(යොහාන් භාසුර)
සිමෙන්ති ආනයනකරුවන් සිමෙන්ති මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීමක් ලෙස පෞද්ගලිකව ක්‍රියාත්මක කරන ඉදිකිරීම් මාස තුනකට තාවකාලිකව අත්හිටුව ලෙස ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අප්‍රේල් මස මුල වන රට තුළ ඉදිකිරීම් ව්‍යාපෘති 5000 ක පමණ ක්‍රියාත්මකව තිබුණ ද මේ වන විට එම සියලුම ව්‍යාපෘති අත්හිටුවා ඇති බව කී සුසන්ත ලියනාරච්චි මහතා සිමෙන්ති ආනයනකරුවන් මාස කීපයක් තුළ සිමෙන්ති මිල සියයට 120 කින් ඉහළ දමා ඇති බව ද සඳහන් කළේය.
සිමෙන්ති මිල ඉහළ යෑමේ ගැටලුවට රජය සාධනීය පිළිතුරක් දෙනු ඇතැයි විශ්වාස කළ ද එවැනි පිළිතුරක් නොලැබුණු බවත් එය ප්‍රයෝජනයට ගනිමින් සිමෙන්ති ආනයනකරුවන් අඛණ්ඩව මිල ඉහළ දමමින් සිටින බවත් ලියනාරච්චි මහතා කීය.
රජය සහ ජනතාව ව්‍යාපෘති අත්හිටුව හොත් ආනයනකරුවන්ට සිමෙන්ති අළෙවිකිරීමට නොහැකිව මිල පහළ දැමීමට සිදුවන බව සුසන්ත ලියනාරච්චි මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් එක් එක් පළාත්වල ඉදිවන අපාට්මන්ට්ස් මිලදී ගැනීමට විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් සාමාන්‍යයෙන් උනන්දුවක් දක්වනවා. රට බංකොලොත් කියලා විදේශීය සම්භවයක් ඇති අය මැලිකමක් දැක්වූවද තම රටේ ප්‍රශ්නවලට පුරුදුවී ඇති ලාංකිකයින් තව දුරටත් මේවා ගැන උනන්දුයි. ඒත් රජය සිමෙන්ති මිල ඉහළ දමා ජාවාරම් කරන්නට ඉඩදී ඩොලර් රට වෙත ඒම වළක්වලා. මෝඩකමට බෙහෙත් නෑ වගේම කපටි උපක්‍රමවලට ඉදිකරන්නන් වගේම ලාංකිකයින් තවදුරටත් යට නොවේ...
සිමෙන්ති වැඩ නවත්තන්න..? අනේ මේ... ඔහේලා ගොඩනැගිලි කොන්ත්‍රාත්වලින් හම්බ කරගෙන ගෙවල් හදාගෙන ඇති. නමුත් සාමාන්‍ය මිනිස්සු වන අපි ගෙයක් හදාගන්නේ ජීවිතයටම එකයි. ඒකත් හදාගන්නේ නැතිව පාරට වැටෙන්නද කියන්නේ?
අපි ගෙවල් හදන එක නතර කරලා තමුන්ගෙ ගෙදර එන්නම් නවතින්න... මේ බඩු ගණන් යන විදියට තව මාස තුනක් කල් දැම්මොත් බිත්තිවලට මැටි ගහලා වහලට පොල් අතු තියන්න තමයි වෙන්නේ... දීලා තියෙන බී.ඕ.කිව් එකේ ගානට වැඩ කරගන්න බෑ. බැංකුව ලෝන් එකේ කොටස් නිදහස් කරගන්නේ නෑ. මෙන්න මේවා තමයි මිනිස්සුන්ට තියෙන ප්‍රශ්න... මේ ගොල්ලන් බොරු බයිලා කියනවා...
සිමෙන්තිවලට වත් පාලන මිලක් දමාගන්න බැරි වැඩ කරන විරුවා.., මේවා කියන අයටත් ගෝල්ෆේස් ගෙනැල්ලා මඩුවලිගයෙන් තලන්න ඕනේ...
තව මාස 3 යනකොට තව 500 ක් 1000 ක් වැඩිවෙලා තියෙයි... ඒකෙත් පාඩුව මිනිස්සුන්ට. මේ ගොල්ලෝ කියන ඒවා හොඳ සිහි බුද්ධියෙන් අහන්න ඕනේ...!
ඩොලර් එක වැඩිවෙන වේගෙට අනුව නම් මේ වැඩිවෙන්නේ හරිනම් ඩොලර් එක රුපියල් 500 ක් වෙන්න ඕනෑ. මේ වෙනකොට මේ සිමෙන්ති මිල වැඩිවෙන තරමට...
සිමෙන්ති මාෆියා සංවිධානවලට විරුද්ධව පෙළගැසීම නම් ඉතාමත් කාලෝචිත ක්‍රියාවක්...