
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
මාසයක් එකහමාරක් ඉවසා සිටියොත් දූෂණ,වංචා,අල්ලස්, මූල්‍ය අවභාවිතා පිළිබඳ විමර්ශන සම්බන්ධයෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵලය රටට ලබා දිය හැකි බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජයපාල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
රජය දූෂණ,වංචා,අල්ලස්,මූල්‍ය අවභාවිතා පිළිබඳ විමර්ශන කිසිවක් නතර කර නැතැයි ද විජේපාල මහතා සඳහන් කළේය.
ඒ පරීක්ෂණ කිසිවක් දේශපාලනීකරණය වී නැතැයි කී ආනන්ද විජේපාල මහතා තම රජය පොලිසිය නිර්දේශපාලනීකරණය කර තිබෙන අතර රහස් පොලිසියට අවශ්‍ය කරන පුළුල් බලතල පවරා තිබෙන බව සඳහන් කළේය.
ඔවුන් ස්වාධීනව ඒ සියලු විමර්ශන කරමින් සිටින බව කී අමාත්‍යවරයා කවුරු කලත් දූෂණය ,වංචාව ,අල්ලස මූල්‍ය අවභාවිතාවට විරුද්ධව අනිවාර්යයෙන්ම කටයුතු කරන බවද රජයේ ගිවිසුම තිබෙන්නේ රටේ ජනතාව සමග යැයිද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලී ක්වාන් යූ, කීප් සිංගප්පුර් ක්ලීන් ව්‍යාපෘතිය 1968 ආරම්භ කරාම විපක්ෂයේ වගේම රටේ මිනිස්සු කැමැති වුනේ නෑ. හැබැයි දිගටම වැඩ පිළිවෙල ගියා. 1990 වෙද්දී අවුරුදු 22න් දුප්පත් තැනේ සිට දියුණු, සංවර්ධිත රටක් බවට පරිවර්තනය කළා.. මමත් හිතනවා මේ ආණ්ඩුව ඒ වගේ නම් තව අවුරුදු 20ක් රට දියුණු සංවර්ධිත රටක් බවට පත් කරන්න පුළුවන්. මොකද එතකොට ඉතිහාසයේ ලියැවෙන්නේ ජෙවීපී ආණ්ඩුව රට දියුණු කරා කියලා. නැත්තන් පරණ තැටියම නම් ආයෙත් දේශපාලන කරන්න හම්බවෙන්නේ නෑ ජෙවීපි එකට...
ඒක තමා මිනිස්සු ඉවසාගෙන ඉන්නේ නැතිව යනවානෙ මැති ඇමැති වරුන්ගේ සහ නිලධාරීගේ අතේ පයේ එල්ලෙන්න. එවිට එතුමන්ලා වැඩකරන්නේ කොහොමද , ...
ඒ මාස එකහමාරෙන් පස්සේවත් රන්වල ජපානයෙන් ආචාර්ය උපාධි සහතිකය අරන් එයිද?
ටිකක් ඉවසලා ඉඳහල්ලකෝ... !