
(රංජිත් රාජපක්ෂ)
මස්කෙළිය පොලිස් වසමට අයත් මාඋස්සාකැලේ වත්තේ වතු නිවාස පෙලක (17) දින රාත්‍රි 11.30 පමන හටගත් ගින්නකින් නිවාස 8 සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වි ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.
නිවාස 12 කින් සමන්විත එම නිවාස පේළියේ පැතිර යමින් තිබු ගින්න පාලනය කිරීමට වතු කමිකරුවන්,පොලිස් නිලධාරින් සහ මාඋස්‍සාකැලේ යුද හමුදා කඳවුරේ භට පිරිස් සමත්වි ඇත.
ගින්නෙන් කිසිවකුටත් තුවාල සිදුවි නොමැති අතර, ගින්නෙන් විනාශ වු නිවාසවල පදිංචිකරුවන්ගේ පෞද්ගලික බඩුබාහිරාදිය සමිපූර්ණයෙන්ම විනාශ වි ඇත. ගින්නෙන් සිදුවු අලාභය මෙතෙක් තක්සේරු කර නොමැති අතර, ගින්නට හේතුව විදුලි කාන්දුවක් ද යන්න පිළිබඳව පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය කියයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝමයක් වතු නිවාස වල විදුලි සැපයුම් අනාරක්ෂිත අතරම සහ විදුලි උපකරණ සඳහා අනවශ්‍ය විදුලිපේනු සවිකිරීම්ද අනතුරු වලට හේතු විය හැකිය.