නිමන්ති රණසිංහ
ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරුන් වෙත අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම් කිරිමේ නියෝගය ඉවත් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (26) නියෝග කළේය.
නිදහස් පෙරමුණේ සාමාජිකයන් සඳහා ජනාධිපති කාර්යාලය කුලී පදනම මත වාහන ලබාදීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී එම නියෝග නිකුත් කරනු ලැබීය.
මෙම සිද්ධියේ සැකකරුවන් වූ මොහොමඩ් මුසම්මිල්, සරත් වීරවංස, ජයන්ත සමරවීර, හේමන්ත පෙරේරා සහ සේනාරත්න ද සිල්වා අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.
සිද්ධිය සම්බන්ධයෙන් වූ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය මාර්තු මස 31 වැනිදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යං....................
නඩු තීන්දු එකින් එක එළියට එනවා. නීතිය මාරයි. රටට සනීපයි. මම මේ ඊයේ පෙරේදා කිව්වා කට්ටියක් එළියට එනවා කට්ටියක් ඇතුළට යනවා. හරි හෝ වැරදි එයයි දේශපාලන යතාර්ථය... තව නඩු කිහිපයක් තියෙනවා තීන්දු දෙන්න. ඊට පස්සේ අපිට බැරි ඇයි අනික් අයව චූදිතයන් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. 68යි 54යි සනීපද දැන්?
ඡන්ද ප්‍රතිඵල..........
ඔන්න උණු උණු ප්‍රතිඵල එන්න පටන් ගත්තා.
ළඟදීම නඩුවත් ඉවතට...
ජනාධිපතිතුමා කියලා තියෙන්නෙ රට සවාරි යන්න එපා කියලා නේද ? ඉතිං රට ගමන් තහනම ඉවත් කරලා වැඩක් නැහැනේ.
නඩු තීන්දු එකින් එක එලියට එනවා. නීතිය මාරයි. රටට සනීපයි. මම මේ ඊයේ පෙරේදා කිව්වා කට්ටියක් එලියට එනවා කට්ටියක් ඇතුලට යනවා. හරි හෝ වැරදි එයයි දේශපාලන යතාර්ථය. තව නඩු කිහිපයක් තියෙනවා තීන්දු දෙන්න. ඊට පස්සේ අපිට බැරියයි අනික් අයව චුදිතයන් කරලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න. 68යි 54යි සනීපද දැන්?
ඒගොල්ලෝ ගියදෙන් යන්න දෙන්න බැරි අර ජම්පර් අන්දවන්න ගිය කට්ටියටයි. හරිද ?
කොහොමද පොහොට්ටුවේ බල මහිමය. ජයවේවා !!! දිනේවා!!!
මේවට කටින්ද හිනාවෙන්නේ ?
හ්ම්ම් !!! සුපුරුදු වැඩේ ආපහු පටන්ගැනීමේ පෙර නිමිති.
අනේ අපිට නම් ස්විට්සර්ලන්තේ යන්න ඕන නැහැ. අපි මෙහෙම ඉම්මු.
නඩු තීන්දු එකින් එක එලියට එනවා. නීතිය මාරයි. රටට සනීපයි. මම මේ ඊයේ පෙරේදා කිව්වා කට්ටියක් එලියට එනවා කට්ටියක් ඇතුලට යනවා. හරි හෝ වැරදි එයයි දේශපාලන යතාර්ථය. තව නඩු කිහිපයක් තියෙනවා තීන්දු දෙන්න. ඊට පස්සේ අපිට බැරියයි අනික් අයව චුදිතයන් කරලා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න. 68යි 54යි සනීපද දැන්?