
(අංජුල මහික වීරරත්න)
මේ වසරේ දෙසැම්බර් සහ 2025 ජනවාරි යන මාස දෙක ඇතුළත ඊශ්‍රායල් රැකියා සඳහා විදේශ ගත වීමට නියමිත පිරිස 1802 ක් බව විදේශ සේවා කාර්යාංශය සදහන් කරයි.
2024.04.13 දින සිට 2024.11.30 දක්වා වන කාලය තුළ ඊශ්‍රායලයේ ඉදිකිරීම් අංශයට රැකියා සඳහා විදෙස් ගත වු පිරිස 4531 ක් වන බව ඊශ්‍රායලය සහ ලංකාව අතර වූ ගිවිසුමට අනුව සදහන් වේ.
එලෙස විදේශ ගත වු පිරිස 2024 පෙබරවාරි මස ස්ථාපනය කරන ලද ඊශ්‍රායල් ඉදිකිරිම් අංශයේ රැකියා ලද රැකියාලාභීන් වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ මිනිස්සු සල්ලි දෙනවා නම් අපායට වුණත් යන්න සූදානම්, ආණ්ඩුවත් විදේශ විනිමය ලැබෙනවා නම් පුරවැසියන් තොග ගණනින් අපායට වුණත් යවන්න පැකිලෙන්නේ නැහැ. නමුත් කොරෝනා වැනි ව්‍යයසනයක් හෝ යුද්දේ වැනි දෙයක් සිදුවෙලා අතරමන් වුනොත් මිනිස්සු නැවත ගෙන්වාගන්න කිසිම ක්‍රමවේදයක් නැහැ. ඔය වැල් වටාරම් කියවන දේශපාලකයන් සහ නිලධරීන් එදාට නැහැ. ඉස්රාලේ සහ ලෝකේ වෙනත් රටවල් එහෙම නැහැ. යම්කිසි රටක තම පුරවැසියාට ඍජුවම හෝ වක්‍ර ආකාරයේ තර්ජනයක් තිබෙනවා නම් ඔවුන් කෙලින්ම එම රටවල් වලට නොයන ලෙස දැනුම් දීමක් කරනවා... හදිසි වියසනේකදී පුරවැසියන් නිරුපද්‍රිතව සිය රට ගෙන්වාගන්න කටයුතු කරනවා.