ඉරානය සම්බන්ධයෙන් හටගත් අර්බුදකාරී තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවා ප්‍රධානී ඩේවිඩ් බර්නියා ඇමෙරිකාවට පැමිණ ඇත.

ඩේවිඩ් බර්නියා, අමෙරිකාව සහ ඉරානය අතර සෘජු සන්නිවේදන කටයුතු මෙහෙයවන ධවල මන්දිර නියෝජිත ස්ටීව් විට්කොෆ් හමුවීමට නියමිත බව ද පැවැසෙයි.