IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


’මාස හයකින් අපරාධ මුළුමනින්ම නැති කරනවා ‘

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )


රටපුරා අපරාධ ක්‍රියාකාරකම් ඉදිරි මාස 6 තුළ සම්පූර්ණයෙන්ම මැඩ පැවැත්වීමට සැලසුම් සකස් කර ඇති බව බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

විදෙස්ගතව සිටින මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් රැසක්  මෙරට  අපරාධ මෙහෙයවන බවට තොරතුරු ලැබී ඇති බව පැවසූ තෙන්නකෝන් මහතා  විවිධ අපරාධවලට සම්බන්ධ  අපරාධකරුවන් කිහිප දෙනකු පසුගිය දිනවල අත්අඩංගුවට ගත් බවද   සඳහන් කළේය

දේශබන්දු තෙන්නකෝන් මහතා මෙසේ පැවසුවේ කොළඹ පැවති උත්සවයකට සහභාගී වෙමිනි.

දකුණු පළාතේ අපරාධ සිද්ධි ගණනාවක් පසුගිය දිනවල සිද්ධවූ බවත් මේ සියල්ල මෙහෙයවා ඇත්තේ විදේශ ගතව සිටින  මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් බවත්  ඔහු කීවේය.

 

 



අදහස් (16)

’මාස හයකින් අපරාධ මුළුමනින්ම නැති කරනවා ‘

Pujitha Monday, 30 October 2023 12:39 PM

රෑට රෑට එක්කන් ගිහින් අහිංසකයෝ ටිකක් මරලා දාල නම් අපරාධ අඩුකරන්න බෑ මහත්තයෝ...

:       12       51

නිශාන්ත Monday, 30 October 2023 12:39 PM

රා මුට්ටියට වැටුණු මීයෙක්...

:       7       51

Shantha - Qatar Monday, 30 October 2023 12:52 PM

වෙනවා නම් ගෞරවාන්විත ප්‍රණාමය ඔබතුමාට...!

:       0       0

Rata Perata Monday, 30 October 2023 12:53 PM

මේවට කොහෙන් හිනාවෙන්නද මන්දා ? අපරාද කරන අයම ඒවා නවත්වනවලු..!

:       0       0

රංබොඩ Monday, 30 October 2023 12:56 PM

මෙව්වා මෙහෙම කිව්ව ගමන් අර පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටිය (සේරම නොවේ) කළබල වෙලා තම හිතවත් පාතාල හිතවතුන් බේරා ගැනීමට අවශ්‍ය පියවර ගනී.

:       3       30

sam Monday, 30 October 2023 01:17 PM

අපොයි, එහෙම කරන්න එපා... එතකොට පොලිසිය වහලා දාන්න වෙයි නේ...!

:       6       39

Aravinda Monarawila Monday, 30 October 2023 01:19 PM

අපරාධකාරයෝ ඔඩොක්කුවේ තියාගෙන, සැමුවෙල්, ඩයස්ගේ චරිතය රඟපානවා.

:       6       45

sachith Monday, 30 October 2023 01:20 PM

"බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති" පට්ටමෙන් මේක කරන්න බෑ. පොලිස්පති වෙන්න ඕනෙමද කියලද කියන්නේ?

:       5       48

Perera Monday, 30 October 2023 01:24 PM

මේ අපරාධ නීත්‍යානුකූල කරන්න වෙන්න ඇති අදහස. එතකොට ඒවා අපරාධ නෙවෙයිනේ...!

:       6       39

de silva Monday, 30 October 2023 01:48 PM

ඔක මාස 6න් කරන්න පුලුවන්නම් , මොකද මෙ පමන කාලයක් නිකන් හිටියෙ දැනට මාස 6 කට කලින් අරම්භ කලා නම් වැඩෙ ඉවරනෙ ?

:       2       32

Amal Monday, 30 October 2023 01:50 PM

අපරාධ ක්‍රියාකාරකම් සියල්ල මෙහෙයවා ඇත්තේ විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්. ඔයාලාට එහෙම දේවල් මෙරට සිට මැඩ පැවැත්වීමට බැරියාව...

:       2       33

C.K..lankaputhra Monday, 30 October 2023 01:56 PM

හරි නිරපරාද කාරයෙක්. අපි දැක්කා 2022 මැයි 9 නිරපරාද කාරයගෙ තරම. ලැජ්ජයි. දන්නෙ පන්දන් අල්ලන්නයි ලොරි ටෝක් දෙන්නයි විතරයි..

:       3       47

නිහාල් Monday, 30 October 2023 03:31 PM

පොලිස්පති පට්ටම ගන්න දැන් කොච්චර කල් ඉඳලා බැලුවද?

:       0       0

ගමේ එකාලා Monday, 30 October 2023 05:32 PM

මොකද දන්නේ නැහැ හදිසියේ මෙහෙම කියන්න හිතුනේ? ඕවා ඉතින් මුල ඉඳලාම කරන්න තිබුණු දේවල්...

:       0       0

Buddika Monday, 30 October 2023 06:20 PM

මෙයා මේ අලුතින් පොලිසියට ආපු කෙනෙක් වගේ. මෙතෙක් කල් හිටියේ පොලිසියේ නෙවේද? හීනෙන් බයවෙලාද? මතක තියාගන්න පාතාලය මර්දනය නොවුනේ පොලිසිය නිසා බව...!

:       0       0

LGP. JATHUNARACHCHI. Tuesday, 31 October 2023 06:31 AM

කවදාවත්ම බෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 132 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site