිවක් අද (05) රාත්‍රීය වනවිටත් ජනාධිපති කාර්යාලයට ලැබී නොමැති බවය.
මේ අතර අදාල මන්ත්‍රීවරුන් අමාත්‍යධූර දැරූ අමාත්‍යාංශවල ලේකම්වරුන් කිහිපදෙනෙකුගෙන් කළ විමසීමකදී ඔවුන්ද සඳහන් කළේ ඉල්ලා අස්වූ අමාත්‍යවරුන් නිල වාහන භාරදීමක් හෝ කාර්ය මණ්ඩල ඉවත් කර නොමැති බවත්ය.
මේ සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතාගෙන් කළ විමසීමකදී අදාල අමාත්‍යවරුන් ඉවත්වීමේ ලිපි භාරදී ඇතිබව සඳහන් කළේය.
අනෙකුත් හිටපු අමාත්‍යවරුන්ට, රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ නියෝජ්‍ය ඇමැතිවරයාට මේ සම්බන්ධයෙන් විමසීමට දුරකථන ඇමතුම් ලබාගත්තද ඔවුන් ඊට සම්බන්ධ කර ගැනීමට නොහැකිය.
මෙසේ ඉල්ලා අස්වී ඇත්තේ,
ඉල්ලා අස්වන බව කී කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු
- නගර සැලසුම් ජලසම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍ය රවුෆ් හකීම්
- කර්මාන්ත හා වාණිජ අවතැන් පුද්ගලයින් නැවත පදිංචි කිරීම සමුපකාර සංවර්ධන අමාත්‍ය රිෂාඩ් බදියුදීන්
- මහාමාර්ග මාර්ග සංවර්ධන , ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්
- තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු අමාත්‍ය ඒ.එල්.එම් හලීම්
- කෘෂිකර්ම, වාරිමාර්ග ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය අමීර් අලි සියාබ්දීන්
- සෞඛ්‍ය පෝෂණ දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්
- පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය එච්.එම්.එම් හාරිස්
- සමාජ සවිබල ගැන්වීම් රාජ්‍ය අමාත්‍ය සියාබ් අලිසාහිර්
- වරාය නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල්ලා මහරුෆ්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහි සදහන් විස්තර එලෙසම සිදුවී ඇති නම් කව්රු කව්රුත් තම තමන්ව යස අගේට රවටා ගෙන ඇති බවක් පැහැදිලිය.
මේක නම් දුරදක්නා නුවනින් කරපු වැඩක්.
මේක තමයි සෙල්ලම. කිසිම විශ්වාසයක් කරන්න බැහැ ඔය මුස්ලිම් මන්ත්‍රීවරු. කියන්නේනම් එකක් කරන්නේ එකක්.
මෙයාලට රටේ නීති වලංගු නැද්ද.. ?
උන් ඔක්කොම එකතු වෙලා අපිට කොකා පෙන්නලා
දැන් මොකද වෙන්නේ ?
අපේ රතන හාමුදුරුවන්ට ආයෙමත් වැඩේට බහින්න වෙයි වගේ.
අපේ හාමුදුරුවනේ අපි දෙවැනි අදියර පටන් ගනිමු. රට පාලනය කරන්න මේ අය ඕනෙමද?
මාසයක් ගියාට පසේ නැවත මේ ඔක්කොටම ඇමතිකම් දෙනවා. මිනිස්සු ඕවට රැවටුණු කාලේ ගියා. මේ අයට දීලා තිබුණු සියලු අමාත්‍යාංශවලට පත්කරපු අයවත් අස්කරන්න ඕනේ... (සභාපතිවරු, අධ්‍යක්ෂකවරු) මාසයක් ගියාට පස්සේ නැවත මේ අයව පත්කරන කොටත් බදුර්දීන්ට ඇමැති පදවියක් දෙන්න ඉඩ දෙන්න හොඳ නැහැ. හැමදාම අපිව රවටන්න දෙන්න බැහැ.
කාවද මේ රවට්ටන්න හදන්නේ ?
සෑම්දාම,සෑමවිට්ම ඒ හැමෝම අපිට කොකා පෙන්නුවා.
වහාම වහාබි සංකල්ප රටේ පැතිරීම නීතියෙන් තහනම් කරන්න. බෝම්බ පිපිරිලා මාස 1.5 ක් ගියා මේ පාර්ලිමෙන්තුවේ ඉන්න අය මේ වෙනකල් මොන නීතිද සම්මත කරගත්තේ? එක එක්කෙනාට මඩ ගහනවට අමතරව රටේ ආරක්ෂාව වෙනුවෙන් හදිස්සි නීතිය යටතේ තියෙන නීති ඇරෙන්න වෙන කරපු දෙයක් අපිට කියන්න, පෙන්නන්න .මිනිස්සු පාරට බහින්නේ ඕව වෙන්නේ නැති හින්ද !
ජනතාව දේශපාලනයෙන් ඉල්ලා අස්වීම තමයි මේකට තියන හොඳම විසදුම.
තවත් එක් නාට්‍යයක් පමණයි.
මෙහෙම නොවුනානම් තමයි පුදුම වෙන්න ඕන.
මේ රටේ ඉන්න මෝඩ චූන් ගන්න (සම ) හරක් ටිකට මේක හොඳ රංගනයක් අන්තිමට බෙරේ පලුවයි නටපු නැටුමයි දෙකම නැහැ !මොකද මුන් ටික කවදාවත් නොයන හින්ද
දේශපලකයන් මෙසේ රවටන්න හදන්නේ ජනතාවද? මෙයින් පෙනීයන කරුණ නම් ඡන්ද දායකයා විහිලුවකට දමා දිගින් දිගටම රට අරාජික කිරීමයි.
කට්ටිය ගෙදර ඉඳල වැඩ. තනිකර බොරුවක් කරලා තියෙන්නේ.
ලිපි ටික ගෙන්නගන්න තව උපවාසයක් කරනවද..? කට්ටිය ගෙදර ඉඳන් වැඩ...
ඔය කට්ටිය කොහොමත් කපටි කම් වලට උපන් ජාතිය.
මම දන්නේ නැහැ. මට දුන්නේ නැහැ, මීට ජනාධිපති.
ඔක්කොම හිතාගෙන ඉන්නේ ඔවුන්ගේ ඔලුවේ කැක්කුමට අපි බෙහෙත් ගන්න ඕනේ කියලද ?
කාවද රවට්ටන්න හදන්නේ?
ඇමතිකම් රටේ ජන අනුපාත ක්‍රමයට බෙදල දුන්න නම් කිසිම ප්‍රශනයක් නැහැ. ඇමතිකම් 25 කට සිමා කරන්න. නියෝජ්‍ය ඇමතිකම් 25 ඇති. රාජ්‍ය ඇමතිකම්, නිල නොලත් ඇමතිකම්, පරීක්ෂණ ඇමතිකම්, එකී නොකී සුවහසක් ඇමතිකම් අලින් රටට වෙන වැඩක් නැහැ ඇමති පට්ටම් වලින් උන් ගැන හොයා ගන්නවා මිසක්.
මේවා නොවේ ජනාධිපතිට දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය රටේ තිබෙන වඩු මඩු , වඩුවොන්ට වෙන රස්සා හොයාගන්න කියල අවරුදු 5 කල් දුන්න , වඩුවෝ ටික එකතුවෙලා තව මස 5 -6 කින් ජනාධිපති ගෙදර යවාවී
දාලා යන්න බෑ. රහවැටිලා තියෙන්නේ. අයින් වුනොත් මුස්ලිම් ජනතාව හොඳ ගුටි පූජාවක් දෙයි මෙයාලට...