(ගාමිණී  බණ්ඩාර ඉලංගන්තිලක සහ රංජිත් රාජපක්ෂ)

මස්කෙළිය, බ්‍රවුන්ලෝ ප්‍රදේශයේදී අද (09) ප.ව. 03.45 ට පමණ ත්‍රීවිල් රථයක් කැබ්‍ රථයක  ගැටීමෙන් ත්‍රීවීල් රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙක් සිද්ධිය වූ ස්ථානයේදීම මිය ගොස්  දෙදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති බව මස්කෙළිය පොලිසිය පවසයි.

මියගොස් ඇති  දෙදෙනා නල්ලතන්නිය,  මරේ තේ වතුයායේ වලදල ප්‍රදේශයේ පදිංචි කරුවන්ය.

අනතුරට පත් මෙම ත්‍රීවිල් රථය මස්කෙළිය ප්‍රදේශයේ සිට නල්ලතන්නිය ප්‍රදේශයට ධාවනය කරමින් තිබියදී කිරි ප්‍රවාහනය කරන කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.

සිද්ධියෙන් මියගිය දෙදෙනාගේ මළ සිරුරු මස්කෙළිය ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති බවත්, අසාධ්‍ය තත්ත්වයේ සිටි තුවාලකරුවන් දෙදෙනා දික් ඔය මූලික රෝහලට ඇතුලත් කළ බව සිද්ධි සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන මස්කෙළිය පොලිසිය පවසයි.

(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)


(ඡායාරූප: ගාමිණී  බණ්ඩාර ඉලංගන්තිලක)